Posts

Showing posts from January, 2023

අරගලය සහ සතුට කවියකුගේ ඇසින්

Image
දුරෙයි ෂන්මුගම් තත්වයන්ගේ වෙනස්වීම, තත්වයන් වෙනස් කිරීම සම්බන්ධ මිනිස් මැදිහත්වීමේ ස්වරූපය කවරේද? තත්වයන් වෙනස් කිරීමට මැදිහත්වන මැදිහත්කාරක ව්‍යාපාරයන්ගේ ස්වභාවය, තත්වයන් වෙනස්කිරීම කෙරෙහි බලපාන්නේ කෙසේද? සැබැවින්ම, මෙය න්‍යායික ප්‍රශ්නයකට වඩා ව්‍යවහාරික ප්‍රශ්නයක් බව මාක්ස්වාදයේ දැක්වෙන අදහසයි. එහෙත් කිසිවිටකත් න්‍යාය හා ව්‍යවහාරය යන දෙකෙන් එක් පාර්ශ්වයක්, පමණක් අධි අවධාරණයට ලක් කිරීමෙන් මිනිස් ක්‍රියකාරිත්වයේ ඒකාබද්ධතාව අහෝසි වෙයි. එහෙයින් තත්වයන් වෙනස් කිරීමට මැදිහත්වන ව්‍යාපාර මේ අංශ දෙක පිළිබඳවම අවධානය යොමු කිරීම වැදගත්ය. එක් අතකින් න්‍යාය යනුම ව්‍යවහාරයේම සාමාන්‍යකරණයකි. අනෙක් අතින් න්‍යාය යනු, ව්‍යවහාරයේම ඉදිරි දැක්මකි. සමාජ විප්ලවයකදී විප්ලවවාදී ව්‍යාපාරයන්ගේ කාර්යය නම්, මේ ඉදිරි දැක්ම ඔස්සේ සමාජය සංවිධානය කිරීමය. පසුකාලීනව, මාක්ස්වාදී දාර්ශනික කතිකාව තුළ ආර්ථික, දේශපාලන, ආධිපත්‍යයට බුද්ධිමය හා සදාචාරාත්මක ආධිපතයයක් පිළිබඳ කතිකාවක් ඈඳුනේද මේ නිසාම විය හැක. සත්‍ය වශයෙන්ම සමාජ වෙනස එහි ස්වයංසිද්ධ සීමාවලින් එහාට වර්ධනය කළ හැක්කේ සවිඥාණික මැදිහත්වීමකිනි.  දුරෙයි ෂන්මුගම් නමැති ද්‍

'I Shot the Sheriff'

Image
පද  - Bob Marley, සංගීතය හා ගායනය - The Wailers, Bob Marley 1973 වසරේ බොබ් මාලේ එයාගෙ බෑන්ඩ් එකත් එක්ක පටිගත කරලා නිකුත් කරපු මේ සින්දුව ගැන අපි මේ වෙලාවෙ කතා කරන්න තීරණය කළේ 2022 වසරෙ ලංකාවෙ සිද්ද වෙච්ච මහජන නැඟිටීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕන කරන දොරටුවක් මේකෙන් විවර කර ගන්න පුළුවන් කියලා හිතුණ නිසා.  බොබ් කියන විදියට එයාට ඕන වුණේ  I Shot the Police කියලා කියන්න වුණාට ආණ්ඩුවෙන් එල්ල වෙච්ච විරෝධය නිසා Police වෙනුවට Sheriff  කියලා දාන්න සිද්ද වෙලා තියෙනවා. ඒකෙන් අර්ථයේ වෙනසක් සිද්ද වෙන්නෙ නෑ. මොකද, පොලිස් කිව්වත් ෂෙරිෆ් කිව්වත් සංකේතවත් වෙන්නෙ අධිපති රාජ්‍ය ක්‍රමය ම යි.  සින්දුවෙ දි බොබ් කියනවා එයාට ෂෙරිෆ්ට වෙඩි තියන්න සිද්ද වුණේ ඇයි, කියලා. මුළු ජීවිත කාලෙ පුරා ම ඔය කියන ෂෙරිෆ් උත්සාහ කරල තියෙන්නෙ එයාව වැරදිකාරයෙක් කරන්න. ඒ විතරක් නෙවෙයි ෂෙරිෆ් ඉන්නෙ එයාගෙ පැත්තට තුවක්කුවකුත් දික් කරගෙන. ඒ වගේ වෙලාවක බොබ් අහන්නෙ තමන්ගෙ ආත්මාරක්ෂාවට වෙඩි තියන්න සිද්ද වෙච්ච එක්ක වැරැද්දක් ද කියලා.  මුළු ජීවිත කාලෙ ම බිත්තිය මුල්ලට තල්ලු කරලා තිබ්බ ලංකාවෙ මිනිස්සු 2022 සිද්ද කරපු සාමූහික අරගලයත් අන්න ඒ

අරගලය මගනොහැරෙන්නට නිරන්තරව අවදියෙන් ඉන්න! Train to Pakistan

Image
  තනි තනි ජීවන අත්දැකීම් මෙන්ම සමාජ අත්දැකීම් ප්‍රතිනිර්මාණයවන කලාව තුළ සමාජයීය ඉතිහාසයක් මෙන්ම සමාජ පරිවර්තනයන්ගේ රටාවත් නිරූපණය වෙයි. ඉන්දියාව යටත් විජිතභාවයෙන් නිදහස ලැබීමේ ක්‍රියාවලියේදී පාකිස්තානය වෙන්ව යාම හා සම්බන්ධ ප්‍රචණ්ඩ ඉතිහාසය හා මිනිස් ජීවිත වෙත කළ බලපෑම නිරූපිත Train to Pakistan සිනමා නිර්මාණය වෙත අප අවධානය යොමු කරන්නේ  සමාජ අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මිනිස් මැදිහත්වීම කොතරම් තීරණාත්මකද යන්න කෘතිය ඔස්සේ විමසා බැලීමටය. නවකතාකරු කුෂ්වන්ත් සිං සහ සිනමා අධ්‍යක්ෂිකා පැමලා රූක්ස් ඉතිහාසය පුරාත් වර්තමානයේත් අනාගතයේත් සමාජයේ බොහෝ සංසිද්ධීන් සිදුවෙයි. නමුත් එමගින් අනාගත ලෝකය හැඩගැස්වීමට වන බලපෑම තීරණය වන්නේ එම සිදුවීම්වලට මුහුණ දෙන මිනිසුන් එයට මැදිහත්වන අකාරය අනුවය. මෙහිදී එම සමාජමය සිදුවීම් නිවැරදිව කියවා ගැනීමත් ඊට නිසි වේලාවේ නිසි පරිදි මැදිහත්වීමත් වාමාංශික ව්‍යාපාර ඇතුලු සමාජ වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයන්ට ඉතා වැදගත්ය.  පසුගිය සමයේ සහ මේ වනවිටත් අප මුහුණ දෙන සමාජ අර්බුදය හා ඊට එරෙහිව සමාජය තුළින්ම නැගී ආ අරගලයත් මෙම තත්වය හදුනාගැනීමට ලැබෙන අසමසමවූ අවස්ථාවකි. සැ