Posts

Showing posts from November, 2016

යා හැකි දුරින් නතර වෙමුද ඉන් ඔබ්බට යමුද? මිතුරු යෝජනාවක්....

Image
ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ ප‍්‍රථම සිනමා කෘතිය වන ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය මේ වනවිටත් මුල්පෙළ සිනමාහල් වලින් ඉවත්වී ගිහින්. නමුත් එය ලංකාවේ සමකාලීන තාරුණ්‍යය ගැනත්, නාගරික පහළ පංතියේ ජීවිත ගැනත්, කලාවේ ඥානන පාර්ශවය ගැනත් සංවාදයක් ඇතිවී තිබෙන නිසා මෙවර ‘රළ‘ තුළින් ඒ ගැන කතා කරන්න අපි තීරණය කළා. අපි උත්සාහ කරන්නේ නළු නිළියන්ගේ රඟපෑම් මෙහෙමයි, සංගීතය මෙහෙමයි, කැමරා හැසිරවීම මෙහෙමයි ආකාරයේ සම්ප‍්‍රදායික සිනමා විචාරයක් කරන්න නෙවෙයි. මෙහිදී අපේ අවධානය යොමු වෙන්නේ විශේෂයෙන් මෝටර් බයිසිකල් චිත‍්‍රපටයේ දෘෂ්ටිමය පාර්ශවය ගැන.     නමුත් අපි මුලින් සිනමාත්මක පාර්ශවයෙන් ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටයේ ඇති විශේෂත්වය පිළිබඳ කෙටියෙන් අදහසක් නිර්මාණය කර ගමු. සිනමාව එහි ආරම්භයේ සිටම පැන නැගුනේ සමාජමය සිදුවීම්, විශාල පසුතල, භුමි දර්ශන ආදියත් සමග. කෙටියෙන් කියන්නේනම් එයට පදනම් වුනේ විෂය ලෝකය. සිනමා කැමරාවකින් ගත් ප‍්‍රථම දර්ශනය කර්මාන්ත ශාලාවකින් වැඩ ඇරී එන කම්කරුවන්ගේ දර්ශනයක් වීමේ සිට ‘ඔයැ ඨරු්එ ඔර්සබ ඍදඉඉැරහ‘ වැනි මුල් කාලීන චිත‍්‍රපට ධනවාදයේ සමාජමය ස්වභාවය සමග සිනමාවට ඇති සම්බන්ධය විදහා දක්වන