Posts

Showing posts with the label Fiction

‘සාහිත්‍ය කන්නද?’ අහපු රටක බදු නැතිව කොහොමද?

Image
  AI Image ”උදාර සංස්කෘතික ජීවිතයක් - සහකම්පනීය ජනතාවක්” ඒ වත්මන් ආණ්ඩුව බලයට පත් කරගැනීමේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ජාතික ජනබලවේගය විසින් ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයට අදාළ කොටසේ තේමා පාඨයයි. සංස්කෘතික මිනිසකු බිහි කිරීම ගැනත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන්ය. මේ වනවිට ඒ අරමුණු කරා යාම සඳහා ආණ්ඩුව තබා ඇති විවිධ පියවර ගැන පමිපෝරි 2ඬ?හන ප‍්‍රචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක වේ. අපගේ අවධානය මේ වනවිට ඉතා අධික පිරිවැයක් දරන්නට සිදුව පොත් ප‍්‍රකාශන කර්මාන්තය පිළිබඳවය. පොත් ප‍්‍රකාශනයට අදාළ කඩදාසි ආනයනය කිරීමට සිදුව ඇති තත්වය තුළ එම කඩදාසිවලට අධික බදු අය කිරීම පොත් ප‍්‍රකාශන කර්මාන්තය පිරිහීමට හේතුවන කරුණකි. අධික මිලක් ඇති පොත් මිලදී ගැනීමට පොදු ජනතාවට ආර්ථික හැකියාවක් නොමැති අතර පාසල් ලිපි ද්‍රව්‍ය පවා අධික මිලකින් යුක්ත නිසා පාසල් අධ්‍යාපනයට ද එය දැඩිව බලපායි. මේ වනවිට රේගුවෙන් නිදහස්වන මුද්‍රණ කඩදාසිවලට 52.4%ක පමණ බදු පැනවෙන අතර ඊට අමතරව පොත් මුද්‍රණය හා බෙදාහැරීම සඳහා වන පිරිවැය හා බදු එක් වූ විට පොත් කියවන්නෙකුට, පාසල් දරුවෙකුට පොතක් මිලයට ගැනීමේ හැකි...

සීලවතී සින්ඩ්‍රෝමයට ප‍්‍රතිකාරය කුමක්ද?

Image
  චන්ද්‍රරත්න බණ්ඩාරගේ ‘සීලවතී සින්ඩ්‍රෝමය’ කෙටිකතා සංග‍්‍රහය 2026 හොඳම කෙටිකතා සංග‍්‍රහය සඳහා වන රජත පුස්තක අවසන් වටයට තෝරාගෙන ඇත. සීලවතී සින්ඩ්‍රෝමය ගැන ලියන්නට අප පෙලඹවූයේ එය සම්මානයකට නිර්දේශ වීම නොවේ. කෘතිය කියැවූ 2025 නොවැම්බරයේ රළ සාමුහිකයේ අප අතර ඒ ගැන සාකච්ඡුාවක් මතු වුවද දිනෙන් දින ඒ ලිවීම ප‍්‍රමාද විය. මෙම ලිපියේදී අපි කෙටිකතා දෙක තුනක් වෙත පමණක් අවධානය යොමු කරමු. මෙහි එන එක කෙටිකතාවක් ගත්තද ඒ පිළිබඳව ලිවිය හැකි දේ බොහෝය. අපි සීලවතී සින්ඩ්‍රෝමය නම් කෙටිකතාව, කෘතියේ නමට භාවිතා වූ කෙටිකතාව වෙත ඒ පිළිබඳව ලියන ලද විචාරයකින් ප‍්‍රවේශ වෙමු. සුමනා විජේරත්න ලේඛිකාව මේ කෘතිය තුළ අන්තර්ගත එනමින්ම යුතු කෙටිකතාව ගැන තැබූ සටහනක ලංකාව අර්ධ වැඩවසම් - අර්ධ ධනේශ්වර - නව යටත්විජිත රාජ්‍යයකි යන මා ඕවාදී න්‍යායික එළඹුම හරහා ආරම්භයක් ගෙන තිබිණි. එහිදී ඇයගේ අවධානය යොමුවී තිබුණේ සීලවතී සහ කතා නායකයා අතර මානව සම්බන්ධයට කුල සාධකය විසින් පනවනු ලබන බාධාවට සහ තවමත් කුල බෙදීම ලංකාවේ ශේෂ වී තිබීමටය. ඇය සිය සටහනේ මෙසේ කියයි.  ”මේ කෘතියේ මම කැමතිම කතාව, ඒ කියන්නේ සීලවතී සින්ඩ්‍රෝමය කියන කතාවෙ තියෙ...

"මායා" මායාව වෙතද, යථාර්ථය වෙතද?

Image
  නදීක ගුරුගේ විසින් රචිත ‘මායා‘‍ නවකතාව පසුගියදා කොළඹදී එළිදැක්විණි. නදීක ගුරුගේ ප‍්‍රකටව ඇත්තේ සංගීතඥයකු හා ගායකයකු ලෙස මිස සාහිත්‍යකරුවෙකු - ලේඛකයෙකු ලෙස නොවේ. එනිසාම ඔහු විසින් නවකතාවක් රචනා කිරීම එක්තරා ආකාරයක විශේෂයකි.  ඔහුගේ විෂය සංගීතය වන නිසාත්, මීට පෙර ඔහු රචනා කළ සංගීත ක්ෂේත‍්‍රයට අයත් ග‍්‍රන්ථ වන ‘ක්ලැරන්සියානු පොප් සංගීතය’ සහ ‘ජෝති එනකං’‍ වැනි කෘති  ඉහළ භාෂා නිපුණතාවක් ප‍්‍රදර්ශනය කර ඇති නිසාත් ඔහුගේ සාහිත්‍ය ශෛලිය රිද්මයානුකූල හා සංගීතමය එකක් වනු ඇතැයි පාඨකයා අපේක්ෂා කිරීම සාධාරණ වේ. අර්නස්ට් හෙමිංවේ විසින් රචිත ‘මහල්ලා සහ මුහුද’ වැනි කෘතියක භාෂාවේ රිද්මය ලාලිත්‍යවත් ලෙස යොදා ඇති අතර, මුහුද සන්සුන්ව ඇති අවස්ථාවේ වාක්‍ය රටාවේ ඇති රිද්මයත්, මුහුද ප‍්‍රචණ්ඩ වන අවස්ථාවේ වාක්‍ය රටාවේ ඇති රිද්මයත් විශ්මයජනක ලෙස වෙනස් වන අතර එම වාක්‍ය රටා රිද්මය මුහුදේ ස්වභාවයට සමාන්තර වේ. ඒ අරුතින් එම කෘතිය සංගීතමය සාහිත්‍ය කෘතියක් ලෙස ගැනීම වරදක් නොවනු ඇත. නදීකගේ ‘මායා’‍ තුළ භාෂාවේ එවැනි රිද්මයක් නැත. එහෙත් එය සිංහල සාහිත්‍යයේ අලූ‍ත්ම අත්හදා බැලීමක් කරයි. ඒ සාහිත්‍යය සමග සංගීතය හ...

දීපචෙල්වන්: ප්‍රශ්නයේ පෙනුම

Image
  අප මෙතෙක් කල් සිතා සිටි ආකාරය වැරදි බවට බොහෝ දෙනා පසුතැවෙන්නට පටන් ගෙන තිබුණේ ‘දීපචෙල්වන් ප‍්‍රදීපන්’ විසින් රචනා කළ පොත් රේගුවෙන් රඳවා ගැනීමෙන් අනතුරුව ඇති වූ සිද්ධි දාමය නිසාය. ඒ සමහරුන්ට තිබුණේ ලංකාවේ පොත් ප‍්‍රකාශනය ගැන හෝ පොත් ආනයනය ගැන තිබුණු සීමාසහිත දැනුම ගැන පශ්චාත්තාපයකි. තවත් අයට තිබුණේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ නීති නොදැන සිටීම ගැන පසුතැවීමකි. වෙනත් සමහරු ප‍්‍රශ්න කළේ ලංකාවේ පවතින මූලික අයිතිවාසිකම් තුළ භාෂණයේ නිදහස වල්බූරු නිදහසක්ද යන්නය. ඒ වෙනුවට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සීමා පනවා ඇති බවත් කැමති කැමති දේවල් ලියන්නට, පොත් පළ කරන්නට නිදහසක් තිබිය යුතු නැති බවත් කියා සිටියේ සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් ලෙස විරාජමානවූවන්මය.  කෙසේ වෙතත්, පසුතැවිල්ල ප‍්‍රකාශ කළ තවත් පිරිසකගේ අදහස වූයේ මෙරටට පොත් ගෙන ඒමේදී සිංහල හෝ ඉංග‍්‍රීසි පොත්වලට වඩා වෙනස් කොට සැළකීමක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන බවක් තමන් නොදැන සිටීම ගැනය. එහෙත් වඩාත් බෙදජනක කාරණයක් වූයේ අඩ සියවසකට වැඩි කාලයක් ජාතිවාදයෙන් මත් කරවන ලදුව දේශපාලන බලය පිණිස වල්මත් කරවන ලදුව, දසක තුනකට වැඩි කාලයක් යුද්ධයකින් පීඩා...

‘ඔන්රිත්’ ඔස්සේ විද්‍යාවට සහ සාහිත්‍යයට...

Image
  ඔන්රිත්’ ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වන වජිර කැලූම් පෙරේරා විසින් රචිත ඔහුගේ තුන්වන විද්‍යා ප‍්‍රබන්ධ කෘතියයි. ඊට පෙර ඔහු ‘බිත්තර යුගය’ හා ‘ටියුල්’ නමින් විද්‍යා ප‍්‍රබන්ධ දෙකක් මුද්‍රණයෙන් නිකුත් කර තිබුණා.  ඇත්තෙන්ම විද්‍යා ප‍්‍රබන්ධයක් කියන්නේ මොකක්ද? විද්‍යා ප‍්‍රබන්ධයක මූලික ලක්ෂණ මොනවාද? එය නිර්වචනය කිරීම ඉතාම අපහසුයි. කාට හෝ කියන්න පුළුවන් විද්‍යාත්මක කරුණු අඩංගු සාහිත්‍ය කෘතියක් විද්‍යා ප‍්‍රබන්ධයක් කියලා. විශිෂ්ට ඉංග‍්‍රීසි ලේඛක ඞී. එච්. ලෝරන්ස් ලියු ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ කෘතිය අසභ්‍ය ප‍්‍රකාශනයක් ලෙස හඳුන්වා ඔහුට එරෙහිව විභාග වූ නඩුවේ අවසාන තීරණය වුණේ හුදු ලිංගික කරුණු අඩංගු වූ පමණින් එය අසභ්‍ය ප‍්‍රකාශනයක් නොවන බව. හුදු ලිංගික කරුණු අඩංගු වූ පමණින් යම් කෘතියක් අසභ්‍ය ප‍්‍රකාශනයක් නොවනවා සේම, හුදු විද්‍යාත්මක කරුණු අඩංගු වූ පමණින් කෘතියක් විද්‍යා ප‍්‍රබන්ධයක් වන්නේද නැහැ. එනිසා විද්‍යා ප‍්‍රබන්ධයක් අර්ථ දැක්වීම දුෂ්කරයි.  විශිෂ්ටතම විද්‍යා ප‍්‍රබන්ධ රචකයකු වන අයිසැක් ඇසිමොව් පවසන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වර්ධනයන්ටත්, අප ඉදිරියේ විවර වන නව විද්‍ය...

රත් වරලැති ලිය: ශිෂ්ටාචාරය වල්මත් කරයිද?

Image
නවකතාවක් ගැඹුරු යැයි කිව හැක්කේ එහි පඨිතය විසින් බහු අරුත් සම්පාදනය කරන තරමටත් ඒ අරුත් විසින් ප්‍රඥා පරිමණ්ඩලය පුළුල් කරන තරමටත්ය.නොබෙල් සම්මානලාභී තුර්කි නවකතාකරු ඔර්හාන් පමුක්ගේ දසවෙනි නවකතාව වූ The Red Haired Woman කෘතියට පසුබිම් වන්නේ ජිම් නම් පුද්ගලයාගේ ජීවන පුවතයි.නමුත් විය යුතු ලෙසම එය කිසියම් එක් පුද්ගලයෙකුගේ ජීවන ප්‍රවෘත්තියක් හෝ ඕපාදූපයක් නොව ගෙවුණු අඩසියවසකට අධික තුර්කියේ සමාජ දේශපාලන සහ සංස්කෘතික පරිණාමයේ හරස්කඩකි.  වාමාංශික දේශපාලනය  ප්‍රමෝදය කරගත් සිය පියා පිළිබද කිසියම් නුරුස්නාවකින් පසුවන ජිම් නම් ගැටවරයාට මහ්මුට් බාසුන්නැහේ නම් පැරණි ළිං කණින්නා හමු⁣වීමෙන් කෘතිය ඇරඹෙයි. ජීව විද්‍යාත්මක පියාගෙන් ලැබිය යුතු යැයි අවිඥාණිකව හෝ කල්පනා කරන ආදරය, දැවටීම, මග පෙන්වීම, ශික්ෂණය ජිම් ලබන්නේ නොපමාවම සිය සංකේතීය පියා බවට රූපාන්තරණය වන මහ්මුට් බාසුන්නැහේගෙනි.ජිම්ගේ ජීවිතයට අදාල ප්‍රබන්ධමය සංසිද්ධීන් ගොඩ නැගෙන්නේ අසූව දශකයෙන් ඇරඹෙන සමාජ සංචලනයන් මධ්‍යයේ පමණක් නොව අයිතිහාසික මිථ්‍යා කතාන්දර සමුදායක් වටාය. මධ්‍යම ආසියාවේ තද අව් රශ්මියෙන් දැවෙන ශූෂ්ක බිම්කඩක ළිඳක් තනා ගැනීමට හයි...

වීසාචක භවයේදීත් මානවීයත්වය රැක ගැනීම

Image
 වැල්ලවත්තේ ‘පෙරියම්මා’ගේ නිවස තමන්ගේ තැනක් කියලා ‘අක්ෂරා’ට කවදාවත් දැනෙන්නෙ නැහැ. ඇගේ ස්වාධීනත්වයේ තටු පෙරියම්මාගේ නීති රීතිවලින් කැපී ගිහින් බොහෝ කල්. එය ආර්ථික ස්වාධීනත්වයක් සතු නොවීමේ ප‍්‍රතිඵලයක්ම නෙවෙයි. ඇය පෙරියම්මාගේ නිවසට කඩා වැටෙන්නේත් ඇය වැන්නියකගෙන් ආර්ථික ප‍්‍රතිලාභ බලාපොරොත්තු විය නොහැකි ළමා වියේදී. එය තමන් ‘දෙමළියක්’ වීම නිසා සිදුවූ අවාසනාවක් බව තේරුම් ගන්නට තරම් ඇය දැනුවත්. දෙමළියක් වීම නිසා පීඩාවට පත් වන්නේ අක්ෂරා පමණකුත් නෙවෙයි. පෙරියම්මාද පෙරලා එහිම නියෝජනයක්. ‘පෙරියප්පා’ කැනඩාවෙදි සුද්දියක්ව කසාද බැඳගන්න  ඕන නිසා පෙරියම්මා දික්කසාද කරනවා. එය තවදුරටත් එකට දීග කන්න බැරි නුරුස්නාවක් නිසා වූවක් නෙවෙයි. කැනඩාවේ පුරවැසිබාවය රැුගෙන සිය පුතුන්ද එහි ගෙන්වා ගන්නට ඊට වඩා වෙනත් හො`ද ක‍්‍රමයක් පෙරියප්පාට හමුවන්නේ නැහැ. ඒ යථාර්ථය උපේක්ෂාවෙන් දරා ගන්නා පෙරියම්මා ගේ පීඩාව අක්ෂරාට නොපෙනෙනවා නෙවෙයි. දෙමළියක් වීම නිසා අක්ෂරාට අහිමි වන්නේ යෙෘවනයේ ප‍්‍රීති ප‍්‍රමෝදය පමණක් නෙවෙයි. ඇයට ඇගේ මව අහිමි වෙනවා. ඇය දන්නෙ බෝම්බයකට හසු වීමෙන් ඇගේ කෑලිවත් හමු නොවූ බවයි. අතක් අහිමි වූ එල්ටී...

වැහි පීල්ලක අතරමංව - වංකගිරියක අතරමං වූ සමාජය පෙන්වන කැඩපතක් !

Image
  2025 වසරේ ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන පිළිබඳ මේ වනවිටත් ඉතාම බරපතළ සංවාදයක් හටගෙන තිබෙනවා. ඒ මේ වනවිට වෙනත් සම්මාන උළෙලක සම්මානයක් ලැබූ කෘති සම්මාන විනිශ්චයෙන් ඉවත් කිරීමට පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය තීරණය කිරීම නිසා. මීට පෙර ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන සඳහා එවැනි සීමාවක් තිබුණේ නෑ. නිදසුනක් ලෙස 2024 රජත පුස්තක සම්මානය දිනු සමිත බී. අටුවබන්දෑලගේ ‘හිත හදාගත් කෙනෙක්’ ඊට පෙර ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග‍්‍රාහී කෘතිය. 2023 රජත පුස්තක හොඳම යොවුන් නවකතාව සම්මානය ලැබූ කසුන් සමරතුංගගේ ‘ජා ජා ඩිං‍’ 2022 ගොඩගේ අත් පිටපත් තරඟයේ හොඳම යොවුන් කෘතිය. 2023 ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු චමිල් හර්ෂණගේ ‘සිරසාලාවන්‍යා‍’ කෘතිය ගම්පහ බණ්ඩාරනායක පුස්තකාල සම්මාන උළෙලේ සම්මානයට පාත‍්‍ර වූ කෘතියක්. මෙවැනි උදාහරණ ගණනාවක් කියන්න පුළුවන්. නමුත් මේ ලිපියේ අරමුණ පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ අර්බුදකාරී තීරණ ගැන කතා කරන එක නෙවෙයි. අප පසුගිය ‘රළ’ කලාපයේ සාකච්ඡුාවට බඳුන් කළ සමිත බී. අටුවබන්දෑලගේ ‘වනිගසේකර තිත් මුවෙක්’ කෘතිය ඇතුළුව ගයනි ගුරුගේගේ ‘පලායමි, එන්න එලියට‍’, ශ‍්‍රිලානි ප‍්‍රනාන්දුගේ ‘මම  වුය...

විප්ලවය පසුපස පිහියා දුසිමක්!

Image
  සියවසකට පසු ලෙනින් - ඔහුගේ කලා විචාර දෘෂ්ටිය පිළිබඳ ඉඟියක්.... 1924 ජනවාරි 21 වැනිදා ව්ලැදිමීර් ඉලීච් උල්යානොව්, එනම්, ලෙනින් අභාවයට පත් විය. මේ ජනවාරි 24 වැනිදාට ඔහුගේ මරණයෙන් සියවසක් ඉකුත් වේ. ලෙනින්ගේ සමස්ත භූමිකාව පැරණි, පසුගාමී රුසියාව නූතන ලෝකයට කැඳවීමේ සමාජ පරිවර්තනයකට පණ පෙවීමේ පුරෝගාමී කාර්යය ලෙස ඇගයෙන අතර ‘රළ‘ අතිරේකය ලෙස අප මෙහි උත්සාහ කරන්නේ ලෙනින් කලාව පිළිබඳ දැක්වූ අදහස් සමාලෝචනය කරන්නටය. 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයට පසුව, විප්ලවය නිසාම කලාවට, කලාකරුවන්ට හා රුසියානු කලාගාරවල ඇති කලා කෘතිවලට මහත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාව ඇති බවටත් විනාශයක් වෙමින් පවතින බවටත් විවේචන එවකට යුරෝපය මුල් කර ගත් ධනපති ප්‍රචාරක මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. නමුත් ඇත්ත තත්වය වූයේ පූර්ව විප්ලව රුසියාවේ කලාව හා සාහිත්‍ය ආරක්ෂා කරන්නටත් ඒ ඇසුරු කරමින් ‘අනාගත ලෝකයේ  සංස්කෘතිය පෝෂණය කරන්නටත්’ රුසියානු කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දුන් බවය.   අප මෙහිදී උපුටා දක්වන්නේ සුචරිත ගම්ලත් විසින් ලියා පළ කළ ‘බොල්ෂෙවික්වාදය හා සාහිත්‍යකලා‘ කෘතියෙනි.  “විප්ලවය මෙතෙක් බන්ධන අඩස්සියේ සි...

කැළලිකාරයෝ - පශ්චාත් කැරලිකාර සමාජයක අලුතින් මතුවන කැළලි

Image
ඓතිහාසිකත්වය’ යනු යථාර්ථවාදී සාහිත්‍ය රීතියේ දී මග හැර යා නො හැකි යථාර්ථයකි. එබඳු යථාර්ථවාදී රීතියකින් සිදු වනුයේ කිසියම් නිශ්චිත යුගයක හා ප්‍රදේශයක මිනිස් සබඳතා ප්‍රතිනිර්මාණය කිරීම යි. එනයින් එබඳු නවකතාවක් ඓතිහාසික යථාර්ථවාදී නවකතාවක් ලෙස හැඳින්විය හැකිය. ඩබ්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටෙනිසන් පෙරේරා, ගුණදාස අමරසේකර මෙන් ම එරික් ඉලයප්ආරච්චි ද එබඳු ඓතිහාසික යථාර්ථවාදී නවකතා රචනා කර ඇත. එහෙත් ‘ඉතිහාසය’ යනුවෙන් වෙන ම විෂයක් තිබිය දී මිනිසාට ඓතිහාසික යථාර්ථවාදී සාහිත්‍යයක් අවශ්‍ය වූයේ ඇයි ද, යන තීරණාත්මක ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු දීමට උක්ත ලේඛකයන් එතරම් උනන්දු වූ බවක් ඔවුන්ගේ නවකතාවන්ගෙන් දිස් වන්නේ නැත. ඔවුන් අතරින් ඒ සඳහා යම් මැදිහත් වීමක් සිදු කර ඇත්තේ එරික් පමණක් බව පැවසිය හැකිය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ලංකාවේ රචනා වූ බොහෝ ඓතිහාසික නවකතාවන්ගෙන්, ලංකාවේ රචනා වී ඇති ‘ඉතිහාස කතාවෙහි’ දක්නට ලැබෙන ‘ප්‍රබන්ධයට’ වඩා ප්‍රබන්ධමය යථාර්ථයක් දක්නට නො ලැබීම යි. ෆ්‍රාන්ස් කෆ්කා හෝ ජේම්ස් ජොයිස් බඳු නවකතාකරුවකු ඉතිහාසය සමග ගනුදෙනු කරන ආකාරය සමඟ සැසඳීමේ දී ලංකාවේ ඓතිහාසික යථාර්ථවාදය නතර වී ...

ඉතිහාසය විසින් කතුවරයා දඩයම් කිරීම - 'ප්‍රේමානිශංස'

Image
සිංහල යව්වනයෙකුගේත් දමිළ යව්වනියකගේත් දෛවෝපගත හමුවීම, ජාතික ගැටලුව ප්‍රස්තුත කරගත් සිංහල නවකතාව විෂයෙහි සුලබ ආඛ්‍යාන උපායකි.එවැනි නවකතා අනුදත් වට්ටෝරුගත සන්දර්භයෙන් ‘ප්‍රේමානිශංස’ මිදී ඇත්තේ කතුවරයාගේ තියුණු චරිත වරණයන් ගේ පංති පසුබිම නිසාය.මෙතෙක් මෙබඳු නවකතා ඇසුරේ පාඨකයාට සම්මුඛ වු පීඩිත පාංතික හෝ පහල මැද පාංතික චරිත වෙනුවට මෙහිදී අප හමුවන්නේ ප්‍රභූ තරුණයෙකි. තරුණියකි. චරිතයන් හි මෙකී පංතිමය ස්වරූපය නිසා කතුවරයාට ලැබී ඇති අමතර වාසිය නම්, මෙතෙක් කිසිවෙකු අත නොගැසූ නොඉදුල් කලාපයකට පාඨකයා කැදවාගෙන යාමට සමත් වීමය. සිංහල දෙමල වර්ගීකරණයකින් තොරව අපගේ යුගයේ යව්වනයට මුහුණ පාන්නට සිදු වී ඇති ආර්ථිකමය ව්‍යසනයේ පීඩාකාරීත්වයෙන් මේ දෙපළ නිදහස්ය. එනිසාම අධ්‍යාත්මික අවශ්‍යතා සහ අනන්‍යතා ගවේෂණය කිරීමේ ඉස්පාසුව ඔවුන් සතු ය. සයුරුටත් නිරූටත් පුරාවිද්‍යාව පිළිබදව වන ප්‍රබෝධය ඉතිහාසය අරභයා වන ලාලසාවම නොවේ. ඔවුහු කිසිවක් සොයා යති. සිය පරිපූර්ණත්වය සාක්ෂාත් කර ගත හැකි යැයි ඔවුහු දැනට අනුමාන කරන යමකි ඒ. ඉතිහාසය පෑරීමෙන් සයුරු සොයා ගන්නා අනභිබවනීය උරුමයක් නැත.ඔහු වනාහී දේශීය කොම්ප්‍රදෝරු ධනේෂ්වරයේ නූතන නියෝජ...

සාංදෘෂ්ටිකවාදය ඇසුරින් ‘මුක්ති’ නවකතාව කියවීමක්

Image
“ඔබ ඔබගේ සියලු ආවේණික ලක්ෂණ, සියලු නියත අවශ්‍යතා, රුචිකත්වයන් සහ විශ්වාස පසෙක ලූ විට ඉතිරි වන්නේ, විෂයයි. විෂය යනු පෞද්ගලික සහ ඔබට ආවේණික හැඩගැන්වීම් කරන සාරයට එරෙහි ඔබගේ විඥානයේ මාදිලියයි.”    - ස්ලැවොජ් ජිජැක් විෂය මග ගනුදෙනු කිරීමේදී සාහිත්‍යකරුවන් හැසිරෙන ආකාර හා ප්‍රාකාර අතර සංදෘෂ්ටිකවාදී  (Existentialist)  ගනුදෙනුව පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය කරනුයේ නියත වශයෙන්ම සෝමරත්න බාලසූරියගේ ‘මුක්ති’ නවකතාව (2020 පළමු මුද්‍රණය) එබඳු ගනුදෙනුවක ප්‍රතිඵලයක් වන බැවිනි. සාංදෘෂ්ටිකවාදී සාහිත්‍ය (භවසත්තාවාදී සාහිත්‍ය / අස්තිත්වවාදී සාහිත්‍ය)  හඳුනාගැනීමේ මූලික ප්‍රවේශයක් ලෙස විහිදී කේ.කේ. සමන් කුමාරගේ ‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’ යන සිද්ධාන්ත කෝෂය භාවිත කළ හැකිය. “සාරයක් ආදේශ කිරීම කෙරෙහි නැඹුරුවීම් ද දක්නට හැකිය. එසේ නොවේ නම් පැවැත්ම සාරයට ප්‍රාථමික බව උපේක්ෂාසහගතව පසක් කරයි. යථාර්ථවාදයේ ආ තත්ත්ව ස්වාරෝපිත ඒකීය චරිත නිරූපණය, සහේතුක විකාශනය හා මොවුන්ගේ පරාරෝපිත චරිත, අරමුණු වටිනාකම් හරයන්ගෙන් තොර පැවැත්ම විෂයකොට ගැනීම ක්ෂණ භංගුර සිදුවීම්, හේතූන්ගේ අහේතුක බව නොගැළපිණි.” (කේ.කේ....