Posts

Showing posts from October, 2016

බෙනඩික්ගේ කවිය සහ විචාරය එපා කියන ඝෝෂාව

Image
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ ‘මයෙ අම්මෙ යමු යංඩ‘ කවි පොත සැප්තැම්බර් 15වැනිදා එළි දැක්වුවා. එහිදී පක්ෂයටද දේශනයක් සඳහා ආරාධනා ලැබී තිබුනා. එම පොත් එළිදැක්වීමේදී පක්ෂයේ නියෝජිතයා කවිය සහ දේශපාලනය පිළිබඳව දැක්වූ අදහස් මේ දිනවල ආන්දෝලනයකට ලක්වී තිබෙනවා. ඒ අදහස් කතා කිරීමට පෙර බෙනඩික්ගේ කවිය ගැන දැක්වූ විවේචනාත්මක අදහස කෙටියෙන් පැහැදිලි කරගත යුතුයි.     ඔහුගේ කවියේ අන්තර්ගතය බෙහෙවින් පදනම් වී තිබෙන්නේ පීඩිතයාගේ වේදනාව මත. බෙනඩික් ලියු කවි වල ඔහු උත්සාහ කරන ප‍්‍රධාන සමාජමය ව්‍යාපෘති තුනක් පිළිබඳව අපේ විචාරය යොමු වුනා. ඔහුගේ කවියේ සමාජමය අරමුණු අතර ප‍්‍රධාන වන්නේ, 1. පීඩිතයාගේ වේදනාව ප‍්‍රතිනිර්මාණය කර එය රසිකයා වෙත ගෙනයාම 2. මානසික ශ‍්‍රමය අධි නිශ්චය වූ සමාජයක කවිය හරහා කායික ශ‍්‍රමයට හිමි වටිනාකම හිමි කර දීම 3. සිය කවිය හරහා මානව දයාව සමාජගත කිරීම     නමුත් බෙනඩික්ගේ කවියේ දේශපාලන අන්තර්ගතයේත් කාව්‍යමය ආකෘතියේත් පවතින සීමාවන් නිසා මේ සමාජ අරමුණු ඉටු කරන ව්‍යාපෘතිය වෙනුවට එම අරමුණු වලට එරෙහි ව්‍යාපෘතියත් සමග ඔහුගේ කවි පෙළ ගැසෙන්නට ඉඩ තිබෙන බවයි අපේ අදහස. ඒ නිසා එම අවදානම සම්බන්ධයෙ