Posts

Showing posts from August, 2021

පර්සියස්ට එරෙහිව මෙඩූසා......

Image
මෙඩුසා ග‍්‍රීක දේවකතා සාහිත්‍යයේ යක්ෂණියක ලෙස නිරූපිතය. සර්පයන්ගෙන් සැදි කෙස්වැටියක් ඇති ඇය දෙස බැලූවන් පවා ශෛලමය පිලිරූ බවට පත් වේ.  පසු කාලයක ග‍්‍රීක සාහිත්‍යයේ මුල් අර්ථකථන අභිබවා ‘ඔවිඞ්’ නමැති රෝම කවියා විසින් විස්තර කරන ආකාරයට මෙඩුසා රූමතියකි. සයුරට අධිපති ‘පොසිඩන්’ නමැති දෙවියා යුද්ධයට අධිපති ඇතීනාගේ දෙවොලේදී මෙඩුසා ලිංගික අපහරණයට ලක්කරමින් සිටියදී ඇතීනාට හසු විය. වරද මෙඩුසාගේ බව තීරණය කරමින් ඇයට දඬුවම ලෙස රුදුරු මුහුණක් ඇති කෙස්වල සර්පයන් ඇති සත්වයකු බවට පරිවර්තනය කළේ ඇතීනා විසිනි. පර්සියස් විසින් මෙඩුසා පරාජයකර හිස ගෙනැවිත් ඇතීනාට ලබාදෙන අතර එය ඇගේ පළිහට යොදා ගනී. 1545දී බෙන්වනුටෝ සෙලිනි(Benvenuto Cellini) විසින් නිර්මිත, ඉතාලියේ ෆ්ලොරන්ස්හි ස්ථාපිත පර්සියස්ගේ නග්න පිළිරුවෙන් නිරූපණය වන්නේ මෙඩුසාගේ හිස රැගත් පර්සියස්ය. එහෙත් මෙඩුසාට සාධාරණයක් ඉටු කළ යුතු බව සිතූ ඉතාලියානු කලාකරු ලූසියානෝ ගර්බටි(Luciano Garbati) විසින් 2008දී මෙඩුසාගේ පිළිරුවක් නිමවන ලදී. නිව්යෝක් නගරයේ අපරාධ අධිකරණය ඉදිරිපිට ස්ථාපනය කර ඇති එහි නිරූපණය වන්නේ මෙඩුසා පරාජය කළ බවට ඉතිහාසයේ කියැවෙන පර්සියස්ගේ හිස අත

නංගියේ

Image
ගායනය - සුවිනි සුදර්ශනී පද - සශික සදීප් සංගීතය - දීපති ජයසූරිය පෞද්ගලික දේපළ නිර්මාණය වීමෙන් පසු පවුල සැබැවින්ම ඒකභාර්යා ස්වරූපයකින් දිස්වුවද එය එසේ නොවුණු බව ෆෙඞ්රික් එංගල්ස් සිය ‘පවුල පෞද්ගලික දේපළ සහ රජය ඇතිවූ සැටි’ නමැති ග‍්‍රන්ථයේ පෙන්වා දෙයි. මේ ගීතයෙන් අපට ඇසෙනුයේ ඒ කුටුම්භය තුළ සිරගත වූ ගැහැණියගේ විලාපයයි. යසෝධරා විලාපය මෙයින් විෂම වනුයේ මෙහි එන ස්වාමිපුරුෂයා හඹා ගොස් ඇත්තේ බුද්ධත්වය නොවන බැවිනි. තම පළමු බිරිඳ දික්කසාදකර දමා ඔහු තරුණ මනමාලියක කැදවාගෙනපැමිණ ඇත. ‘නංගියේ‘ යනුවෙන් ඒ නව මනාලිය අමතමින් පළමු බිරිඳ රචනා කරන ලිපියක ස්වරූපයෙන් ගීතය ඉදිරිපත් වෙයි. ඒ අනුව මෙහි ඇසෙන කටහඬ අයත්වනුයේ ඒ පළමු බිරිඳටය. ගීතය ආරම්භයේදීම ඇසෙන ගද්‍යමය කොටස ගීතය ඇසීම සදහා වන ශ‍්‍රාවක ධෛර්ය බිද දැමුවද එය ඉවසා සිටියහොත් ඔබට මේ සම්බන්ධයෙන් වෙනස් චින්තනයක් විෂදවන නිර්මාණයක් රස විදීමේ අවස්ථාව උදාවනු ඇත. විශේෂයෙන්ම මේ වර්ගයේ රචනයකදී නිර්මාණකරුවකු ඇද වැටිය හැකි අන්ත දෙකක් පවතී. ඒ අනවශ්‍ය තරමේ සංයමය හෝ ආවේගශීලිත්වයයි. මේ රචනයේදී රචකයා ඒ අන්ත දෙකටම ඇද නොවැටී සිටීමට උත්සාහ දරයි. තමන් හැර ගිය මිනිසා කෙරෙහි සුවිශ

අර්නස්ට් හෙමිංවේගේ මරණය: FBI ඔත්තු සේවයේ භූමිකාව

Image
  Ernest Miller Hemingway (July 21, 1899 – July 2, 1961)  තමා පසුපස ෆෙඩරල් ඔත්තු සේවාවේ ( FBI ) උකුසු ඇස් ලුහුබඳින බව අර්නස්ට් හෙමිංවේ සිය මිතුරන්ට කීවේ 1960 නොවැම්බරයේ දීය. මිතුරන් කල්පනා කළේ සිය මිතුරා යම්කිසි උමතුවකින් පෙළෙන බවයි. නමුත් ඔහු කී කතාව සත්‍ය බව 1984 දී අමෙරිකානු තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ හෙළිදරව්වකින් අනාවරණය කරගනු ලැබිණි. අර්නස්ට් මිලර් හෙමිංවේ 1899 ජූලි 21 වැනිදා අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඕක් පාක්හි උපන්නේය. ඔහු 1951 ලියූ Old Man and the Sea (මහල්ලා සහ මුහුද) කෘතිය 1952 දී අමෙරිකාවේ පුලිට්සර් සම්මානයට පාත්‍ර වූ අතර 1954 දී නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීමට හේතු විය. 1940 වර්ෂයේ හෙමිංවේ පළමු වතාවට කියුබාවට ගොස් එහි ජීවත් වනවිට ' මුලින්ම ත්‍ඊෂ නිලධාරින් සමග එක්ව වැඩකර තිබිණි. කියුබාව අවට ප්‍රදේශයට , ජර්මනියේ නාසිවාදී හමුදා සබ්මැරීන්වල පැමිණීම හා වෙනත් නාසි යුද මෙහෙයුම් වැළැක්වීමට ඔහු විසින් සිය පෞද්ගලික යාත්‍රාව භාවිත කරමින් ‘තොරතුරු සැපයීමේ‘ කාර්යයක නිරතව තිබිණි. නාසිවාදීන් ජයගනු වැළැක්වීමට අමෙරිකානු රජයට සහායවීම හෙමිංවේගේ අරමුණ වූ ' බව පැ

සකලබුජං

Image
  ගායනය - ශිරෝමි ෆර්නෑන්ඩු පද - මෙල්රෝයි ධර්මරත්න සංගීතය - මෙල්රෝයි ධර්මරත්න   සිංහලෙන් ලියන්නත් හිතෙන්නෙ නැති ජූලි මාසයක අපි තීරණය කළා ගොඩ කාලයක් තිස්සෙ ඇහිලා තිබිච්ච හිතලා තිබිච්ච නැති සින්දුවක් ගැන කල්පනා කරන්න. පොඩි කාලෙ ඉඳලා අපි අහලා තිබ්බට සමහර චරිතවලට අපි හිනා වුණේ ඇයි කියලා ඉඳලා දැන් කල්පනා කරන කොට දුක හිතෙනවා. අම්බලමේ පිනා , ජිම් පප්පා වගේ චරිතවලට මොන්ටිසෝරි කාලෙ ඉඳලාම අපි කළේ හිනා වෙච්ච එක. සිඟිති සාදවල අපි ඒ චරිත වේදිකා උඩට ගේනලා බඩ අල්ලගෙන හිනා වෙලා තියෙනවා. ඒ කියන්නෙ ඒ කාලෙ ඉඳලම අපට ඒ වගේ චරිතවලට හිනා වෙන්න උගන්වලා තියෙනවා. ඒ වගේ ම චරිතයක් නේද සකලබුජං ? ඒ නමට විසුළුකාරී අර්ථයක් ලබා දෙන අපි හිතං ඉන්නවා ඒ අර්ථය ඒ වචනය තුළ ම නිශ්චිතව ම ස්ථිතිකව ම හරයාත්මක වශයෙන් පවතිනවා කියලා. ඒ වචනෙ අර්ථය දරා ගෙන ඊට පිටුපස්සෙන් අපට ‘කොට කලිසම්’ කියලා ඇහෙනවා. ඒක හින්දා අපේ හිත්වල ‘සකලබුජං’ කියන කොට මැවෙන්නෙ ‘කොට කලිසම්’ වර්ගයක් නෙවෙයි ඇඟට ලොකු කොට කලිසමක් ඇඳ ගත්ත පුංචි ළමයෙක්. ග්‍රාමීය ඉහළ මධ්‍යම පන්තියේ දරුවෙකුගෙ හඬින් ගායනා වෙන මේ සින්දුවෙ කිසිම තැනක මේ සකලබුජං කියන ලොකු කොට ක

ගැමි ජීවිතේ 'මායාව' වෙනුවට ගෙන්දගම් පොළොවේ 'ජීවිතය'...!

Image
  . - කුසල් ධනංජය කුරුවිටගේ ‘අස්පර්ශනීයන් වෙත’ කාව්‍ය සංග්‍රහය කියවීමක් - වසංගතය විසින් ගල් ගැස්වූ සමාජය දෛනික ජීවිත අරගල ඉදිරියට ගෙන යා හැකි ආකාර සොයා ගනිමින් තිබේ. ඊට සමගාමීව ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ සිය හෘද ස්පන්දනය නොනවත්වා පවත්වා ගත් සාහිත්‍ය ග්‍රන්ථ දොරට වැඩීම් , සාහිත්‍ය සම්භාෂණ යළිත් අතථ්‍ය අවකාශයෙන් තථ්‍ය අවකාශයට පා තබමින් තිබේ. කෙසේවුවද වසංගත බාධා මධ්‍යයේ පවා , සාහිත්‍ය කෘති කිහිපයක්ම මෙසේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එළි දැක්වූ අතර එසේ එළිදැක්වූ එක් කෘතියක් වූයේ ‘කුසල් ධනංජය කුරුවිට’ගේ ‘අස්පර්ශනීයන් වෙත’ කෘතියයි. මෙය කුසල්ගේ දෙවන කාව්‍ය කෘතිය වන අතර කෘතියේ ඇති සාහිත්‍යමය මුදුන්පත් කරගැනීම හා ප්‍රතිවිරෝධතා යන දෙඅංශයෙන්ම ඇති වැදගත්කම විසින් මෙවර ‘රළ’ කලාපයෙන් කුසල්ගේ කෘතිය පිළිබඳ සටහනක් තැබීමට අප උනන්දු කරවීය. විශේෂයෙන්ම කුසල්‌ගේ කෘතියේ ඇති නාගරික ලෞකික දෘෂ්ටිය (ඊනියා ‘සිංහල කවිය’ට තවමත් නුහුරු) හා කුසල්ගේ අත්දැකීම මෙසේ ‘අගනාගරිකත්වය’ට දක්වන නැමියාව අපගේ උනන්දුව වැඩි වර්ධනය කරන්නක් විය. ‘ නගරයක ගිම්හානයක ඇත්තේ වෙනම ලස්සනක්’ යන ඔහුගේ මේ කවිය බලන්න. ‘ බිම වැටෙන්නේ වියළි තුරුපත්

‘සුලුතරවීමේ වරද’ ඔස්සේ ජීවිතය දෙස බැලීම - Funny Boy

Image
  Funny Boy - Young Arjie   අප ඕනෑම සිදුවීමක් හෝ කාරණයක් දෙස බලනුයේ අප ජීවත්වන සමාජ ආර්ථික පසුබිමත් සමගයි. මෙරට තිස් වසරක යුද්ධය දකුණේ සිංහල සමාජයේ වෙසෙන්නෙක් දුටුවේ විටින් විට බස් රථවල පුපුරා යන බෝම්බ වලින් , මායිම් ගම්මාන වල වැසියන් එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කිරීම පිළබඳ පුවත් වැනි දේ තුළින්ය. ඒ අනුව නිවසින් රැකියාවට ගිය තම මව්පියන් දූදරුවන් නිවසට එනතුරු ඔවුනට අනතුරක් වේදැයි තැවෙමින් පීඩාවිදිමින් සිටි මිනිසුන්ට කුමන හෝ ලෙසකට යුද්ධය අවසන් වීම ආස්වාදයකි. යුද්ධයේ අවසන් සමයේ සතුරු ඉලක්ක වෙත යොමු කෙරෙන මල්ටි බැරල් ප්‍රහාර දෙස අප බලා සිටියේ අලුත් අවුරුද්දට අහස් කූරු යවා ඒ දෙස බලා සිටිනා ආකාරයටය. නමුත් ඒ අහස් කූරු උතුරේ පතිතවූයේ රාක්ෂයන් විලසටය. සදාකාලික වේදනාවක් වෛරයක් අලුයට සඟවමින් ඒ යක්ෂයන් සියල්ල දවා හළු කරන ලදී. කොළඹ ඉහළ ප්‍රාන්තික තමිල් යෞවනයකු මෙම වාර්ගික අර්බුදයට අභිමුඛ වන ආකාරය පිළිබඳ කථාවය   Funny Boy. චිත්‍රපටය මූලිකව ‘ආර්ජි’ නම් දරුවකු තම වෙනස් ලිංගික ස්වාභාවය වටහා ගනිමින් යොවුන් වියට එළඹෙන ආකාරයත් එම වෙනස් ස්වාභාවය ඔහුගේ පවුල භාරගන්නා ආකාරයත් විදහා දැක්වෙන කථාවකි. මෙය ශ