Posts

Showing posts from October, 2019

සැහැල්ලූ කියවීමක සැනසීම වෙනුවට බැරෑරුම් කියවීමක වගවීම!

Image
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ‘රළ‘ කලාපයෙහි එරික් ඉලයප්ආරච්චිගේ ‘රතු පළස’ නවකතාව පිළිබඳ අපගේ විචාරය ‘විමුක්ති දේශපාලනයේ උගුරේ හිරවෙන මාළු කටු’ මැයෙන් සනිටුහන් විය. දැන් මෙවර සැප්තැම්බර් රළ කලාපයේ ඔහුගේ අලුත්ම නවකතාව වූ ‘පේත’ පිළිබඳ අපගේ විචාරය සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.  පේත, රතු පළස නවකතාවේ දිගුවක් ලෙස ගැනිය හැකි කෘතියකි. රතු පළස වූ කලී 70 දශකයේ මැද භාගයේ සිට ‘ජනතා විමුක්ති දේශපාලනයේ’ ඓතිහාසික ගමන් මඟ, තියුණු කලාත්මක සංකල්ප රූප පද්ධතියකට හසු කර ගන්නා, හුදු ඓතිහාසිකකරණයේ සීමා අතික‍්‍රමණය කරන නවකතාවකි. ඒ අතික‍්‍රමණය කිරීම කතුවරයා විසින් සිදු කරනුයේ හුදු ‘ඓතිහාසිකකරණය’ වෙනුවට, ඓතිහාසික භෞතිකවාදී ප‍්‍රවේශයක් අනුගමනය කිරීමෙනි. ඒ අනුව අඛණ්ඩව ගලායන ඉතිහාසයක් වෙනුවට නවකතාව තුළ අපට හමු වනුයේ, ‘නවකතාව - සැබෑ ලෝකය -   නවකතාව’ ලෙස යළි ඒ වෙතටම ප‍්‍රත්‍යාවර්තනය වන සර්පිලාකාර ඉතිහාසයකි. ඒ අනුව රතු පළස නවකතාව මඟින් කතුවරයා, උතුරේ පීඩිත ජාතීන්ගේ අරගලයේ ‘උගුරේ හිරවෙන කටුව’ (දිරවා ගත නොහැකි යම* ලෙස පීඩිත මුසල් මානුවාගේ පැවැත්ම ද, දකුණේ වාමාංශයේ ‘කකුලේ පැටලෙන රැුහැන’ ලෙස පීඩිත දෙමළ ජනයාගේ නිදහස ප