Posts

Showing posts from May, 2016

‘හික්මවීම පිණිස මේ ද`ඩුවම ඉවසන්න’ කෘතිය පිළිබඳ කියැවීමක්

Image
මො.ල. සෙනෙවිරත්න සොයුරාගේ ‘හික්මවීම පිණිස මේ දඩුවම ඉවසන්න’ කවිපොත ගැන අදහස් දැක්වීමක් කිරීමට ටික කලක සිට ‘අදහස් කරගෙන සිටියද’ කෘතිය බිහිවන සන්දර්භය සහ කෘතිය විසින් මතු කරන සංකීර්ණතා විසින් එය දිනෙන් දින පස්සට දැමුණි. කෙසේ හෝ මෙවර රළ කලාපයෙහි ඒ පිළිබඳ අදහසක් දැක්වීමට අවස්ථාව සැලසුණි. මුලින්ම, කලින්ද කියූ පරිදි කෘතිය බිහිවන සන්දර්භය හා කෘතිය විසින් මතුකරන සංකීර්ණතා යන දෙඅංශයෙන්ම, ඒ පිළිබඳ කරන සාකච්ඡුාවකදී අවධානයට ලක් වියයුතු බව අපේ අදහසයි. අනෙක් අතින් පක්ෂයක් ලෙස අපම ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය තුළ සිදු කළ දේශපාලනය විසින් මතු වුණූ යම් යම් දේශපාලන අගතීන් පිළිබඳ ස්වයංවිවේචනාත්මක ආපසු හැරී බැලීමකින් තොරව මො.ල.ගේ කෘතිය විචාරය කිරීමට අපට අවම සදාචාරාත්මක අයිතියක්වත් ලැබෙන්නේ නැත. ඒ අර්ථයෙන් ‘මල්ල ඔබා බලනු වෙනුවට ලිහා බැලීමට‘ අප සූදානම් නම් ඒ සඳහා අවැසි සාකච්ඡුාවක් මතුකරගැනීමටද කෘතිය පාදක කරගත හැකිය. අනෙක් අතට ‘පීඩිත ජාතීන්ගේ අරගලය’ පිළිබඳ  දකුණේ වත්මන් ප‍්‍රවේශයන්ගේ සීමා මායිම් පිළිබඳ සාකච්ඡුාවක් වුවද කෘතිය හරහා අවැසි නම් අවුලවාගත හැකිය. අනෙක් අතට කලාව සම්බන්ධ ඉතාම මූලික ප‍්‍රවර්ගීකරණයක