Posts

Showing posts from April, 2021

ව්‍යාජ ජනතාවාදයෙන් මිදුණු සැබෑ විප‍්‍රවාසී කවියක් - "නිමා වූ ඍතුවක ශේෂ පත‍්‍ර"

Image
මාලන් සැබෑ සැබෑ විප‍්‍රවාසී කවියකු වී ඇත. ඔහුගේ ‘නිමා වූ ඍතුවක ශේෂපත‍්‍ර’ නමැති නවතම කාව්‍ය සංග‍්‍රහය මගින් විශද වන ඒ අවංකත්වය ප‍්‍රථමයෙන් ම අගය කළ යුතුව ඇත. ස්වකීය මධ්‍යම පාන්තික කුටුම්භ සංස්ථාව රැුක ගැනුමට විදෙස්ගත ව මෙරට පීඩිතයන් පිළිබඳ ලියන ව්‍යාජ මානවවාදී කාව්‍යයන්ට සාපේක්ෂව මාලන්ගේ කවිය අවංක ය. අතීතකාමයෙන් මිදිය නො හැකි වන අවස්ථා කිහිපයක දී හැර ඔහු ලංකාවේ ඔහු හැර දමා පැමිණි චරිත, පරිසරය පවා තම කාව්‍ය වෙත කැඳවන්නේ නැත. මා එය දකින්නේ ඉදිරිගාමී පියවරක් ලෙස ය. සැබැවින් ම කවියෙකුට ජාතික රාජ්‍යයක් අවශ්‍ය නො වන බව මාලන් අපට පවසනු වැනි ය. ලාංකික පරිසරය ඇසුරු කරමින් ඔහු අතින් ලියැවෙන කාව්‍යයන්හි පවා අපට හමු වනුයේ තමන්ගේ අතීතකාමය සමග ගැටෙන කවියෙකි. විටෙක අතීත කාමයෙන් මිදීමට ඔහු අසමත් වුව ද තැනක ඒ සමග පොරබදන කවියෙකු මේ කාව්‍ය සංග‍්‍රහයෙන් මතු වෙයි. ‘සෝමාවතී වන්දනය’ හා ‘වියළි වැව් පිටිය මැද සිහිනය’ බඳු කාව්‍ය නිර්මාණ ඉක්මවා ‘පිරිත් හඬ’, ‘සඳ සහ මහද්වීපයක තනිය’ බඳු කවක් ළඟ මගේ පය පැකිළෙන්නේ එනිසා බව මට දැනෙයි. ‘ඒ මතක දෝතින් ම ගෙන සිඹ සඳ වතුර යට අතුරා යළි පිය නගමි කුටියට’ - (පිටුව.33) ලාංකේය කව

හාදුවක්!

Image
ගායනය - සමනලී ෆොන්සේකා සංගීතය - අරුණ ගුණවර්ධන පද - සුජීව හෙට්ටිතන්ත‍්‍රී මේ සින්දුව ගැන ලියන්න තීරණය කරන වෙලාව වෙනකොටත් යූ නාලිකාවෙ මේ සින්දුව බලපු ගණන 100K (ලක්ෂයක්) පසුකරලා. ඒ තරම් ප‍්‍රමාණයක් මේ සින්දුව බලන්න එක හේතුවක් සමනලී වෙන්න පුළුවන්. අනෙක් හේතුව වීඩියෝ ඒකේ තියෙන රූපෙ වෙන්නත් පුළුවන්. ලොකුම හේතුව ඔය කිව්ව දෙවන හේතුව වෙන්නත් පුළුවන්. ඒ රූපෙ තියෙන්නෙ ‘කිස්’ එකක්. ක්ෂේවියර් කණිෂ්ක, සමනලී ෆොන්සේකාට දෙන ‘කිස්’ එකක්. ලංකාවෙ මිනස්සුන්ගෙ මේ ලිංගික හීනමානයෙන් වැඩිපුරම වැඩ ගත්තෙ ඉරාජ්. සින්දු ඇතුළෙ විවේචනයට ලක් වෙන මේ කරුණම සින්දුව මේ තරම් ජනප‍්‍රිය වෙන්න හේතුව වෙච්ච ඒකේ තියෙන්නෙ බරපතළ උත්ප‍්‍රාසයක්. සින්දුව ගැන ලියන එක අත ඇරලා ඒ ගැන ලියන්නත් හිතෙනවා. සමනලී ගයන මේ අලූත් සින්දුව අපිට නම් කරන්න පුළුවන් නූතන සින්දුවක් කියලා. ඒ්ත් ඒක නූතන වෙන්නෙ මේ වගේ සමාජයක විතරයි. ඒ කියන්නෙ සින්දුව නූතන වෙලා තියෙන්නෙ අපි ඉන්නෙ පුරාතන සමාජයක නිසා. බටහිර යුරෝපෙ වැඩවසම් යුගයේ නම් මේ වගේ සින්දුවක් කියලා වැඩක් නෑ. මේ සින්දුවෙන් අහන කිසිම  ප‍්‍රශ්නයක් එහෙ ප‍්‍රශ්නයක් නෙවෙයි. අපි ඒ ප‍්‍රශ්න ටික මෙන්න මේ විදියට

කම්කරු දේශපාලනයෙන් ජාතිකවාදී දේශපාලනයට ‘නැති වූ පුරුක’ - "බඹරු ඇවිත්"

Image
සමාජ ප‍්‍රතිවිරෝධයන්ගේ වර්ධනය, සමාජ ව්‍යාපාරයන්ගේ එළිපත්ත මත නොනවතී. ඒවා වඩා ප‍්‍රගතිශීලි දිශාවට මෙහෙයවා ගැනීමට වැඩකරන පන්තින් අසමත් වන්නේ නම්, සමාජ ව්‍යාපාරයන් යට කරමින් ගලා යයි.  ලාංකීය දේශපාලනයේ මීට මාස කිහිපයකට පෙර පැවති නිස්කලංක බව බිඳ දමමින් මහජන බලවේගයන් සටන් බිමට තල්ලූ කර දමා ඇත. මෙහි සමාරම්භය සනිටුහන් වනුයේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පෞද්ගලිකකරණය කිරීමට ආණ්ඩුව දැරූ උත්සාහයට වරාය කම්කරුවන් ඇතුළු ලංකාවේ කම්කරු ව්‍යාපාරය නැගී සිටීමෙනි. මෙවන් සන්දර්භයක් තුළ 40 වසරකට වඩා පැරණි සිංහල චිත‍්‍රපටයක් යළි කියැවීමකට ලක්කිරීමට මෙවර ‘රළ‘ තුළ අපි උත්සාහ කරමු. ඒ චිත‍්‍රපටය ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත‍්‍රපටයයි. එහි තිරගත වර්ෂය වනුයේ 1978 වසරයි. 1978 වර්ෂය ආරම්භ වනුයේම 77 මහමැතිවරණයෙන් 5/6 බහුතර ජයග‍්‍රහණයකින් බලය පිහිටවූ එ.ජා.ප. ආණ්ඩුව සිය නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය දිගේලි කරගැනීමට අවශ්‍ය වන පරිදි මර්දන උපකරණ ශක්තිමත් කර  ගැනීමෙනි. චිත‍්‍රපටය තුළ නිරූපණය වනුයේ මෙවන් වාස්තවික පසුතලයක් මත කොළඹින් දුර බැහැර කල්පිටියේ ධීවර ගම්මානයක් හරහා ප‍්‍රාග්ධනය විස්තාරණය වන ආකාරයත්, ඒ් තුළ ධීවර ගම්මාන