Posts

Showing posts from January, 2020

මනෝ - ඔහුගේ කලාව සහ දේශපාලනය

Image
මනෝරත්නට සමුදීම ජයලත් මනෝරත්න කලාකරුවා අප අතරින් සමුගැනීම නිමිති කරගෙන මෙවර ‘රළ‘ ඉඩකඩ මුළුමනින්ම ඔහුගේ කලා භාවිතය ගැන කියැවීමක් සඳහා වෙන් කරන්නට අපි තීරණය කළා. මෙය හුදු මනෝරත්න පිළිබඳ කියැවීමකට වඩා සමකාලීන දේශපාලන ගැටලූ පිළිබඳවද වන කියැවීමක්. මනෝරත්නගේ වේදිකා නාට්‍ය තුළ පොදු තේමාවක් ලෙස ධනේශ්වර ක‍්‍රමය විසින් කලාවට සහ කලාකරුවාට අත්පත් කරදෙන සෝචනීය ඉරණම ඔහු විසින් තෝරා ගැනීම මෙහිදී අපගේ අවධානයට ලක් වුණා. නමුත් ඒ විවේචනය ඉදිරිපත් කිරීමේදී සහ එම අර්බුදයට විකල්පයක් නිර්මාණය කර ගැනීමේදී මේ විශිෂ්ඨ නිර්මාණකරුවා සමාජමය සීමාවක සිර වුණා. ඒ සීමාව ග‍්‍රාමීය සම්භවයක් සහිත සුළු ධනේශ්වරය සහ පාලක ධනේශ්වර පන්තිය අතර සන්ධානයත්, එම සන්ධානය විසින් ග‍්‍රාමීය පීඩිතයා වෙත පටවා ඇති ආධිපත්‍යයත් සමග සම්බන්ධයි. ජයලත් මනෝරත්න පමණක් නොව අපේ යුගයේ කලාකරුවන් මේ සීමාව තුළ සිරව සිටිනවා. කලාව පමණක් නොව සමකාලීන දේශපාලනය පවා විසඳාගත යුතු මූලික ගැටලූ අතර මෙකී සුළු ධනේශ්වර ලෝක දැක්ම පිළිබඳ ගැටලූව තිබෙනවා.  අපි ජයලත් මනෝරත්නගේ භෞතික කයට සමුදීමට සූදානම් නමුත් ඔහුගේ සමස්ත ජීවිතයේ කලා භාවිතය තුළ මතු කරනු ලැබූ ගැටලූවල

කළ නොහැකි දේ කිරීමේ අනුරාගය Flight of the Phoenix

Image
ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වූ නොවැම්බර් 17 වනදා රාත‍්‍රියේ ජාතික රූපවාහිනියේ සිංහල උපසිරැසි සහිතව හොලිවුඩ් චිත‍්‍රපටයක් විකාශනය වුනා. ඒ ජෝන් මුවර් විසින් අධ්‍යක්ෂණය කළ 2004දී තිරගත් වූ චිත‍්‍රපටයක් වන ‘ෆීනික්ස් ගුවන්ගත කිරීම’ හෙවත්  Flight of the Phoenix චිත‍්‍රපටය. එහි කතා සාරය වෙන්නේ ගුවන් අනතුරකට ලක්ව දිවි බේරා ගත් පිරිසකගේ ගැලවීමේ මෙහෙයුමක්. චීනය සහ මොන්ගෝලියාව වසා පැතිර තිබෙන ආසියාවේ විශාලතම කාන්තාරය වන ගෝබි කාන්තාරයේ පිහිටි තෙල් ළිඳක් වසා දැමීමෙන් පසු එහි සේවය කළ අමෙරිකානුවන් පිරිස ගුවන් මඟින් චීනය බලා පිටත් වෙනවා. ඔවුන්ගේ ගුවන් යානය ගෙනයා හැකි ප‍්‍රමාණයට වඩා වැඩි බරක් රැුගෙන යන අතරම එය කාන්තාරය මැදින් යද්දී වැලි කුනාටුවකට හසු වෙනවා. වැලි කුනාටුව නිසා ගුවන් යානයේ එන්ජින් දෙකෙන් එකක් ක‍්‍රියා විරහිත වෙනවා. ඒ වගේම එහි අවර පෙති සහ බඳට හානි සිදු වෙනවා. පාලනයක් නොමැතිව ගමන් ගන්නා ගුවන් යානය කාන්තාරයේ ගල් කුලක ගැටීමෙන් එහි පිටුපස කොටස මුළුමනින්ම වාගේ විනාශ වෙනවා. මේ අනතුරුවලදී කිහිප දෙනෙක් මිය ගියත් යානයේ නියමු ෆ‍්‍රෑන්ක් ටවුන්ස් සහ සහය නියමු ඒ.ජේ. යානය කාන්තාරය මැදට ගොඩ බස්වන