Posts

Showing posts from September, 2022

වසරේ ජනප්‍රිය කෘතිය

Image
  සැප්තැම්බරය සාහිත්‍ය මාසයයි. පොත් එළි දැක්වීම්, පොත් ප්‍රදර්ශන හා සාහිත්‍ය සංවාද වැනි සාහිත්‍ය මාසයේ සුපුරුදු අංගවලින් මෙවර සාහිත්‍ය මාසය තොර විය. ඒ මීට මාස කිහිපයකට කලින් උත්සන්න වූ ආර්ථික අර්බුදය විසින් ඒ සියල්ල පිසදා හැර ඇති බැවිනි.  රුපියලේ අගය සීග්‍රයෙන් පහළ වැටීම මත, කඩදාසි ආනයනය සම්පූර්ණයෙන් ඇණහිට ඇති බැවින් මෙවර සාහිත්‍ය මාසයේ සාහිත්‍යයෙන් තොර විය, පොත්වලින් තොර විය. ඒ නිසාම සාහිත්‍ය සංවාද පොත් එළිදැක්වීම් ආදියද නොමැති විය. ආහාර හා තෙල් මිලෙහි සීග්‍ර ඉහළ යාම විසින් සාහිත්‍ය කෙරෙහි වන පොදු ජන අවධානයද බිංදුවටම සින්දා සමනු ලැබීය. මෙම ආර්ථික අර්බුදය විසින් උග්‍ර කරන ලද ළමා මන්දපෝෂණයේ අනාගත බලපෑම මේ වනවිටත් ගනන් බලා ඇත. එහෙත්, ආර්ථික අර්බුදය විසින් කෙසඟ කරන ලද සංස්කෘතික ජීවිතයේ අනාගත පල විපාක ගණන් බැලීමට නොහැකි වන තරම්ය.   මේ තත්වය යටතේ සීවට් ජොන්සන් :න්‍ග ීැඅ්රා න්‍දයබිදබ*ගේ ‘බෙස්ට්සෙලර්‘ :ඊැිඑ ීැකකැර * මූර්තිය මෙවර ‘රළ’ සඟරාවේ මුල් පිටුව තුළ අප ස්ථානගත කරනුයේ එම කෘතිය පිළිබඳ නව අර්ථකතනයක් ලෙසිනි. පැරණි අර්ථයෙහි සාහිත්‍ය වෙළඳපොළ තුළ වසරේ වැඩියෙන්ම අලෙවි වන කෘති, පාඨක අධ්‍යාත්මය ප

ජීවිතයෙන් පෙත්තක් අත් හරිනු රිසි "හත් පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්"

Image
( ප්‍රගීතිකා ජයසේකරගේ "හත් පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්" කාව්‍ය සංග්‍රහය පිළිබඳ විමසුමක්) සේකර ට “ගම අමතකයි” කියා ලියන්නට සිදු වූවේ අග නගරයට සේන්දු වූ පසුවය. එක අතකට කිසිසේත්ම කාර්මික නොවූ කොදෙව්වක ගම අමතක යැයි ලිවීම විහිළුවකි. ලංකාවම ගම්මානයක් බැවිනි. අපේ පරම්පරාවේ බොහෝ කවි කිවිඳියන්ට කෘෂි ගම්මානය කෙරෙහි වෛරයක් හෝ පිළිකුළක් නැත. ඇත්තේ ආලයකි. ඇතැමකු ඒ ආලය රොමෑන්තිකකරණය කරමින් ගම කල්පිතයකට පෙරලන අතර තවෙකෙකු අතීතයෙන් ශේෂ වූ මතක සාංකාවක දැවටෙති. ප්‍රගීතිකා අයත් වන්නේ මෙන්න මේ දෙවන කොටසටය. කරල් ඇහිලූ පැටි ගිරා විය හා පිනුම් ඉපනැලි පවන් රොද සිනිඳු වුව කෙළි නැටුම් කෙළවර රිදුම් දුන් කාටුවකි මතකය (තෘණ මල් මතකය, පි,22) ජීවිතය නම් සන්තතිය ඉසියුම් ස්මරණයන්ගෙන් නොතොර තැනක් නොවේ. එවන් ස්මරණයන් තුළ හැම විටම ගැබ් වන්නේ ඉසියුම් සංවේදනා රැසකි. මේ වනාහී “අතීතකාමය” නම් රෝගී තත්වයයැයි සිතා නිග්‍රහ කළ යුත්තක් නොවේ. ප්‍රගීතිකා ජයසේකරගේ කවි තුළ අපට මුණ ගැසෙන්නේ අතීතය පිළිබද ආසාවකට වඩා අතීතය පිළිබඳව සාංකාවකි. ඒ සාංකාව වඩාත් තීව්‍ර වන්නේ සියුම් ඉමිහිරිතා කිසිවකට වර්තමාන සංකීර්ණ සමාජ මොහොත විසින් අවකා

"රැලි රැලි මුහුදු වෙරළේ!"

Image
ගායනය / පද / සංගීතය - චින්තක ගීතදේව අපි මේ පාර තෝරගත්ත ගීතයට එළඹෙන්න කලින් වෙන කතාවක් කියල ඉන්න හිතුණා. ඒක පර්යන්තයේ ගමක මහජන අවකාශයේ සිද්ධ වෙච්ච කතාවක්.  එතන ගීතෙගෙ “ටයිටැනික්”‍ සින්දුව වාදනය වෙමින් තිබුණා. තරුණ පිරිමි ළමයෙක් ඒ සින්දුව අහගෙන අතරමං වෙලා වගේ හිටියා. මේ කොළම ලියන ලේඛකයා හිතං හිටියෙ සින්දුව දරුණු විදියට මිනිහට බලපෑම් කරලා කියලා. එකපාරට ම මේ තරුණයා මෙහෙම ඇහුවා.  “මොනවද මේ කියන්නෙ ? ටයිටැනික් නැව ඇත්තට ම ගිළුණෙ නැද්ද ? මට පිස්සු වගේ ඕයි....”‍  අපි මේ කතාව මෙතන සඳහන් කළේ අපි මේ ජීවත් වෙන්නෙ, ගීතෙ “ටයිටැනික් නැව ගිළුණෙ නෑ...”‍ කියලා ගයද්දි ඒක අහන්න ඉන්න සමාජය කොයි වගේ එකක් ද, කියලා පොඩි අදහසක් ගන්න. ඒ සමාජයේ අතිබහුතරය “උත්ප්‍රාසය”‍ වගේ සාහිත්‍ය මෙවළමක් පරිග්‍රහණය කර ගන්න බැරි මිනිස්සු. ඒ අතර වැඩි හරිය තරුණයන්. තමන්ගෙ මුළු ජීවිතය ම උත්ප්‍රාසයක් වුණා ම මිනිස්සු සින්දුවල උත්ප්‍රාසය හොයන්නෙ නෑ. ඒ වෙනුවට මිනිස්සුන්ට ඕන ඇහෙනකොට ම ඇතුළු වෙන්න පුළුවන් සින්දු.  විකල්ප සංගීතය හා ගීතය මත පැටවිලා තියෙන බරපතළ දේශපාලනික හා සෞන්දර්යමය අභියෝග අතර මෙන්න මේ අසන්නිය ගුණාත්මක පරිවර්තනයකට ලක් කිර

සත්‍ය වසන් කරන්නට මැවූ ව්‍යාජ සතුරන්ගේ කථාව 'The Sea Beast'

Image
ඉතිහාසය පුරාවට අපට විවිධ සතුරන් සිටින ලදී. විදෙස් ආක්‍රමණිකයන්, තමිල් ජනතාව ආදී ලෙස විවිධ කාලවල විවිධ සතුරන්. අපිව හා අපේ රට ජාතිය විනාශ කිරීමට සිටිනා නානප්‍රකාර සතුරන් ඉතිහාසයේ සිට වර්තමානය දක්වා අපට හමුවෙයි. එම සතුරන් සමග සිදුවෙන දරුණු සටන්, ඒවායේදී දිවිපුදා රට ජාතිය බේරාගන්නා වීරයන් හැමදාම සිටින ලදී. මහාවංශය වැනි ඉතිහාස පොත් පුරාවට ඇත්තේ සතුරන් සිටි බවත් රජවරුන් ඔවුන්ගෙන් අපව ගළවා ගත්තා යන්නත්ය. අපට මතක මෑත ඉතිහාසය තුළද වරක තිස් අවුරුදු යුද්ධය තුල තමිල් - සිංහල ජනයාද, ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම ආසන්න කාලයේදී බෞද්ධ - කතෝලික ජනයාද, මෑතකාලීනව මුස්ලිම් ජනයා හා අනෙක් ජනකොටස් අතරද මෙම පසමිතුරුතාවයන් අපට දැකගත හැකි විය. ඉතිං ඉතිහාසයක් පුරා අප කොහේදෝ සිටින සතුරෙකු නසන්නට ලේ කදුළු හෙලු‍වෙමු. එම සතුරා දෙසම බලාසිටි බැවින් අප ඉතිහාය පුරාවට අප දැකිය යුතුව තිබූ බොහෝ දේ නොදැක්කෙමු. රජවරුන්, මැතිඇමතිවරුන්ගෙන් සැදුම්ලත් ප්‍රභූ ස්ථරය ඉතිහාසය පුරාවට කළ කී දෑ අප නොදැක්කෙමු. අවසානයේ ඉතිහාසයම එම රජවරුන්ට සින්න විය. ඉතිහාසය පුරාවටම අප පෙලන ලද ගැටලු‍, මෙම සදාකාලික සතුරා නිසා සැගව යන ලදී. පාලකයන් මිනිස

රස්තියාදුව

Image
දමිතා අබේරත්න, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව විසින් මානව නිදහස සම්බන්ධව දරණ ස්ථාවරය අනාවරණය කරන්නක්. නිදහසේ අදහස් පළ කිරීමටත් දේශපාලන මතයක් දැරීමටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දෙන නිදහස පාලක පන්තියේ අත ඇති ලණුවකි. දමිතා දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස කැපී පෙනෙන්නේ මාර්තු මසදී ආරම්භ වූ ජන අරගලයේදී පමණක් නොවේ. ඇය වේදිකාවේදී මෙන්ම සිනමාවේදී නිරූපණය කළ භූමිකා හුදු නිළියකගේ සීමාව ඉක්මවා යන්නක්. ළමා කාලයේදීම රංගනයට පිවිසි දමිතා ‘දඬුබස්නාමානය’ වැනි ටෙලි නිර්මාණයක, ‘මී හරකා’ වැනි සිනමා පටයක නිරූපණය කළ චරිතවල කූටප්‍රාප්තිය ‘සුළං කිරිල්ලී’ සිනමා පටයේදී දක්නට ලැබුණා. කෙසේවෙතත් දමිතාගේ දේශපාලන භූමිකාව හෙළි වූයේ ගාලු‍ මුවදොර අරගල භූමියේ ඇය කළ මැදිහත්වීමේදීය.  අරගලකරුවන් පැහැර ගෙන යාමේ ක්‍රමයම අනුගමනය කරමින් හදිසියේ ඇය ජීප් රථයකට නංවා ගෙන ගියත් ඇය ගෙන ගියේ කොතැනටදැයි පැය ගණනක් යනතුරු හෙළි වූයේ නෑ. මේ ආකාරයෙන් කලාකාරිනියක්, මේ රටේ ජනතා අරමුණු වෙනුවෙන් සටන් කළ අරගලයේ සාමාජිකාවක් අත්අඩංගුවට ගැනීමෙන් හෙළිවන්නේ රනිල් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව දේශපාලන නිදහස සහ විරෝධය සම්බන්ධයෙන් ප