නටත් අයෙක් සුරා මතින් - නරුමවාදී බැහැර කිරීම වෙනුවට මනුෂ්‍යත්වය ඉල්ලන ලෝකයක්!
නටත් අයෙක් සුරා මතින්’ ටෙලි නාට්‍යයේ භූමිකා අතර මතුවන ගැටුම් අරභයා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සංවාදය සුරාලෝලත්වය හෝ ස්ත‍්‍රී පුරුෂ සබඳතා (බොහෝ දෙනා කියන ‘අනියම් සම්බන්ධතා) පිළිබඳ ප‍්‍රශ්න ලෙස ඌනනය කෙරෙන තත්වයක් තිබේ. ‘සබ්බේ නදී වංක ගතා’ වැනි ස්ත‍්‍රිය පීඩාවට පත් කෙරෙන ගතානුගතික පුරුෂමූලික සංවාද මෙන්ම සුරාසොඬභාවයෙන් පවුල් අවුල් වෙනවා වැනි අව්‍යක්ත සංවාදවලින් වෙන්ව මේ කතාව අපට කියවන්න නොහැකිද? ලද්දු නමැති පිරිමියා සිය බිරිය සම්බන්ධයෙන් දක්වන අධිපතිවාදී දැක්ම මෙන්ම නන්දිසාලා ඔහු වෙත දක්වන බැහැරකිරීම්වාදී දැක්ම මෙහි සැ`ගව ඇති කලාපයකි. නන්දි ලද්දු කෙරෙහි දක්වන බැහැරකිරීම විසින් ඔහු තවදුරටත් හුදෙකලාභාවයට ඇද දමයි. සහකරුවාගේ ජීවිතය පිළිබඳ වගකීමක් ඇයට තිබිය යුතු නැද්ද? සාම්ප‍්‍රදායික මවකගේ පුරුද්දෙන් දරුවා වෙනුවෙන් කටයුතු කරන ඇය, විවාහය, පවුලේ සබඳතාව ගැන මිස මනුෂ්‍ය සබඳතාවක් පිළිබඳ විශ්වාසය දුරු කරගෙන ඇත. එය ඇගේ පාර්ශ්වයෙන් සාධාරණ යැයි කිවහැක්කේ ලද්දු අන්ත සුරාසොඬෙකුගේ භූමිකාවකින් සිය ඇත්ත ජීවිතය වසා දමා ඇති බැවිනි. ඒ වසා ගැනීමේ හේතුව කිසියම් ආත්මීය ගැටලූවක් ලෙස පේ‍්‍රක්ෂකයා වෙත අනාවරණය වන න...