Posts

Showing posts from November, 2023

ඉල් මහේ කවි

Image
 1987-89 අරගලය, මර්දනය කර සටන්කාමී විප්ලවවාදීන් ගින්නෙන් හා යකඩින් නිහඬ කරවා, ජනතාව භීතියට ඇද දැමූ පාලක ඝාතකයන් ජය පැන් බොන විට, අරගලයේ සහෘද කවියෝ ස්වකීය ආදරණීයයන්ගේ වියෝගය මෙන්ම සමස්ත සමාජයක් මුහුණ දුන් කම්පනය අකුරු බවට පත් කළහ. බියකරු සමයෙන් පසු, වසර ගණනාවක් යනතුරුම ඒ ප්‍රකම්පිත හදගැස්ම, පුවත්පත් පිටු මත කවියෙන් සටහන් කෙරුණි.  මුදලින් හා පදක්කමින් යහමින් ගෙවනු ලැබූ දඩ බල්ලන් අරගලයේ අක්මුල් සොයා යමින් ලේ සුවඳ ඉව කරද්දී උන්ට අභියෝග කරමින් ආරූඪ නාමයන්ගෙන් පමණක් නොව සැබෑ නමින්ද පත්තර මත සිය හෘදසාක්ෂිය සටහන් කරන්නට තරම් ඒ පෑන් පහරවල් නිර්භීත විය. එයින්ද ඔබ්බට ගොස්, මානව සමාජය සුවපත් කිරීමේ උස් අරමුණු දරාගෙන ජීවිත අවදානමට මුහුණ දුන් නිසාම අනේක වධ බන්ධනයට ගොදුරු කෙරුණු, දිවි අහිමි කෙරුණු ආදරණීය විප්ලවවාදීන්ගේ පුනරාගමනයක් සන් කරන්නට පවා ඔවුහු නොපැකිළුණාහ. දැන් දශක දෙකකට වැඩි කාලයක් ගෙවී,'ඇතැමුන්ට ඒ රුදුරු මතකයන් අමතකව ගොසිනි. එහෙත් එදා පෑන් තුඩුවලින් ජනකායකගේ වේදනාව, වීරත්වය, මානව ප්‍රේමය සටහන් කළ ඒ කවි, දිවි පිදුවන්ගේ උදාරත්වය නැවත නැවත අප හදවත්වලට මනාව සමීප කරවන්නට සමත්ය.  ඒ අනුස්මරණීය

Song Zone - අඳුරු කුටිය තුළ

Image
  ගායනය : ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර ඇතුළු පිරිස පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස අපි මේ පාර කතා කරන්න තෝර ගත්තෙ පරණ සින්දුවක්. මේ සින්දුව ලංකාවෙ වාමාංශික දේශපාලන වේදිකාවල පවා පට්ට ගහන මැයි දින වේදිකාවෙත් සද්දෙට දාන සෑහෙන ප්‍රගතිශීලී සින්දුවක් විදියට සම්භාවනාවට පාත්‍ර වෙච්ච එකක් බව ඔබ දන්නවා.  ඒ වුණාට මේ සින්දුව ඇතුළෙ ගැබ් වෙලා තියෙන අන්තර්ගතයට අදාළ දාර්ශනික සංවාදය නිවැරදිව ග්‍රහණය කර ගන්න කෙනෙකුට නම් මේ සිංදුව එක්ක වැඩි දුරක් ගමන් කරන්න වෙන්නෙ නෑ. ඒක තේරුම් ගන්න නම් ලෝකෙ රොමෑන්තිකවාදය නිර්මාණය වෙන්න පෙර යුරෝපීය සමාජයේ ක්‍රිස්තියානිය ලෞකිකරණය වීමේ ඉතිහාස කතාව දැන ගෙන ඉන්න එක වටිනවා.  ක්‍රි.ව. 16 වන සියවසෙන් පස්සෙ යුරෝපීය සමාජය ඇතුළෙ සිද්ධ වෙච්ච දේශපාලන, සමාජ, ආර්ථික පරිවර්තනයන් එක්ක තවදුරටත් ක්‍රිස්තියානියෙ ප්‍රභූත්ව ලක්ෂණ දෙදරුම් කන්නට වුණා. පුනරුදය, බුද්ධි ප්‍රබෝධය, කාර්මික විප්ලවය ආදිය මඟින් පැරණි ක්‍රිස්තියානියෙ ඉගැන්වීම් ඒ විදියට ම ඉස්සරහට අරගෙන යන එක සෑහෙන අමාරු වුණා. දෙවියන් ගැන පවා තිබුණු විශ්වාස පද්ධතිය බරපතළ සංශෝධන

Minarets - සංගීතයේ සහ අනන්‍යතාවයේ දේශපාලනය

Image
නාද්‍යා බාමිනී පෙරේරාගේ ඵසබ්රුඑි වාර්තා චිත්‍රපටය නරඹන විට සිහියට නැගුණේ සිනමාවේදී ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ප්‍රකාශයකි.  වරක් ඔහු පැවසුවේ වෘත්තාන්ත චිත්‍රපටයකදී අධ්‍යක්ෂකවරයා දෙවියෙකු මෙන් වන අතර වාර්තා චිත්‍රපටයකදී අධ්‍යක්ෂකවරයා වන්නේ දෙවියන් බවයි. (In feature films the director is God ¦ in documentary films God is the director) වාර්තා චිත්‍රපටයකට වඩා වෘත්තාන්ත චිත්‍රපටයකදී අධ්‍යක්ෂකවරයාගේ දැක්ම, දෘෂ්ටිකෝණය, අර්ථකථනය සහ අධ්‍යක්ෂකවරයාගේ ආත්මීයත්වය වැඩි බලපෑමක් කරන බව මෙයින් අදහස් වේද? වරක් ප්‍රවීණ සිනමාකරු ක්‍රිස්ටොෆ් කිසලොව්ස්කි තමා වාර්තා චිත්‍රපටවල සිට වෘත්තාන්ත චිත්‍රපටවලට මාරුවීම සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකදී පැවසු දෙයක්ද සිහියට නැගේ. ඔහු පවසා තිබුණේ යථාර්ථය හොඳින් නිරූපණය කරද්දී ෆැන්ටසිය වැඩි කාර්යභාරයක් ඉටු කරන බවයි. එනම් අධ්‍යක්ෂකවරයාගේ මැදිහත්වීම යථාර්ථ නිරූපණයේදී සහ යථාර්ථය ගැඹුරින් විනිවිදීමෙදී වැඩි කාර්යකොටසක් ඉටු කරන බවය. ඔහු කීවේ ප්‍රබන්ධය යථාර්ථයටත් වඩා යථාර්ථවත් බවද? කෙසේ වෙතත් වාර්තා චිත්‍රපටයක් වුව සිදුවීම් සහ පුද්ගලයන් ඉදිරියේ හුදු කැමරා ඇටවීමක් නොවේ.  වාර්තා චිත්‍රපටයක

අපි අපිවම ප්‍රශ්න කරන ප්‍රේමයේ චාරිකාව: Journey of Love 18+

Image
අපි සමාජයේ බොහෝ අගතීන්ට විරුද්ධව කථා කරනව, ඊට විරුද්ධව සටන් කරනව. නමුත් අපි විරුද්ධ වෙන අගතීන් ආයමෙ අපි ඇතුලෙ නැද්ද? උදාහරණයකට පලස්තීන ඊශ්‍රායල් යුද්ධය දිහාවට හැරෙමු. ඒ යුද්ධයෙන් කුඩා දරුවො මිය යනවා, පීඩාවට පත්වෙනව අපි බොහොම සංවේදීව බලන් ඉන්නව. ඒ යුද්ධය විවේචනය කරනව හා එය නතර කරන්න බලකරනව. පැහැදිලිවම එය සිදුවිය යුත්තක් නමුත් අපේ රටේ යුද්ධයක් පැවති වෙලාවෙ අපි හැසිරුණේ එහෙමද? දැන් ඒ හින්ද ඒ වෙලාවෙ නිහඩව හිටි කෙනෙක්ට මේ වෙලාවෙ වෙන යුද්ධයට විරුද්ධ වෙන්න බැරිද? යම් අගතියකට විරුද්ධව හඬ නගන්න කිසිදු අගතියක් නැති පරමත්වයට පත්වෙච්ච කෙනෙක් වෙන්න ඕනෙද? Journey of Love 18+ කියන්නෙ මලයාලම් භාෂාවෙන් නිර්මාණය වූ එක්කරා ආකාරයට රෝමාන්තික හා හාස්‍යය යන ශානරයන් මිශ්‍රවුණු චිත්‍රපටයක් වගේම එහි නොදැනුවත්වම යම් ආකාරයක දේශපාලනික කතාබහකුත් දිවෙනවා. කතාවට පදනම් වෙන්නෙ කේරළයේ කොමියුනිස්ට් පක්ෂයේ බලය පවතින ගමක් මුල් කරගෙනයි. එහි සියලු‍ම සිවිල් සමාජීය කටයුතු සිදුවෙන්නේ පක්ෂ සංවිධාන යාන්ත්‍රණය තුළයි. අදාළ ප්‍රදේශයේ පක්ෂයේ සංවිධායකවරයා වටා විශාල සිවිල් බලයක් ගොඩනැගී තිබෙනවා. මෙම සංවිධායකවරයා ඉහළ යැයි කියන කුලයකට අය