Posts

Showing posts from April, 2022

PIETA : වෛරය, ප්‍රේමයෙන් වුව අවසන් විය හැකිය!

Image
සමාජයක් ලෙස අප ඛේදවාචකයක් අභිමුවට පැමිණ ඇත. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල පැය ගණන් ගෙවීමට සිදුව ඇති අතර අනිත් අතින් උද්ධමනය ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ යමින් සමාජයේ ඉහළම ස්ථරය හැර අනෙකුත් සියලුම දෙනාගේ ජීවිත අර්බුදයට යවමින් සිටී. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරයන් බිඳවැටෙමින් පවතී. නමුත් සමාජයම මේ ලෙසින් අර්බුදයට යමින් පවතින මොහොතක ඇතැම් මහා පරිමාණ ව්‍යාපාර රාශියක් සිය ව්‍යාපාර ඉතිහාසයේ ඉහළම ලාභය පසුගිය වසරෙහි ලබාගැනීමට සමත් වී ඇත. වසංගත තත්වයක් තුළ මාස ගණන් රට වසා දමා පැවති වාතාවරණයක මෙලෙස පෙර නොවූ විරූ ලාභ ලැබීම පුදුම සහගතය. නමුත් එම සමාගම් මොනවාද යන්න විමසා බැලුවහොත් සත්‍ය පැහැදිලිවේ. ඒ සියල්ලම පාහේ මූල්‍ය සමාගම්ය. එනම් ණය පහසුකම් වැනි විවිධ මූල්‍ය පහසුකම් ජනතාවට ලබාදෙමින් එමගින් ලාභ ලබන සමාගම්ය. තවත් සරලව ප්‍රකාශ කලහොත් කිසිදු නිෂ්පාදන කාර්්‍යයකට සම්බන්ධ නොවී මුදල් පොළියට ලබාදී පොහොසත් වන සමාගම්ය. එම මූල්‍ය සමාගම්වල ලාභය ඉහළ යාමේ රහස කුමක්ද? ඉතා සරලව වසංගතය ඇතුලු මතුවූ අර්බුදය හමුවේ බොහෝ සුලු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පිරිස්වල ආදායම් අහිමිවීම හෝ පහළ වැටීම සිද

Song Zone - උතුරු මැද කඳුළු වතුර - (North Central Tear Drops)

Image
පද - සාවිත්‍රී උදයංගී දිසානායක ගායනය/සංගීතය - තිළිණ බ්ලිස් තිළිණ බ්ලිස් - ඌ ලංකාවෙ අනෙක් ගායකයන්ගෙ සින්දු අහන්නෙ නැති ගායකයෙක්. ඇත්තට ම ලංකාවෙ අහන්න කියලත් ඒ හැටි සින්දුවක් බිහි නො වෙන එකේ එහෙම ඉන්න එක හොඳ යි කියලා අපිටත් හිතෙනවා. අඩු ම තරමෙ ඒකෙන් උගෙ කන පරිස්සම් වෙනවා. ඒ නිසා තමයි අපි අද කතා කරන සින්දුව වගේ මියුසික් වැඩක් ඌට කර ගන්න පුළුවන් වෙන්නෙ.  අපි අද කතා කරන්නෙ තිළිණ, 2021 අවුරුද්දෙ කරපු Tales of a Failed Public (පරාජිත ජනතාවකගේ කතා) කියන සින්දු තුනක් තියෙන යූ ටියුබ් ඇල්බම් එකේ මුලින් ම ඇහෙන ‘උතුරු මැද කඳුළු වතුර’ කියන සින්දුව ගැන. මේක සාවිත්‍රී උදයංගී දිසානායක, 2019 අවුරුද්දෙ පළ කරපු ‘අලිවැට’ කියන කවි පොතෙන් ගත්ත කවියක්. කතා කරන්නෙ මේ වෙනකොට ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් ගැන.  උතුරු මැදට විශේෂයෙනුත් ලංකාවෙ අනෙක් පැතිවලට පොදුවේත් බලපාන වකුගඩු ප්‍රශ්නෙ ගැන මේ වෙනකොට ලංකාවෙ සෑහෙන තරම් නිර්මාණ බිහිවෙලා තියෙනවා. විශේෂයෙන් කවි.ඒ කවි ගොඩක දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි අධිසංවේදී බව. අතිශය භාවාත්මක හෘදයග්‍රාහී බව. අඬවන්න හදන ගතිය. මරණය. ඒ සියලූ ලක්ෂණ මේ කවියෙත් තියෙනවා. වකුගඩු අමාරුව හැදිලා ම

අවිචාර සමහයක මානව ප්‍රහසනය

Image
(චූලානන්ද සමරනායක විසින් පරිවර්තිත, සදාත් හසන් මන්ටෝගේ කෙටිකතා ඇතුළත් ‘දෙපළු කරන ලද හදවතක චෝදනා පත්‍රය’ කෘතිය පිළිබඳ විමසුමක්) සදාත් හසන් මන්ටෝ, වරින්වර ලංකාවේ පරිවර්තකයන් විසින් සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් ලේඛකයෙකි.  1912 දී බ්‍රිතාන්‍ යටත්ය විජිතයක්ව තිබුණු ඉන්දියාවේ පන්ජාබයෙහි උපත ලද මන්ටෝ, 1947 පාකිස්තානය බිහිවීමෙන් පසු එරටට සංක්‍රමණය විය. උර්දු බසින් ලේඛනයේ නියැලූණු මන්ටෝ නවකතාවක්ද, කෙටි කතා සංග්‍රහ විසි දෙකක්ද, ගුවන්විදුලි නාටක සංග්‍රහ පහක්ද පමණ රචනා කොට ඇත.  එරික් ඉලයප්ආරච්චි විසින් මන්ටෝ සම්බන්ධ විචාර ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කර ඇති අතර චූලානන්ද සමරනායක විසින් පරිවර්තිත ඔහුගේ කෙටි කතා රැගත් කෘතියක් මේ වන විට සිංහල පාඨකයන් වෙත පිරි නමා ඇත. ලොව ප්‍රමුඛ පෙළේ කෙටිකතා රචකයකු ලෙස මේ වනවිට ලංකාවේ අවධානයට ලක්ව සිටින ඔහු, පුවත්පත් කලාවේදියෙකු, චිත්‍රපට තිරනාටක රචකයෙකු හා ගුවන්විදුලි වැඩසටහන් රචකයකු ලෙසද කටයුතු කර ඇත.  ඉන්දියාව දෙකඩවීම සහ පාකිස්තානය බිහිවීම යන හේතුවෙන් මිනිසුන්ට විඳින්නට සිදු වූ දුක් ගැහැට විවිධ පැතිකඩ ඔස්සේ  සිය කෙටිකතාවලට වස්තු විෂය කර ගත් මන්ටෝ, කියැවීමට මෙම කෙටිකතා ප