පුලූන් වලින් ජීවිතේ හොයන යකඩ ගැහැණිය - 'චන්දරේගේ Wife'
අපට ඉතිහාසයේ පිටු පුරා බොහෝ වීරයන්ගේ කතා් කියවන්නට ලැබෙයි. නමුත් වීරවරියන් හමුවන්නේ ඉතාම කලාතුරකිනි. ඊට හේතුව කාන්තාව තුළ වීරත්වය නොතිබීමද? ඉතිහාස පිටු තුළ ඇයට ඉඩක් නොතිබීමද? නැතිනම් සමාජ සැකැස්ම තුළ කුඩා කාලයේ සිටම ඇය තුළ ඇති වීරත්වය මතුවීමට අවකාශ නැතිකිරීමද? එසේත් නැතිනම් ඇගේ වීරත්වය ඉතිහාසය ලියන පිරිමි ඇස්වලට නොතේරීමද? ඇතැම් සිනමා නිර්මාණ බොහෝ දුරට එක් මාතෘකාවකට සීමාවන අතර ඇතැම් නිර්මාණ තුළ අපට විවිධ මාතෘතාවන් සඳහා දොරටු විවර කරන අතර කැමති දොරටුවක් විවර කොටගෙන අපට එහි කැමති දුරක් ඇවිද යා හැක. ‘චන්දරේගේ Wife’ චිත‍්‍රපටයේ නම තුළින්ම අපූර්ත්වයක් ගෙන එයි. චන්දරේ යන්නෙන් ග‍්‍රාමීය බවක් හැ`ගවෙන අතර Wife යන්නෙන් යම් විදිහක නාගරික හෝ මැදපාන්තික බවක් අඟවයි. ග‍්‍රාමීය හුරුවටම මෙහි ‘චන්දරේගේ ගෑණි’ වැනි නමක් භාවිත වූයේ නම් මෙහි ඇඟවෙන අර්ථය වෙනස් වෙයි. යම් ආකාරයකට චන්දරේගේ ගෑණි යන්න තුළ චන්දරේට යටත්වූ ඔහුගෙන් තොර අනන්‍යතාවයක් නොමැති ගැහැණියක් ඇඟවෙන අතර චන්දරේගේ උසෙැ තුළ යම් ලෙසක ස්වාධීන පැවැත්මක් ගැන ඇඟවීමක් ගෙන දෙයි. පවුලේ ආදායම් උපයන්නාවූ චන්දරේ නොකළ වරදකට බන්ධනාගාර ගතවීමත් සමග දියණ...