Posts

Showing posts from July, 2022

සොරකම් කළ ජීවිතය සොයන සොරුන්ගේ කතාව Shoplifters

Image
  අපි මේ ගතකරමින් සිටිනුයේ දෙදහස් පන්සිය වසරක මොකක්දෝ අභිමානයක් කර ගසාගෙන, ඒ අභිමානවත් රටින් තොලොන්චි වී යාමට මිනිසුන් දස අතේ මං සොයන සමයකයි. තෙල් පෝලිම් ගෑස් පෝලිම් පමණක් නොව පාස්පෝට් පෝලිම්ද දැන් අපට හමුවෙයි. මේ ‘පිං බිමෙන්’ යන්නට ලැබෙනවා නම් බෝට්ටුවකින් සෝමාලියාවට හෝ කම් නැති බව මිනිසුන්ගේ මතයයි. මේ රට හැර යාමට මගක් හොයන තරුණයන්ගේ සිහින ගමනාන්තයන් අතරින් මුල් පෙළේ රැඳෙනා රටකි ජපානය. ලොව ‘කඩිසරම’, ‘හැම විටම සිනා මුසු මුහුණින් සිටින’ මිනිසුන්ගෙන් පිරි ලොව ‘සංවර්ධිතම’ රටක් ලෙස සැලකෙන ජපානයට පැන ගැනීමට හැකි නම් ජීවිතයේ සියලු ගැටලු විසඳේවි යැයි අපි විශ්වාස කරන්නෙමු. ඒ පිවිතුරු ජපන් සිහිනය හැඩිකරන චිත්‍රපටයකි, සොරකම් කළ ජීවිතය සොයන සොරුන්ගේ කතාව Shoplifters. සමාජයේ ඕනෑම දෙයක ජනප්‍රිය මතය හෝ අප මතුපිටින් දකිනා දෙය බොහෝ විට යථාර්ථයෙන් ඉදුරාම වෙනස් වෙයි. එම යථාර්ථය බොහෝ විට අප දැකීමට අකමැති දෙය වෙයි. නමුත් අපට මගහැර යා නොහැකි දේ වන්නේද එයමය. එය කෙබඳුද යත් කහ ඇඳුම් ඇඳන් ක්‍රිකට් මැච් බැලීමට ගියත් තෙල් පෝලිමේ සිටීමට සිදුවෙනවා වැනිය. කලාව හෝ සිනමාව මගින් සිදුකල යුත්තේ මෙයයි හෝ සිදුකරනුයේ මෙයයි

"පිට දීප දේශ ජය ගත්තා"

Image
  ගායනය - ලක්ෂ්මී බායි පද - ඩබ්.ඩී. මර්සිලීන් ඇල්බට්  මේ සැරේ අපි කතා කරන්න තෝර ගත්තෙ ටිකක් පරණ සින්දුවක්. ටිකක් කිව්වට මේ සින්දුව තැටි ගත වෙලා තියෙන්නෙ 1939. ඒ සින්දුව නිර්මාණය වෙන්නෙ 1937 තිර ගත වෙච්ච ‘චින්තාමණි’ කියන ද්‍රවිඩ චිත්‍රපටයේ ‘අස්වත්තම්මා’ විසින් රඟමින් ගයන ‘දිවා දර්ශනම්’ කියන සින්දුවේ තනුව ඇසුරින්. ඉහළ නම් දක්වලා තියෙන තැන ‘සංගීතය’ කියලා දක්වලා නැත්තෙ ඒ නිසා. සින්දුව ඇතුළත් ග්‍රැමෆෝන් තැටියෙ ලේබලයේ පවා මේ සින්දු හඳුන්වලා තියෙන්නෙ ‘චින්තාමණි රාගයක’ ඇසුරින් කළ සින්දුවක් විදියට. පහළ තියෙන්නෙ ලේබලයේ තිබුණ සටහන.  “සිංහල වේදිකාවේ චින්තාමණි ලෙස ජනතාවගෙන් නොයෙක්වර ප්‍රශංසා ලැබූ ලක්ෂ්මි බායි නෝනා මහත්මී විසින් ගයන චින්තාමණි රාගතාල ඇසුරින් නිපදවූ අලුත්ම සින්දු දෙකක් ඔබතුමන්ලා සියලුදෙනා විසින් ඇසිය යුතුමය.” ලංකාව අධිරාජ්‍යවාදී පාලනයකට ඍජුව යටත් වෙලා තිබ්බ කාලෙ මේ වගේ අදහස් තියෙන රචනා සෑහෙන බිහි වෙලා තියෙනවා. කොළඹ යුගයේ පළමු තරංගය නියෝජනය කළ කවීන් අතින් බහුලව ම ලියවුණේ මේ වගේ කවි. මේ වගේ කවිවල තිබ්බ පොදු ලක්ෂණයක් තමයි අතීත ලංකාවෙ පැවති ශ්‍රී විභූතිය හා සශ්‍රීකත්වය වර්ණනා කරමින් සමකාල

සාංදෘෂ්ටිකවාදය ඇසුරින් ‘මුක්ති’ නවකතාව කියවීමක්

Image
“ඔබ ඔබගේ සියලු ආවේණික ලක්ෂණ, සියලු නියත අවශ්‍යතා, රුචිකත්වයන් සහ විශ්වාස පසෙක ලූ විට ඉතිරි වන්නේ, විෂයයි. විෂය යනු පෞද්ගලික සහ ඔබට ආවේණික හැඩගැන්වීම් කරන සාරයට එරෙහි ඔබගේ විඥානයේ මාදිලියයි.”    - ස්ලැවොජ් ජිජැක් විෂය මග ගනුදෙනු කිරීමේදී සාහිත්‍යකරුවන් හැසිරෙන ආකාර හා ප්‍රාකාර අතර සංදෘෂ්ටිකවාදී  (Existentialist)  ගනුදෙනුව පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය කරනුයේ නියත වශයෙන්ම සෝමරත්න බාලසූරියගේ ‘මුක්ති’ නවකතාව (2020 පළමු මුද්‍රණය) එබඳු ගනුදෙනුවක ප්‍රතිඵලයක් වන බැවිනි. සාංදෘෂ්ටිකවාදී සාහිත්‍ය (භවසත්තාවාදී සාහිත්‍ය / අස්තිත්වවාදී සාහිත්‍ය)  හඳුනාගැනීමේ මූලික ප්‍රවේශයක් ලෙස විහිදී කේ.කේ. සමන් කුමාරගේ ‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’ යන සිද්ධාන්ත කෝෂය භාවිත කළ හැකිය. “සාරයක් ආදේශ කිරීම කෙරෙහි නැඹුරුවීම් ද දක්නට හැකිය. එසේ නොවේ නම් පැවැත්ම සාරයට ප්‍රාථමික බව උපේක්ෂාසහගතව පසක් කරයි. යථාර්ථවාදයේ ආ තත්ත්ව ස්වාරෝපිත ඒකීය චරිත නිරූපණය, සහේතුක විකාශනය හා මොවුන්ගේ පරාරෝපිත චරිත, අරමුණු වටිනාකම් හරයන්ගෙන් තොර පැවැත්ම විෂයකොට ගැනීම ක්ෂණ භංගුර සිදුවීම්, හේතූන්ගේ අහේතුක බව නොගැළපිණි.” (කේ.කේ. සමන් කුමාර,  නූතනවාදය හ