Posts

Showing posts with the label Humanities

නටත් අයෙක් සුරා මතින් - නරුමවාදී බැහැර කිරීම වෙනුවට මනුෂ්‍යත්වය ඉල්ලන ලෝකයක්!

Image
 නටත් අයෙක් සුරා මතින්’ ටෙලි නාට්‍යයේ භූමිකා අතර මතුවන ගැටුම් අරභයා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සංවාදය සුරාලෝලත්වය හෝ ස්ත‍්‍රී පුරුෂ සබඳතා (බොහෝ දෙනා කියන ‘අනියම් සම්බන්ධතා) පිළිබඳ ප‍්‍රශ්න ලෙස ඌනනය කෙරෙන තත්වයක් තිබේ. ‘සබ්බේ නදී වංක ගතා’ වැනි ස්ත‍්‍රිය පීඩාවට පත් කෙරෙන ගතානුගතික පුරුෂමූලික සංවාද මෙන්ම සුරාසොඬභාවයෙන් පවුල් අවුල් වෙනවා වැනි අව්‍යක්ත සංවාදවලින් වෙන්ව මේ කතාව අපට කියවන්න නොහැකිද? ලද්දු නමැති පිරිමියා සිය බිරිය සම්බන්ධයෙන් දක්වන අධිපතිවාදී දැක්ම මෙන්ම නන්දිසාලා ඔහු වෙත දක්වන බැහැරකිරීම්වාදී දැක්ම මෙහි සැ`ගව ඇති කලාපයකි. නන්දි ලද්දු කෙරෙහි දක්වන බැහැරකිරීම විසින් ඔහු තවදුරටත් හුදෙකලාභාවයට ඇද දමයි. සහකරුවාගේ ජීවිතය පිළිබඳ වගකීමක් ඇයට තිබිය යුතු නැද්ද? සාම්ප‍්‍රදායික මවකගේ පුරුද්දෙන් දරුවා වෙනුවෙන් කටයුතු කරන ඇය, විවාහය, පවුලේ සබඳතාව ගැන මිස මනුෂ්‍ය සබඳතාවක් පිළිබඳ විශ්වාසය දුරු කරගෙන ඇත. එය ඇගේ පාර්ශ්වයෙන් සාධාරණ යැයි කිවහැක්කේ ලද්දු අන්ත සුරාසොඬෙකුගේ භූමිකාවකින් සිය ඇත්ත ජීවිතය වසා දමා ඇති බැවිනි. ඒ වසා ගැනීමේ හේතුව කිසියම් ආත්මීය ගැටලූවක් ලෙස පේ‍්‍රක්ෂකයා වෙත අනාවරණය වන න...

මධ්‍යකාලීන යුගය - (ඓතිහාසික පසුබිම සහ කාලවිභාගය)

Image
මෙවර කලාපයේ සිට මධ්‍යකාලීන යුගයේ චිත‍්‍ර කලාව පිළිබඳ  අපගේ අවධානය යොමු කරමු. එහෙත් වසර දහසක පමණ කාලයක් පුරා විහිද යන්නා වූත් අතිශය සංකීර්ණ වූත් මේ යුගයේ චිත‍්‍ර කලා ඉතිහාසය කලාප කිහිපයකින් සහෘද පාඨක ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. යුරෝපීය ඉතිහාසයේ ‘මධ්‍යකාලීන යුගය’ (Middle Ages) ලෙස හැඳින්වෙන්නේ පුරාණ ලෝකයේ අවසානයත් නූතන යුගයේ ආරම්භයත් අතර කාල පරාසයයි. සාමාන්‍යයෙන් ක‍්‍රි.ව. 5 වන සියවසේ බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමේ සිට ක‍්‍රි.ව. 15 වන සියවසේ පුනරුද යුගය (Renaissance) දක්වා වූ කාලය මෙයට අයත් වේ. සාම්ප‍්‍රදායික ඉතිහාස විද්‍යාවේ දී මෙම කාලය කොටස් තුනකට බෙදයි මුල් මධ්‍යකාලය (ක‍්‍රි.ව. 500-1000) උසස් මධ්‍යකාලය (ක‍්‍රි.ව. 1000-1300) අවසාන මධ්‍යකාලය (ක‍්‍රි.ව. 1300-1500) මෙසේ වර්ගීකරණය කළ හැකි වුව ද පොදුවේ මධ්‍යකාලීන යුරෝපය, ප‍්‍රධාන වශයෙන් සංවිධානය වී තිබුණේ වැඩවසම් (Feudal) සමාජ ක‍්‍රමයක් ලෙස ය. එහි දේශපාලන-ආර්ථිකයේ ප‍්‍රධාන ලක්ෂණ පහත පරිදි ය. ඉඩම් හිමිකාරීත්වය අධිපති වංශාධිපතීන් අත පැවතිණි. ගොවීන් සහ වහළුන් නිෂ්පාදන කටයුතු සිදු කළහ. කතෝලික පල්ලිය විශාල ආර්ථික හා දේශපාලන බලයක් හිමි ආයතනයක්...

කැන්වසයට පෙර කතාව: රෝම යුගය

Image
  මෙම ලිපි මාලාව යටතේ අප අවසාන වශයෙන් සාකච්ඡුා කළේ ග‍්‍රීක යුගයේ චිත‍්‍ර කලා ඉතිහාසය පිළිබඳව ය. එහි දී පුරාණෝක්තියට හා මිනිස් රූපයට හිමි වූ වැදගත්කම පිළිබඳවත් ඒ සඳහා බලපෑ දේශපාලන, සමාජ, ආර්ක සාධක හා දාර්ශනික පසුබිම පිළිබඳවත් පාඨකයාට ලබා දීමට අපි උත්සාහ කළෙමු. මෙවර අපගේ අවධානය  රෝම යුගයෙහි ගොඩනැ`ගුණු චිත‍්‍ර කලාව වෙත යොමු කරමු. රෝම යුගයේ චිත‍්‍ර කලාව බොහෝ විට මානව නිර්මාණශීලීත්වයේ උසස් ජයග‍්‍රහණයක් ලෙස අගය කෙරේ. බිත්ති සිතුවම්, මෝසෙයික් නිර්මාණ සහ අධිරාජ්‍ය නායකයන්ගේ රූපමය නිරූපණ, අද දක්වා ම කලා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන ලෙස සැලකීමට බලපා ඇති හේතු කිහිපයකි. ග‍්‍රීක කලාවේ බලපෑම යටතේ වර්ධනය වූ රෝම චිත‍්‍ර ශිල්පය, ස්වභාවිකත්වය (Naturalism), අවකාශය පිළිබඳ හැ`ගීම (Spatial Illusion) සහ දෘශ්‍ය යථාර්ථවාදය (Realism) ප‍්‍රකාශ කිරීමට රේඛාව හා වර්ණය දක්ෂ ලෙස භාවිත කිරීම ඒ අතරින් ප‍්‍රධානතම සාධකයකි. රෝම චිත‍්‍රවල රේඛාව බොහෝ විට දැඩි සීමාකාරී රේඛාවක් ලෙස නොව, ආකෘති ගොඩනැගීමට උපකාරී වන මෘදු සහ ස්වභාවික මාධ්‍යයක් ලෙස භාවිතා වී ඇත. විශේෂයෙන්ම පොම්පෙයි (Pompeii) සහ හර්කියුලේනියම් (Herculaneum) ප...

දුයිෂෙන් අජිත් සහ අශෝක

Image
  ඉතාමත් මෑත කාලයේ වාර්තා වූ පුවත් අතර මේ පුවත් තුන ගැන අවධානය යොමු කරමු.  මේ ආකාරයට වාර්තා වූ සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ මේවා එකිනෙකට පරස්පර බව. ඒවා අතර අන්තර් සම්බන්ධයක් නැති බව. නමුත් ඉතා සියුම්ව බලන විට මේ පුවත් තුන ඇසුරින් කළ හැකි දේශපාලන කතාබහක් තියෙනවා.  තමන්ට ලැබුණු සම්මාන ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කිරීමේදී අජිත් තිලකසේන සාහිත්‍යවේදියා කල්පනා කරන්නට ඇත්තේ සාහිත්‍ය විෂය සම්බන්ධයෙන් ඔහුට ඇති ප්‍රවීණත්වය සහ ඔහු එම ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය හමුවේ සහතිකයක් එතරම් වැදගත් නැති බව වෙන්නට පුළුවන්. යම් විෂයයක් පිළිබඳව පවතින ප්‍රාමාණික අවබෝධයක්, යම් දැනුමක් හෝ කුසලතාවයක් ප්‍රයෝජ්‍ය වටිනාකමකින් යුක්තයි. එය සමාජයේ නිෂ්පාදන ජීවිතය, සේවාවන් සහ සමාජ අධ්‍යාත්මික ජීවිතය පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය දෙයක් නිසා. නමුත් විභාග සහතිකයක් හෝ උපාධි සහතිකයක් යනු හුවමාරු වටිනාකමක ප්‍රකාශනයක්. එය භාවිතා කෙරෙන්නේ සිය ශ්‍රම ශක්තිය වෙනුවෙන් උපරිම මිලක් ලබා ගැනීමේ අභිප්‍රායෙන්. ධනේශ්වර සමාජයේ දේශපාලන ආර්ථික පදනම තුළ හැමවිටම පාහේ හුවමාරු වටිනාකම අධිනිශ්චය වෙනවා. අධ්‍යාපනයට, දැනුමට, කුසලතාවයට සහ...

වාම ජනතාවාදී කාව්‍යකරණයක් උදෙසා ‘මේ ගසට ගල් ගසන්න’

Image
ලක්ෂාන් සිය කාව්‍යයෙන් යම් ආකාරයක ජනතාවදී කාව්‍යයක් ගොඩනැගීමට උත්සාහ දරන්නට යන බව කෘතියේ පෙරවදනින් හැඟීයයි. ජනතාවාදී කාව්‍යකරණය යනු කුමක් දැයි සංකල්පගත කරගැනීම අවශ්‍යය. ඇතැම් විට කාව්‍ය විවේචනයට බඳුන් වන්නේ එම කාව්‍යයෙන් හුදු ජනතාවාදයක් ප්‍රකාශ වෙනවා කියා ය. අප ජීවත් වන්නේ ජනතාවාදයේ නැඟීමක් ඇති කාලයකැයි කියැවේ. මෙය කොටින් ම නිශ්චිත අර්ථයක් නොමැති රටින් රටට වෙනස් විය හැකි අදහසකි. ඉන්දියානු ජනතාවාදය ලාංකේය ජනතාවාදයෙන් වෙනස් වේ. මේ නිසා ජනතාවාදයේ බොහෝ ස්වරූප ඇත.  න්‍්බ-උැරබැර ඵඤූකකැර ගේ සූත්‍රගත කිරීම බොහෝ විට පුලු‍ල්ව උපුටා දක්වනු ලැබේ: ඔහුට අනුව, ජනතාවාදය (ජනප්‍රියවාදය) යනු යම් ආකාරයකින් සදාචාරාත්මකව පහත් හෝ දූෂිත යැයි සලකන ප්‍රභූන්ට ‌එරෙහිව සාදාචාරාත්මක ලෙස පාරිශුද්ධ සහ එකාග්‍ර වූ (නමුත් අවසානයේ ප්‍රබන්දමය) ජනතාවක් පෙළ ගස්වන දේශපාලන ලෝකය අවබෝධ කරගන්නා ආකාරයකි; දේශපාලනයේ සුවිශේෂී සදාචාරවාදී පරිකල්පනයකි.  භැසක උ්කනැර මේ නිර්වචනයට වැඩිදුරටත් එකතු කරමින් පවසන්නේ ජනතාවාදීන් දේශපාලනය සමාන සහ පසමිතුරු කඳවරු දෙකක් අතර ද්විරූප ප්‍රතිවිරෝධයක් (double antaoganism) ලෙස දකින බවයි. ...

Song Zone - 'අක්කලාගෙ වෙන්න"

Image
පද - හර්ෂණ කේ. පෙරේරා  සංගීතය - ඊවෝ බීට්ස්  ගායනය - මංජුලා සෙව්වන්දි ලංකාවෙ කැම්පස්වල උපසංස්කෘතික භාෂාවෙන් කියනවා නම්  ‘ලැම්බට් වීම’ ගැන සින්දුවක්. සාමාන්‍යයෙන් ලංකාවෙ ඇහෙන සින්දුවල කතා නොකරන විෂයක්. ඒ වුණාට ප්‍රේම, විවාහ සම්බන්ධතාවලට අදාළව ඕන ම සමාජයක දකින්න තියෙන කැටගරියක්. හැබැයි ඉතිං ලංකාවෙ නම් පොෂ් වගේ පෙන්නන්න හදන නාගරික පහළ මැද පන්තිය පවා ඇඹරෙන මාතෘකාවක්.  ප්‍රේමයට අදාළව ‘වයස’ කියන සාධකය එතරම් වැදගත් සාධකයක් විදියට ලෝකයා දකින්නෙ නැති වුණාට සරාගී ප්‍රේම සබඳතාවල දී පිරිමියා, ගැහැනියට වඩා වයසින් වැඩි වෙන්න ඕන කියන පීතෘමූලික අදහස, සෑහෙන දිගු ඉතිහාසයක් තිස්සේ ගොඩනැගෙන්නක්. මනුෂ්‍යයාගේ උත්පත්තිය ගැන කියන බයිබල් විස්තරය මේකට හොඳ ම සාක්ෂියක්.  බයිබලේට අනුව දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සිරුරේ හැඩයට සමාන වන විදියට ‘ආදම්’ බිහි කරලා, ඊට පස්සෙ ආදම්ගෙ ඉලඇටයකින් තමයි ‘ඒව’ නිර්මාණය කරන්නෙ. ඒ කියන්නෙ මේ ලෝකෙ හමු වෙන පළමු කපල් එක ගත්තත් පිරිමියා ගැහැනියට වඩා වැඩිමල් කියන එක. දෙවියන් වහන්සේවත් සම්බන්ධ කරගෙන මේ හදපු ප්‍රවාදයට සෑහෙන තරමේ සමාජ බලයක් යුරෝපය තුළ පවා ලැබුණා. ඉතිං ...

ළමා සාහිත්‍යයේ අවගමනය සහ ධනවාදයේ දිරාපත් වීම

Image
  ඉතාලි ජාතික ළමා කවි නිර්මාණකරුවකු වන ජාන් රෝදාරිගේ කවි ගණනාවක් සිංහල භාෂාවට පරිවර්තනය කර , හිල්මි සුපුන් පෙරේරා සහ තරුෂ පෙරේරා සැකසු ‘මජිකාමේන්තේ’ කෘතිය එළිදක්වන අවස්ථාවේ පුබුදු ජයගොඩ සහෝදරයා කළ දේශනය ඇසුරින් සැකසුණි. ඉතාලි ජාතික කවියෙකු වන ගේ ළමා කවි ගණනාවක් මජිකාමේන්තේ නම් පොතක් ලෙස සිංහල භාෂාවෙන් එළිදක්වන මේ මොහොතේ ළමා කවි ගැන යම් ප්‍රවේශයක් ගැනීම වැදගත් ලෙස සිතනවා. පොදුවේ ළමා කවි පිළිබඳ ගැටළුවක් දෙස ඔබේ අවධානය යොමු කරනවා. සාමාන්‍යයෙන් අපි පෙර පාසලකට හෝ පාසලක ප්‍රාථමික පන්තියකට ගොස් කුඩා දරුවෙකුට ළමා කවියක් කියන්න කීවොත් සිංහල භාෂාවෙන් ඒ දරුවන් කියන කවි අවම වශයෙන් වසර 70 ක් , 80, 100 ක් පරණ කවි. කුඩා දරුවන්ට තමන්ගේ ආත්මය ප්‍රකාශයට පත්වන බව සිතෙන කවි ලියන්න වැඩිහිටියන් අසමත් වී අඩ සියවසකටත් වැඩි කාලයකට පසුව අපි මේ ළමා කවි ගැන කතා කරන්න වාඩි වෙලා ඉන්නේ.   1940 දශකයෙන් පසුවත් ළමා කවි ලියවුණා. නමුත් ඒවා කුඩා දරුවන්ගේ ආකර්ෂණයට ලක්වී නැහැ. ඒ කවි කුඩා දරුවන් තමන්ගේ ආත්මීය සම්බන්ධයක් සමග ගන්නේ නැහැ. ලංකාවේ අපට දරුවන්ට තමන්ගේම ප්‍රකාශනයක් කියා සිතෙන වර්ගයේ කවි ලියා ගන්න බැර...

ධර්මිෂ්ට යුගයේ මතකයන් අවදි කරවන 'කොළඹ මතක'

Image
  කොළඹ සුර පුරයකි. සියලු සැප සම්පත් කොළඹට ය. විශේෂයෙන් ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයෙන් පස්සේ කොළඹ යනු සිතූ පැතූ සැප සම්පත් උපද්දවන සුරංගනා ලෝකයකි. කොළඹ ජීවත්වන්නෝ පිං කළ ඇත්තන්ය. මෙහි වසන්නන්ට ඔවුනගේ දරුවන්ට නෑ හිතමිතුරන්ට දෙවියන් දුන් තිළිණයකි. එය, පෙර කළ පිං මහිමයෙන් ඔවුන් ලද භාග්‍යයකි. කොළඹින් දුර ඈත වෙසෙන බොහෝ ජනයා කොළඹ පිළිබඳ මවා ගත් ආකල්පය එයයි. මෙහි ඇත්තක් නැතුවාමත් නොවේ. එය දේශපාලන ක්‍රමය විසින් කොළඹ කේන්ද්‍රීයව ඇති කළ තත්වයකි. නමුත් එය මතුපිට තත්වයයි. යටි තලයේ ඇති මීට හාත්පසින්ම වෙනස් තත්වය පිළිබඳ ඔවුනට අවබෝධයක් නැත.  ‘කොළඹ මතක’ කුමුදු කුමාරසිංහගේ අතීත මතක සටහන් තුළින් මතු කරන්නේ මේ අනවබෝධයේ අවබෝධයයි. ‘කැබලි මතක’ ලෙස ඇය මෙය හැඳින්වූවාට මේ තුළින් මතුවන්නේ ඇයගේ අතීත මතකම නොව ඉන් ඔබ්බට ගිය, මතුකරගත හැකි, මතු කරන්නා වූ ඒ කාල පරාසයන් හි දේශපාලන, සමාජ, සංස්කෘතික  සහ ආර්ථික තත්වයන්ය. බොරැල්ල, මරදාන, දෙමටගොඩ කේන්ද්‍රකොට ගෙන සමස්ත කොළඹ පිළිබඳ වූ චිත්‍රයන්ය. සංස්කෘතික විවිධත්වයත්, භෞතික මෙන්ම ආකල්පීය විවිධත්වයන්ද සහිත දෛනිකව වෙනස්වීම් සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින කොළඹ යනු සංකීර්...