Posts

Showing posts from February, 2021

ගෙදර වට සිතියම - ලියනගේ අමරකීර්ති

Image
කතා කීම ඉපැරණි වූද අර්ථවත්වූවද මනුෂ්‍ය ක‍්‍රියාවක් බව සැබෑය. නවකතාව, කෙටිකතාව, මතු නොව, නාට්‍ය, කාව්‍යාදී වෙනත් සාහිත්‍යංග සඳහා බොහෝ විට කතාවක් (Story) පදනම්වන බවද සත්‍යය. ඒහෙත් තවදුරටත් නවකතාව හෝ කෙටිකතාව යනු හුදු කතන්දරයක් පමණක් නොවේ. එකට ගලපා ඇති සිද්ධි මාලාවක් තිබු පමණින් අප එයට කතාවක් හෝ කෙටිකතාවක් ලෙස පැවසිය යුතු නැති. එය සිංහල කෙටිකතා කලාවට අදාලව මාටින් වික‍්‍රමසිංහ යුගයේදීම ඉක්මවා යන දැනුමකි.  තමා අවට ඇති ලෝකය සමඟ සම්බන්ධ වීමේදී මිනිසා සිය මනුෂ්‍යත්වය සනිටුහන් කිරීමේ පැරණිම ආකෘතියක් ලෙස කතාව ගත හැකි නමුදු සාහිත්‍ය බිහිකර ගැනීමේදි මිනිසා එයිනුත් ඉදිරියට යාමට සමත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද දවසේ කෙටිකතාකරුවා, කතාව භාවිත කරනුයේ පාඨකයා ප‍්‍රබන්ධ ලෝකය වෙත කැඳවන උපක‍්‍රමයක් ලෙසය. එමගින් පාඨකයා වෙත මනුෂ්‍යත්වය, ජීවිතය හා සමාජය පිළීබඳ නව තේමාවන් හා අන්තර්දෘෂ්ටීන් ඉදිරිපත් කිරීමට ඔහු උත්සාහ දරයි. ලියනගේ අමරකීර්ති කිසිසේත්ම මේ පිළිබඳ අවධානයකින් තොරව ලේඛනයේ යෙදෙන කටිකතාකරුවකු නොවේ. එහෙත් දැන් දැන් ඔහුගේ කෙටිකතාවන්හි කතා රසයට ලැබෙන ස්ථානය අනෙක් අංග යටපත් කරමින් නැගී සිටින බවක් දක්නට ලැබේ. එය