Posts

Showing posts from December, 2016

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

Image
චාමික හත්ලහවත්ත විසින් නිර්මාණය කළ ‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යය නැරඹීමේ අවස්ථාවක් අපට පසුගියදා ලැබුනා. ඒ නාට්‍ය සමන්විත වෙන්නේ සංචාරක නාට්‍ය කණ්ඩායමක් ඇවිත් ඉදිරිපත් කරන කතා තුනකින්. මේ කතා තුනෙන් එකක් සුරංගනා කතාවක්, තව එකක් ඓතිහාසික කතාවක්. අන්තිම එක අපේ සමකාලීන කතාවක්. මේ කතා තුනම හරහා දිවෙන ඒකත්වයක් තිබෙනවා. සුරංගනා කතාවක, ඓතිහාසික කතාවක, සමකාලීන කතාවක ආකෘතික විවිධත්වය තිබියදී මේ නාට්‍යය පුරා දිවෙන තේමාවක් තිබෙනවා. ඒ තේමාව එක පැත්තකින් ගත්තාම ආදරය සහ වෛරය අතර සම්බන්ධය කියලා අපට හිතන්න පුළුවන්. එකිනෙකට පරස්පර ලෙස පෙනුනත් ආදරය සහ වෛරය එකට පවතින විදිය. ආදරයත් වෛරයත් එකට මුසුවී එකම කෙනා තුල තිබෙන විදිය. ආදරය වෛරය බවටත්, වෛරය ආදරය බවටත් පරිවර්තනය වීමේ හැකියාව. සමාජයට යුද්ධය හරහා වෛරය මුදා හරින කෙනෙකු කුටුම්භයට, පවුලට ආදරය මුදා හරින ආකාරය. මේ විදියට ආදරය සහ වෛරය නමැති පරස්පරයන්ගේ ඒකත්වයත්, අරගලයත් මේ පොදු තේමාව ලෙස දකින්න අපට පුළුවන්. එහෙමත් නැතිනම් තවත් පැත්තකින් ආදරය නමැති පුද්ගලික හැඟීමට සමාජමය බලපෑම එල්ල වන ආකාරය මේ නාට්‍යයේ පොදු තේමාව ලෙස ගන්නත් පුළුවන්. පළමු කතාවේදී පන්ති පරතර