Posts

Showing posts from November, 2017

“අසන්න සගයිනේ මෙය නෑසුණා යයි කියන්නෙපා“

Image
කොළඹ නගරය සංචාරකයන්ට ගැලපෙන ලෙස වෙනස් කිරීම ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වුවද එහි සැලසුම් සකස් කෙරුනේ නව ලිබරල් ධනවාදය හඳුන්වාදීමට සූදානම් වූ 70 දශකයේ සිටය. ජේ.ආර්. ජයවර්ධන විසින් පටන්ගත් ‘සුද්දය’ ඉදිරියට ගෙන යාම වර්තමාන ආණ්ඩුව විසින්ද ඉදිරියට ගෙන යමින් සිටී. එහි දරුණු ප‍්‍රතිවිපාක අත්වන්නට නියමිත එක් පාර්ශ්වයක් වන්නේ කොළඹ නගරයේ වාසය කරන ලක්ෂ ගණනක් පැල්පත්වාසීන්ය. ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ බටහිර පන්නයේ නාගරිකයක් බවට පත්කිරීමේ ක‍්‍රියාන්විතයක් දියත් කළේ මිනිස් ¥විලි ලෙස ධනවාදයෙන් බැහැර කෙරෙන අවවරප‍්‍රසාදිත ජනයා බැහැර කරමිනි. එක්කෝ මරා දැමීමෙන් පීඩිත දිළින්දන් නගරයෙන් පළවා හැරීම ඔහුගේ අරමුණ වූයේ ආර්ථික සැලසුම් බාධා විරහිතව ඉදිරියට ගෙනයාමට පහසුකම් සැපයීමය. එක් අතකින් නාගරික දිළින්දන්ට එහි වන්දිය ගෙවන්නට සිදුවන විට අනෙක් අතට එම අනිටු ප‍්‍රතිපල අත්විඳින්නට නියමිතව ඇතිතේ නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ය. අප එසේ කියන්නේ කොළඹ නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට හිමිව තිබුණු රංග ශාලා එකින් එක අහිමි කර දැන් පවතින රංගශාලා ද්විත්වයද කොයි මොහොතේ හෝ අහිමිවන්නට නියමිතව ඇති බැවිනි. මේ සිදුවෙමින් ඇත්තේ රාජපක්ෂ ආ