Posts

Showing posts from September, 2017

Twelve Angry Women - සත්‍යයේ මිනුම්ද`ඩු ඇත්තේ කොතැනද?

Image
මේ දිනවල මරදානේ ටවර් රගහලේ යොවුන් නාට්‍ය උළෙල පැවැත්වෙන අතර, පසුගිය දිනක එහිදී රංගගත කරන ලද ‘Twelve Angry Women’ නාට්‍ය නැරඹීමෙන් අනතුරුව, මෙවර ‘රළ’ කලාපයේ ඒ පිළිබඳ අදහසක් දැක්වීම සුදුසු යැයි අපි තීරණය කළෙමු. මීට කලින්ද ලාංකීය වේදිකාව මත පූජිත ද මෙල් නාට්‍යවේදියා අතින් ‘දොළහක්’ නමින් ප‍්‍රතිනිර්මාණය වූ ‘Twelve Angry Men’ කෘතිය ඉංග‍්‍රීසි චිත‍්‍රපටයකටද පාදක වී ඇති රෙජිනෝල්ඩ් රෝස් ගේ( Reginald Rose) එනමින් යුත් නාට්‍ය අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත. කෙසේවුවද මෑත අවුරුදුවලදීම ‘දොළහක්’ නමින් අතුල පතිරණගේ තවත් නිෂ්පාදනයක් උක්ත පිටපතින් සිදුවී ඇති නිසා අපගේ විචාරයේදී මෙම නිෂ්පාදන දෙක සන්සන්දනය වීමට ඇති ඉඩකඩ මගහරවාගෙන (‘දොළහක්’ නාට්‍ය අමතක කොට) Twelve Angry Women, නාට්‍ය පිළිබද කතාකිරීමේ අසීරු කාර්යයට අපි උත්සාහ දරමු. කෘතියේ අන්තර්ගතය පිළිබද සාකච්ඡුාවක් අවළුවාගැනීමට පෙර එහි ආකෘතික පාර්ශ්වය පිළිබඳව යම් අදහසක් දැක්ම සිදුකිරීම මෙහිදී වැදගත්ය යන්න අපගේ වැටහීීමයි. එනම්, මුුලූමනින්ම ’පිරිමි පාත‍්‍රවර්ගයන්’ (චරිත) දොළොස්දෙනෙක්, පිරිමි නලූවන් 12 දෙනකු විසින් නිරූපණය කරන මුල් කෘතිය, මෙම නිෂ්පාදනයේද