Posts

Showing posts from September, 2019

සිරගත කළ කවියාගේ ප්‍රකාශය

Image
කෝකිල නාද පටලැවුණු ගිනිගත් බක් මහක අඹුදරුවන්ගෙන් වෙන්ව මා සිටියේ සිපිරි ගෙයක බුර්කාව සුළඟේ ගොස් පඬුවස්නුවර පඬු පැහැ ගැන්වී විශාලා මහනුවරක් වුණු පුරවර ‘අල්ලාහු අක්බර්‘ හඬ ඇසුණු මහා දෙව් මැඳුරුවලින් නැගුණු වෛරයේ ගිණිදැල්වලින් අළුව ගිය මනුෂ්‍යත්වය කළු ගැහුණු අළු යට මා දුටු රතු සිහිනයේ වෙඩි වැදී තිබුණා බුදු හිමිට අවි දරා සිටියේ සුදු රෙදි පොරවාගත් ගෝත්‍රික පිරිසකි සුළු ලේ ඥාතීන් රැකගත නොහැකි නම් රටකට නැසේවා මගේ දැය!!! නැසේවා මගේකම!!! නැසේවා සිහලබව!!! ~ශක්තික සත්කුමාර~