Posts

Showing posts from August, 2020

දියවන්නා කුමාරියේ

Image
පදරචනය හා සංගීතය -  ඉරේෂ් වන්නකුකෝරාළ   ගායනය -  ‘නාද’ සංගීත කණ්ඩායම පශ්චාත් නූතන ප‍්‍රති-නිෂ්පාදන යුගයේදී සාහිත්‍ය කලා කෘති සම්බන්ධයෙන් මෙතෙක් අධිනිශ්චය වී පැවැති ඇතැම් වර්ගීකරණ නාමමාත‍්‍ර තත්වයට පත්වෙලා. සම්භාව්‍ය - පීචං, ප‍්‍රධාන ධාරාව - විකල්ප ධාරාව ආදී වශයෙන් වූ වර්ගීකරණ තවදුරටත් වලංගු නෑ. නන්දා මාලිනී, සිරස සමග ‘ශ්වේත රාත‍්‍රිය’ ගයනවිට ටිමාගෙ ‘පොඞ්ඩියේ’ වගේ ගීතයක් ‘හිරු ස්ටාර්’ වේදිකාවෙ කුණු කොල්ලයට විකිණෙනවා. වෙළඳපොළ හැර අන් කිසිදු යථාර්ථයක් විශ්වාස කළ නොහැකි මොහොතක සාහිත්‍ය කලාවට සිදුවෙන්නෙ ඒක තමයි. ඒ නිසා, වගකීම් සහගත සමාජ ව්‍යාපාරයක කාරය වෙන්නෙ ඒ ගැන නහයෙන් අඬන එක නෙවෙයි. මේ යුගයේ ප‍්‍රගතිශීලි වාම ව්‍යාපාරයන්ට ඇති අභියෝගයක් වන්නේ ඒ වෙනුවට ඒ නිර්මාණ තුළ සංග‍්‍රහ වී ඇති විසල් ජීවන හා සමාජයීය අපේක්ෂා හඳුනා ගනිමින් එකී අපේක්ෂා පිළිබඳවත් එබඳු අපේක්ෂා යථාර්ථයක් බවට පත්කර ගන්නා ආකාරය සම්බන්ධවත් කලාකරුවා සමඟ මෙන්ම සහෘද රසිකයා සමඟ සංවාදයකට එළඹීමයි.  ‘දියවන්නා කුමාරියේ’ බඳු ගීතයක් පසුගිය කාලයේ බෙහෙවින් ජනප‍්‍රිය වුවද අප වටහා ගතයුතු සත්‍ය වන්නේ එහි අන්තර්ගත සැබෑ ජීවන හා සමාජයීය අපේක්ෂා

"නේත‍්‍රා"

Image
 පදරචනය - ජනිත් විතාරණගේ තනුව සහ සංගීතය - දිලූම් තේජන හෙට්ටිආරච්චි ගායනය - අභිෂේකා විමලවීර  ලොව බොහෝ නිර්මාණයන්ට විෂයවන වස්තුවක් ලෙස ‘මව’ට හිමිවනුයේ විශේෂ වැදගත්කමකි. ඒ් ඇයිද යන ගැටලූව විසඳා ගැනීමට අපට මනෝවිශ්ලේෂණයේ පිහිට පැතීමට සිදු වේ.  ඒ අනුව, මෙය වටහාගැනීමට සිදුවන්නේ ‘ප‍්‍රථම ආදර වස්තුව’ (object of love)  පිළිබඳව වන ආශාවේ ප‍්‍රතිඵලයක් ලෙසය. තමන්ට අහිමි වූ ඒ් ප‍්‍රථම ආදර වස්තුව පිළිබඳවන ආශාවේ ප‍්‍රතිඵලයක් ලෙසය. තමන්ට අහිමි වූ ඒ් ප‍්‍රථම ආදර වස්තුව මුලූ ජීවිත කාලය තුළම හඹායාම එක් ස්වරූපයකින් දිස්වන ආකාරයක් ලෙස මේ නිර්මාණය දැක්විය හැකිය. ජනිත් විමලවීර විසින් රචනා කරන ලද ‘නේත‍්‍රා’ ගීතයට ද එම සඳහන වලංගුය.  සමන් වික‍්‍රමාරච්චිගේ වචනයෙන්ම කියන්නේ නම් ”අම්මා ගැන ලියන්නට නම් කෙනකු ආපසු හැරී බැලිය යුතුය. ඒය නිසැකවම අතීත වේදනාවකි. (nostalgia) ඊට වඩා එය අයත්වන්නේ මරණය හඹායාමටය. (death drive) එය ස්වයංවිනාශකාරීය, ස්වපීඩකය. එම ස්වපීඩකත්වය බෙහෙවින් අනතුරුදායකය. මෙම ගීතය එම අනතුරුදායකත්වය මැනවින් මූර්තිමත් කරයි. මෙහි කථකයාට (ගායනා කරනුයේ ගැහැණු හ`ඩකින් වුවද) තමන් පිළිබඳ වන වරදකාරිත්වය මේ හැම පදය

‘සිංහල බෞද්ධ ජාතික රාජ්‍යය’ ගොඩනැගීමේ ව්‍යාපෘතියක් ලෙස ලෙස්ටර්ගෙ සිනමාව

Image
    සිංහල සිනමාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී වාමාංශික විචාර කතිකාව තුළ වැඩි අවධානයක් යොමු වූ සිනමාවේදියා ධර්මසේන පතිරාජ බව හැමෝම දන්න කාරණයකි. එහෙත් පතිරාජගේ සිනමාව වටහා ගැනීමේදී පවා සංසන්දනාත්මකව ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාට සාපේක්ෂව පතිගේ සිනමාව වටහා ගන්නේ නම් එය වඩා පරිපූර්ණ වටහාගැනීමකට අප පොලඹවාලයි. විශේෂයෙන්ම පතිරාජ ලංකාවේ සිනමාව තුළ සිදු කළ රැුඩිකල් ඛණ්ඩනය පවා හරියටම සලකුණු වනුයේ ලෙස්ටර්ගේ සිනමාව සමග ඔහු කියැවීමේදීය. අනෙක් අතට ලෙස්ටර්ගේ සිනමාව ස්වාධීනව ගත්කළ පවා ලංකාවේ සිනමා කලාවට කළ බරපතළ මැදිහත්වීමක් බවට විවාදයක් නොමැත. එසේ නම් ‘ලංකාවේ සිංහල සිනමාවේ’ ලෙස්ටර් විසින් සලකුණු කරනු ලබන සුවිශේෂී මොහොත කුමක්ද? එහි සෞන්දර්ය ස්වරූපය කුමක්ද? යන සාකච්ඡාවට ප‍්‍රවේශයක් ගැනීම මේ ලිපියේ අරමුණයි.  1956 වසරේ ‘රේඛාව‘ චිත‍්‍රපටයෙන් ඇරඹී 2006 වසරේ නිෂ්පාදනය වූ ‘වෑකන්ද වලව්ව’ චිත‍්‍රපටය දක්වා වූ ඔහුගේ සිනමාත්මක ‘වීර චාරිකාව’ වටහා ගැනීමට යතුරක් සොයාගැනීම මේ ලිපියේ අරමුණකි. අගනගරය ආශ‍්‍රිතව ඉපදී, එදිනෙදා ව්‍යවහාරයේදී ඉංග‍්‍රීසි භාෂාව පමණක් ව්‍යවහාර කළ සමාජ තීරුවකින් බිහිවූ මේ මහා සිනමාවේදියා, ප

චූදිතයා ගොදුරක් වූ විට... GYPSY

Image
කුකුළා සහ ජෝකර් වැනි අපූරු සිනමා කෘති සිනමාවට ගෙනා රාජු මුරුගන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ නවමු සිනමා කෘතිය ‘ජිප්සී’ය. සිනමා කෘතියේ කතා පුවත ගොඩ නැගෙන්නේ කාශ්මීරයේ පාකිස්තාන ප‍්‍රහාරයකින් මියගිය හින්දු - මුස්ලිම් යුවළකගේ අනාථ දරුවෙක් වන ජිප්සි නමැති තරුණයා හා සාම්ප‍්‍රදායික මුස්ලිම් පවුලක ගැහැනු ළමයෙක් අතර ඇති වන පේ‍්‍රමය තේමාකර ගනිමින්ය. මොවුන් දෙදෙනා අතර වර්ධනය පේ‍්‍රමයට ඇති වන්නා වූ බාධා හමුවේ ඔවුහු උත්තර් ප‍්‍රදේශ් වෙත පලා යති. ආගමේ නාමයෙන් සිදු වූ බිහිසුණු කෝලාහලයක් ඔවුන්ගේ ජීවිතවලට ඛේදවාචකයක් රැුගෙන විත්  ඔවුහු වෙන් වෙති. ඔවුන් දෙදෙනා නැවත එකට එකතු වේවිද? නැතහොත් ආගමේ නාමයෙන් ඔවුන්ව සදහටම වෙන් වීමට සිදු වේවි ද?  මෙම පැනය ඉදිරියේ සිනමාකරු අපව කාශ්මීරයේ සිට කන්‍යාකුමාරි දක්වා අමතක නොවන ගමනක් ගෙන යයි. මෙසේ අපව රැුගෙන යනු ලබන්නේ මනුෂ්‍යත්වයේ සුන්දරත්වය මෙන්ම ආගමික හා ජාතිවාදයේ නාමයෙන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරනු ලබන ප‍්‍රචණ්ඩත්වයේ කෲරත්වය ද පෙන්වමිනි.  අධ්‍යක්ෂවරයාට මෙම සිනමා කෘතිය කප්පාදුවාර 20කට වඩා සිදු කරන්නට සිදු විය.ඒ වාරණ මණ්ඩලයේ නියෝග මතය. එසේම කැරලි කෝලාහලවල ස්වරය වර්ණයෙන

Money Heist: මහා සැලැස්මක කොටස්කරුවන්වීම

Image
(Money Heist ටෙලි මාලා නාටකය පිළිබඳ විමසුමක්) 2018 වසරේ ලොව පුරා වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් නැරඹූ ඉංග‍්‍රීසි නොවන (ස්පාඤ්ඤ බසින්) ටෙලි වෘත්තාන්ත මාලාව ලෙස සැලකෙන Money Heist: La Casa de Papel (කඩදාසි නිවස) Alen Pinaගේ නිර්මාණයකි. තවමත් සම්පූර්ණයෙන් අවසන්ව නැති මෙහි 5 වන කතා මාලාව නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ 2021 අපේ‍්‍රල් මාසයේය. මේ සඳහා නිමිති කරගෙන ඇත්තේ Royal Mint of Spain සහ Bank of Spain නමැති මූල්‍ය ආයතන දෙක මංකොල්ල කෑම සම්බන්ධ ලොමු දැහැගන්වන සිද්ධි මාලාවකි. haaretz.com වෙබ් අඩවිය වෙත ලිපියක් සම්පාදනය කරන Adrian Hennigan මෙසේ පවසයි. "If you make only one viewing choice among all your food decisions today" add, La Casa de Papel~ to your Netfilm list. It will steal your heart guaranteed".  'La Casa de Papel ඔබගේ හදවත සහ සතිඅන්තය සොරාගනු ඇත.’ ඒ ඔහු ලිපිය සඳහා යෙදූ සිරස්තලයයි. මෙතරම් ආකර්ෂණයක් දිනාගන්නට මේ  ක්‍රසපැ ගණයේ කතා මාලාව සමත් වූයේ ඇයි? ඒ් පිටුපස පවතින සමාජ, ආර්ථික, දේශපාලනික හේතු මෙන්ම මනෝවිද්‍යාත්මක සාධක හඳුනා ගැනීමට උත්සාහ දැරීම සමාජ විමුක්තිය පිළිබඳ ක