Posts

Showing posts from January, 2017

28 - අර්බුදයේ අවබෝධය සහ පටලැවිල්ල අතර

Image
ප‍්‍රසන්න ජයකොඩි විසින් නිර්මාණය කරන ලද 28 සිංහල චිත‍්‍රපටයේ මාධ්‍ය දර්ශන සහ විශේෂ ආරාධිතයන් සඳහා දර්ශන දැනටමත් පෙන්වා ඇති නිසා ඒ පිලිබඳ සංවාදයක් මේ දිනවල පුවත්පත්වල ආරම්භ වී තිබෙනවා. පේ‍්‍රක්ෂකයන් බොහොමයකට තවමත් සිනමා ශාලා වලින් එම චිත‍්‍රපටය දැක ගැනීමට හැකිවී නැතත් අපද එම සංවාදයට මැදිහත්වීම අවශ්‍ය බව නිගමනය කළ නිසා මෙවර රළ ප‍්‍රධාන ඉඩකඩ ඒ වෙනුවෙන් වෙන් වෙනවා. විශේෂයෙන් මාර්තු මාසය තුල ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති නිසාත්, ස්ත‍්‍රී විමුක්තිය පිළිබඳව බොහෝ දේ මේ මාසයේ සාකච්ඡුා කෙරෙන නිසාත් එම සංවාදයට ප‍්‍රවේශය ගැනීම වඩාත් සුදුසු බව අපේ හැඟීම. කෙසේ වෙතත් චිත‍්‍රපටය ඔබ අතරින් බොහෝ දෙනෙකු නැරඹු පසුව සංවාදය පුළුල්ව ආරම්භ කෙරෙන අපේක්ෂාවෙන් මෙවර ඒ සඳහා ප‍්‍රවේශයක් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.     මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. චිත‍්‍රපටයේ නම පවා එම ක්ෂේත‍්‍ර දෙක පිලිබඳ ඉඟියක් ලබා දෙනවා. චිත‍්‍රපටයේ නම වන ‘28‘ සංඥා කිහිපයක් ලබා දෙන්නක්. 28 යනු කාන්තාවන්ගේ ඔසප් චක‍්‍රයේ එක වටයක් සම්පූර්ණ වීම සඳහා යන දින ගණන. එබැවින් එය ස්ත‍්‍රී