Posts

Showing posts from September, 2020

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අමතකකර දැමීම ජීවන විලාසිතාවක් වූ යුගයක, 'පාංශු'

Image
චරිත, හොඳ හෝ නරක බොඳවී ගොස් සංකිර්ණ වී ඇත්තේ පැතලි චරිත වෙනුවට සංකිර්න චරිත නිමවීමේ ව්‍යාකරණයක් නිසා නොවේ. අපක්ෂපාතිත්තය නැමැති අත්‍යවශ්‍ය සංරචකය කෘතිය පුරා හසුරවන්නටය. ප‍්‍රචාණ්ඩත්වය අනිශ්පර්ශවීය වූ විට, හොඳම මතවාදී සංරචකය අපක්ෂපාත්වය වන අතර හොඳම භාෂාව ඹභ භාෂාවයි. සමහර විට ඉතිහාසය කරකැවෙන්නේ දුෂ්ඨ රාජ්‍යයන් හා දුෂ්ඨ මිලිටරි දේශපාලන කණ්ඩයම්වලින් මුත්, ඒ ගැන යුක්ති සහගතම වාර්තා තැනිය හැක්කේ ඹභ භාෂාවෙන් පමණි. නමුත් එමගින් මේ ති‍්‍රත්වයම එකිනෙක මත පරායත්ත බව අපේ අවධානයෙන් මැකී යයි.”  -ප‍්‍රචණ්ඩත්වය නොකියන නපුරක් ලෙස - ‘ස්මරණ සමාප්ති’ සිනමා විචාර එකතුව, 32 පිටුව සත්‍යජිත් මාඉටිපේ සිනමාවේදියාගේ ප‍්‍රථම චිත‍්‍රපටය වූ ‘ස්මරණ සමාප්ති’ ටෙලි චිත‍්‍රපටය අරභයා කලකට ඉහත දක්වා තිබු උක්ත අදහස යළි උපුටා ගනු ලැබූවේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ නවතම සිනමා නිර්මාණය වූ පාංශු චිත‍්‍රපටය විචාරය කර ගැනීමට එකී දීප්තිමත් අදහසින් යතුරක් සැපයෙන බැවිනි.  තිස්වසරකට වඩා පැරණි. ‘මීනීවලක් කැනීමට’ විසාකේසගේ කලාත්මක ලාලසාව පුබුදුකර ඇත්තේ, උතුරේ අතුරුදන්වූවන් පිළිබඳ ගැටලූව බව කෘතිය සිහි කල්පනාවෙන් නරඹන පේ‍්‍රක්ෂකයකුට රහසක් ව

"කාටවත් බෑ "

Image
ගායනය - චමිල මදුෂාන් සංගීතය - චින්තක ජයකොඩි පද රචනය - තිසර බණ්ඩාර සින්දු ගැන කතාබහ කරන මේ තීරුව අපි වෙන් කරන්න හිතුවෙ අලුත් නිර්මාණවලට. ඒ වුණාට සමහර සටහන් කරන්න අතපසු වෙච්ච නිර්මාණයක් එක පාරම විදුලි සැරයක් වගේ වැදිලා අපව ඇහැරවනකොට නොදැක්කා වගේ ඉන්න බැරි වෙනවා. මේ එහෙම නිර්මාණයක්. ‘තාල’ චිත‍්‍රපටයේ අග හරියෙ ඇහෙන මේ ගීතය, කෙළින්ම චිත‍්‍රපටයෙ නිරූපිත අවස්ථාව හා සම්බන්ධ වෙනවා. දුෂ්කර ගම්මානයක දරුවන් පිරිසක් තමන් ඉදිරියට පැමිණි අභියෝග ජය ගැනීමට නැගී සිටින මොහොතක් පසුබිමේ තියාගෙන තමයි මේ ගීතය ඇහෙන්න පටන් ගන්නෙ. චිත‍්‍රපටය ගැන දෘෂ්ටිවාදී ගැටලූ ගණනාවක් මධ්‍යයේ වුණත් මේ ගීතය අදාළ මොහොතෙන් ගලවලා වෙනම සංවාදයට බඳුන් කිරීම වැදගත් කියලා හිතුණා. විශේෂයෙන්ම මේ ගීතය සිංහල ළමා ගීත වංශයේ අනුස්මරණීය නිර්මාණයක් බවට පත්වීමට අවශ්‍ය සියලූ සුදුසුකම්වලින් සන්නද්ධ බව කිව යුතුයි. ළමයින් උදෙසා සිදුකරන නිර්මාණයන්ගේ පැවතිය යුතු අත්‍යවශ්‍ය නිර්ණායක ආරක්ෂා කිරීමට මේ ගීතයේ නිර්මාතෘවරුන් සමත් වී ඇති බව කිව හැකියි. ඒම නිර්ණායක පිළිබඳ විවිධ අයුරේ මතභේද පැවතියත් ‘ළමා කවිය’ පිළිබඳ කුමාරතුංග මුණිදාස සිදු කළ පහත අර්ථකථනය සෑහෙ