Posts

Showing posts from August, 2019

දඩයමට හසුවන වර්තමානයකට පැමිණි දඩයක්කාරයා

Image
‘සංසාරේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය පිළිබද විමසුමක් ප‍්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය සීමිත සිනමාහල් ප‍්‍රමාණයක තිරගත වී ප‍්‍රමාණවත් පේ‍්‍රක්ෂක අවධානයෙන්තො ව ගැලවී ගියේය. ඒ නිසාම එය ප‍්‍රමාණවත් කලාත්මක හා දේශපාලන කියැවීමකින් තොරව ජනතාවගෙන් ඈත් කරනු ලැබූ නිර්මාණයකි. සිනමා කර්මාන්තයේ නියැලෙන සහ සිනමා රසික ජනයා අතර නිතරම කියැවෙන ‘ලංකාවේ සිනමාවේ අර්බුදය’ ඇසුරින් එය පහසුවෙන් හඳුනාගත හැකිය. නමුත් එය එසේ තිබියදීම නිහඬතාවයෙන් යටපත් කිරීමේ ඉරණමට ගොදුරු කරවන ලද සහ නාගරික සහෘද පුංජයකට සීමා වූ කෘතිය පිළිබඳ සිනමා රසික සංවාදය දේශපාලනික තලයකට ඔසවා තැබිය යුතුව තිබේ. ඒ නිසා පේ‍්‍රක්ෂක ජනයා අතුරින් මෙන්ම පොදු ජනයාගේ සාමුහික හා හුදෙකලා ජීවන අරගලයෙන් ඈත් කරනු ලබන කලා රසවින්දනය අරමුණුකර ගෙන ඒ සිනමා කෘතිය කියවා බැලීම මේ සටහනේ අරමුණය. සයිමන් නවගත්තේගමගේ ‘දඩයක්කාරයාගේ කතාව’ කෘතිය කියැවීමෙන් ලැබූ උත්තේජනයකින් ප‍්‍රසන්න ජයකොඩි මෙම චිත‍්‍රපටය කළ බව පැහැදිලිවන කාරණයකි. ඔහු මේ කෘතියේ ගෙන එන කතා පුවත සයිමන්ගේ දඩයක්කාරයාගේ කතාව, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍යයේ උරුමක්කාරයා හෝ සංසාරණ්‍ය අසබඩ යන කෘ