Posts

Showing posts from May, 2026

දීපචෙල්වන්: ප්‍රශ්නයේ පෙනුම

Image
  අප මෙතෙක් කල් සිතා සිටි ආකාරය වැරදි බවට බොහෝ දෙනා පසුතැවෙන්නට පටන් ගෙන තිබුණේ ‘දීපචෙල්වන් ප‍්‍රදීපන්’ විසින් රචනා කළ පොත් රේගුවෙන් රඳවා ගැනීමෙන් අනතුරුව ඇති වූ සිද්ධි දාමය නිසාය. ඒ සමහරුන්ට තිබුණේ ලංකාවේ පොත් ප‍්‍රකාශනය ගැන හෝ පොත් ආනයනය ගැන තිබුණු සීමාසහිත දැනුම ගැන පශ්චාත්තාපයකි. තවත් අයට තිබුණේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ නීති නොදැන සිටීම ගැන පසුතැවීමකි. වෙනත් සමහරු ප‍්‍රශ්න කළේ ලංකාවේ පවතින මූලික අයිතිවාසිකම් තුළ භාෂණයේ නිදහස වල්බූරු නිදහසක්ද යන්නය. ඒ වෙනුවට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සීමා පනවා ඇති බවත් කැමති කැමති දේවල් ලියන්නට, පොත් පළ කරන්නට නිදහසක් තිබිය යුතු නැති බවත් කියා සිටියේ සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් ලෙස විරාජමානවූවන්මය.  කෙසේ වෙතත්, පසුතැවිල්ල ප‍්‍රකාශ කළ තවත් පිරිසකගේ අදහස වූයේ මෙරටට පොත් ගෙන ඒමේදී සිංහල හෝ ඉංග‍්‍රීසි පොත්වලට වඩා වෙනස් කොට සැළකීමක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන බවක් තමන් නොදැන සිටීම ගැනය. එහෙත් වඩාත් බෙදජනක කාරණයක් වූයේ අඩ සියවසකට වැඩි කාලයක් ජාතිවාදයෙන් මත් කරවන ලදුව දේශපාලන බලය පිණිස වල්මත් කරවන ලදුව, දසක තුනකට වැඩි කාලයක් යුද්ධයකින් පීඩා...

මිනිස් රූපය දේවත්වයට නැංවීමේ කතාව

Image
  ග්‍රීක යුගය - ( 2 කොටස)   ග්‍රීක කලාව තුළ "පුරාණෝක්ති" විසින් සිදු කළ කාර්යභාරය සැලකිල්ලට ගත් විට, එම යුගයේ කලාකරුවා සිදු කරමින් සිටියේ නූතන අර්ථයේ කලාත්මක "තේරීමක්" නොව යථාර්ථයට ඍජු ලෙස සහභාගී වීමේ භාවිතයක් බව අපි හඳුනා ගත්තෙමු. ග්‍රීක චිත්‍ර හා මූර්ති පිළිබඳ අධ්‍යයනයේ දී පුරාණෝක්තිය තරමට ම අපගේ අවධානය යොමු කළ යුතු වැදගත් ලක්ෂණයක් වන්නේ මිනිස් රූපයට ලබා දුන් ඉහළතම සැලකිල්ල යි. විශේෂයෙන් ම ඉන් මිනිස් රූපය   නිරූපණය වූයේ ඉතා පරිපූර්ණ , ශක්තිමත් සහ දේවත්වයට සමීප ලෙස ය. නොඑසේ නම් ග්‍රීක දෙවියන් පවා මිනිස් ස්වරූපයෙන් යුතුව දැක්වීමට ඔවුහු කටයුතු කළහ. එනම් ග්‍රීක කලාව තුළ මිනිසා සහ දෙවියන් අතර වෙනසක් නොපැවතුණු බව අපට පැවසිය හැකිය. ග්‍රීක කලාව තුළ මෙසේ “පෞද්ගලික මිනිසා" කේන්ද්‍රීය සාධකය බවට පත් වීමට බලපෑ දාර්ශනික හා සමාජීය සාධක විමසා බැලීම වැදගත් ය. මනුෂ්‍ය ස්වභාවය හා චර්යාව පිළිබඳ ග්‍රීක යුගයේ දාර්ශනිකයන් යොමු කළ තරමේ තියුණු   අවධානයක් මින් පෙර මානව ශිෂ්ටාචාරය තුළ දැක ගැනීමට හැකි වූයේ නැත.ප්‍රොටගෝරස් බඳු දාර්ශනිකයෙකු පෙන්වා දුන්නේ "මිනිසා සියලු දේවල ම...

‘ඔන්රිත්’ ඔස්සේ විද්‍යාවට සහ සාහිත්‍යයට...

Image
  ඔන්රිත්’ ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වන වජිර කැලූම් පෙරේරා විසින් රචිත ඔහුගේ තුන්වන විද්‍යා ප‍්‍රබන්ධ කෘතියයි. ඊට පෙර ඔහු ‘බිත්තර යුගය’ හා ‘ටියුල්’ නමින් විද්‍යා ප‍්‍රබන්ධ දෙකක් මුද්‍රණයෙන් නිකුත් කර තිබුණා.  ඇත්තෙන්ම විද්‍යා ප‍්‍රබන්ධයක් කියන්නේ මොකක්ද? විද්‍යා ප‍්‍රබන්ධයක මූලික ලක්ෂණ මොනවාද? එය නිර්වචනය කිරීම ඉතාම අපහසුයි. කාට හෝ කියන්න පුළුවන් විද්‍යාත්මක කරුණු අඩංගු සාහිත්‍ය කෘතියක් විද්‍යා ප‍්‍රබන්ධයක් කියලා. විශිෂ්ට ඉංග‍්‍රීසි ලේඛක ඞී. එච්. ලෝරන්ස් ලියු ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ කෘතිය අසභ්‍ය ප‍්‍රකාශනයක් ලෙස හඳුන්වා ඔහුට එරෙහිව විභාග වූ නඩුවේ අවසාන තීරණය වුණේ හුදු ලිංගික කරුණු අඩංගු වූ පමණින් එය අසභ්‍ය ප‍්‍රකාශනයක් නොවන බව. හුදු ලිංගික කරුණු අඩංගු වූ පමණින් යම් කෘතියක් අසභ්‍ය ප‍්‍රකාශනයක් නොවනවා සේම, හුදු විද්‍යාත්මක කරුණු අඩංගු වූ පමණින් කෘතියක් විද්‍යා ප‍්‍රබන්ධයක් වන්නේද නැහැ. එනිසා විද්‍යා ප‍්‍රබන්ධයක් අර්ථ දැක්වීම දුෂ්කරයි.  විශිෂ්ටතම විද්‍යා ප‍්‍රබන්ධ රචකයකු වන අයිසැක් ඇසිමොව් පවසන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වර්ධනයන්ටත්, අප ඉදිරියේ විවර වන නව විද්‍ය...

රත් වරලැති ලිය: ශිෂ්ටාචාරය වල්මත් කරයිද?

Image
නවකතාවක් ගැඹුරු යැයි කිව හැක්කේ එහි පඨිතය විසින් බහු අරුත් සම්පාදනය කරන තරමටත් ඒ අරුත් විසින් ප්‍රඥා පරිමණ්ඩලය පුළුල් කරන තරමටත්ය.නොබෙල් සම්මානලාභී තුර්කි නවකතාකරු ඔර්හාන් පමුක්ගේ දසවෙනි නවකතාව වූ The Red Haired Woman කෘතියට පසුබිම් වන්නේ ජිම් නම් පුද්ගලයාගේ ජීවන පුවතයි.නමුත් විය යුතු ලෙසම එය කිසියම් එක් පුද්ගලයෙකුගේ ජීවන ප්‍රවෘත්තියක් හෝ ඕපාදූපයක් නොව ගෙවුණු අඩසියවසකට අධික තුර්කියේ සමාජ දේශපාලන සහ සංස්කෘතික පරිණාමයේ හරස්කඩකි.  වාමාංශික දේශපාලනය  ප්‍රමෝදය කරගත් සිය පියා පිළිබද කිසියම් නුරුස්නාවකින් පසුවන ජිම් නම් ගැටවරයාට මහ්මුට් බාසුන්නැහේ නම් පැරණි ළිං කණින්නා හමු⁣වීමෙන් කෘතිය ඇරඹෙයි. ජීව විද්‍යාත්මක පියාගෙන් ලැබිය යුතු යැයි අවිඥාණිකව හෝ කල්පනා කරන ආදරය, දැවටීම, මග පෙන්වීම, ශික්ෂණය ජිම් ලබන්නේ නොපමාවම සිය සංකේතීය පියා බවට රූපාන්තරණය වන මහ්මුට් බාසුන්නැහේගෙනි.ජිම්ගේ ජීවිතයට අදාල ප්‍රබන්ධමය සංසිද්ධීන් ගොඩ නැගෙන්නේ අසූව දශකයෙන් ඇරඹෙන සමාජ සංචලනයන් මධ්‍යයේ පමණක් නොව අයිතිහාසික මිථ්‍යා කතාන්දර සමුදායක් වටාය. මධ්‍යම ආසියාවේ තද අව් රශ්මියෙන් දැවෙන ශූෂ්ක බිම්කඩක ළිඳක් තනා ගැනීමට හයි...

දුර්ගයක ප්‍රේමය හෙවත් The Gorge

Image
ජනාකීර්ණ නගරයක කාර්ය බහුල වීදියක රැකියාවකට හෝ වෙනත් අවශ්‍යතාවයකට දුවන අතර අපට නිකමට වගේ හිතෙනව කවුරුත් නැති හුදෙකලා කඳු මුදුනක, මිනිස් කටහඩක්වත් නැති තැනක ජීවත් වෙන්න තිබුණා නම් මොන තරම් වාසනාවක්ද කියල. ඒත් ඇත්තටම කිසිදු මනුස්සයෙක් එක්ක ගණුදෙනුවක් නැති කඳු මුදුනක් වගේ තැනක හුදෙකලා වෙන්න ලැබුනොත් ඒ හුදෙකලාව අපි හිතන සැහැල්ලුව අපිට ලබාදෙයිද? නැත්තන් අපි හුදෙකලා කඳු මුදුන අතහැර මානව සබදතාවයක් සොයාගෙන කඳු පාමුල දුර්ගය (gorge) තරණය කරාවිද? කුලී ඝාතකයෙක් කියූ පමණින් අපට මැවෙන්නේ කිසිදු මනුෂ්‍යත්වයක් හෝ හැගීම් දැනීම් නැති කලු ගලක් වැනි අයෙක්. නමුත් 'The Gorge' කුළී ඝාතකයන් දෙදෙනෙකුගේ රෝමාන්තික ආදර කතාවක්. Levi Kane ඇමරිකානු හමුදාවෙන් අඩු වයසින් විශ්‍රාම ගොස් හුදෙකලා ජීවිතයක් ගත කරන්නෙකි. රජයෙන් සහ පුද්ගලික පාර්ශවයන් වෙතින් ලැබෙන රහසිගත කොන්ත්‍රාත් මත ඝාතනයන් සිදුකරන්නෙකි. Drasa රුසියාවේ සිටින එබඳුම කුලී ඝාතකයෙකු වන අතර එරට රජයද රහසිගත කාර්යන් සඳහා ඇයව යොදා ගනී. Levi Kane ට හදිසියේම එරට රජයෙන් අත්භූත කොන්ත්‍රාත්තුවක් ලැබෙයි, ලෝකයේ නොදන්නා කොනක ඇති දුර්ගයක (උස්බිම් දෙකක් අතර පහත් බිමක්)...