Posts

Showing posts from October, 2021

ඔක්තෝබරය සහ කලාව

Image
ඔක්තොබර් විප්ලවය වූකලී මෙතෙක් මානව ඉතිහාසයේ සිදුවුණු අසිරිමත්ම සංසිද්ධීන් අතරින් එකකි. එය හුදු දේශපාලන බල මාරුවකට එහා ගිය, අපේක්ෂාවන්ගේද, ලාලසාවන්ගේද උත්කෘෂ්ට ප‍්‍රකාශමාන වීමක් විය. ඊට සහභාගි වූවෝද ඊට නායකත්වය දෙනු ලැබුවෝද එකී ලාලසාවෙන් අලෝලනය වූවෝ වෙති. ඔවුන් අතර, ශීත මාලිගයට එල්ල කළ ප‍්‍රහාරයෙන් එහි අලංකාර වීදුරු කැටයම් බිඳී යාම ගැන ශෝකවුණු කොමිසාර්වරයෙක්ද විය. විප්ලවීය ආණ්ඩුවේ ප‍්‍රථම නෛතික නියෝගය වූෙයේ මොස්කව් ඇතුළු රුසියාවේ සෑම ප‍්‍රදේශයකම වූ පුරා විද්‍යාත්මක හා කාලාත්මක ස්මාරකවල ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයයි. ඒ, පැරණි පාලනයේ සංකේත කෙරෙහි කොපාවිෂ්ට වූ කම්කරුවන් ඒවා බිඳ දැමීමට ඉඩ තිබුණු බැවිනි.  විප්ලවයෙන් අනතුරුව ඒ ආසන්නයේම පැන නැගුණු සෝවියට් කලාව ආකෘතියෙන්ද අන්තර්ගතයෙන්ද මානව සංස්කෘතියේ විශිෂ්ට දායාදයෝ වෙති. සාහිත්‍ය, චිත‍්‍ර හා මූර්ති කලාව, නාට්‍ය හා සිනමා කලාව ආදී සකල විධ කාලාංගයන්ගේ නියැළුණු ඉදිරිගාමී ම කොටස් විප්ලවයට ආකර්ශනය වූ අතර පෙරලා විප්ලවය සංස්කෘතික වශයෙන් පෝෂණය කරවීය. චිත‍්‍ර කලාවේදී වසිලි කැන්ඩින්ස්කි, නාට්‍යවේදී මෙයර්හොල්ඞ්, මුර්ති ශිල්පී ව්ලැද්මීර් ටැට්ලින් මේ අතරි

හන්තාන පමණමද?

Image
පද රචනය - නන්දසිරි කීඹියහෙට්ටි සංගීතය   - මහින්ද බණ්ඩාර ගායනය - ඉන්දික ලියනගේ පේරාදෙණි සරසවියත් ඒ නගරයත් ලංකාවේ සාහිත්‍ය-කලා ව්‍යාපෘතිය ඇතුළෙ වගේම මුළු මහත් සංස්කෘතික ක්ෂේත‍්‍රය පුරා ම අත්පත් කරගෙන තියෙන්නෙ සුළුපටු වූ ආධිපත්‍යයක් නෙවෙයි. පශ්චාත් යටත්විජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරි වෙච්ච දූපතක කඳුගැටයක් උඩ පිහිටලා තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහා විසාලෙට දැකපු පෙම්වතකු ගැන අතිඋත්ප‍්‍රාසනීය කවියක් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ‘විසල්’ කියලා ලියලා තියෙනවා. පශ්චාත් යටත්විජිත මානසිකත්වයත් එක්ක ජාතිකවාදය කලවං වුණාම වෙන අකරතැබ්බය ඒකෙ තියෙනවා. ලෝකෙ ලොකු ම, උස ම, දිග ම, පළල ම, වැඩි ම, ලස්සන ම විශ්වවිද්‍යාලය තියෙන්නෙ එතන කියලා හිතාගෙන පේ‍්‍රම කවි, සින්දු ලියන මහත්තුරුන්ට නොදැනෙන්න වගේ පාරක් ඒ කවියෙන් ගහනවා. අපි අද කතා බහ කරන්න තෝරාගත්ත සින්දුවත් ඒ වගේම අරමුණකින් රචනා වෙච්ච ගතියක් පේනවා. ඒත් මස්ඉඹුලගෙ කවිය තරමට ඒ වැඬේ කර ගන්න මේ සින්දුවට පුළුවන් වෙන්නෙ නෑ. එහෙම වෙලා තියෙන්නෙ ඇයි, කියන එක ගැන කතා කරන්න අපි අද මේ ඉඩ වෙන් කරනවා. අර්බුදය පටන් ගන්නෙ නමෝ විත්තියෙන් ම යි. ඒ කියන්නෙ පද රචනයෙන්. පේරාදෙණිය ස

නිම්නාට මිස ඉතිහාසයට සුරතාන්තයක් නැත!

Image
(කෞශල්‍ය කුමාරසිංහ ලියූ 'නිම්නාගේ ඉතිහාසය' කෘතිය පිළිබඳ කියැවීමක්)   නිම්නාගේ උපතත්, ඇගේ පියා වූ අමරගේ විපතත් බර්ලින් තාප්පය බිඳ වැටෙන දිනයේම සිදුවීම කිසිසේත්ම අහම්බයක් නොවන අතර නවකතාව නිශ්චිතවම දේශපාලනික එළඹුමක පිහිටුවීමකි. විය යුතු පරිද්දෙන්ම ඉනික්බිති නිම්නාගේ පැවැත්මේ චලනය සිදු වන්නේ ෆුකුයාමා විසින් ‘ඉතිහාසයේ අවසානය පිළිබඳ උදාන වාක්‍ය’ නිවේදනය කරන පසුබිමකය. පාරිභෝජනවාදයම මිස වෙනත් පුරුෂාර්ථයක් උත්කර්ෂයට නොනංවන ලද සමාජ මොහොතක් තුළ ‘නිම්නා නම් ශරීරය’ මිස ‘මිනිස් ජීවිතයක්’ අපට මුණ නොගැසේ. එනිසා ම ඇගේ වංශාවලිය තුළ රමණී හෝ චාලට් හෝ ඇග්නස් හෝ මිලි නෝනා හෝ මුහුණ දුන් ආත්මීය කම්පනයන්ට නිම්නා අභිමුඛ වන්නේ මඳ වශයෙනි. ඇය වග කියන්නේ ශරීරයටත් ඉන් කැණ ගත හැකි ප‍්‍රමෝදයටත් පමණි. මෙනිසාම නිම්නාගේ චරිතය නිරූපණය කිරීමේදී ඇගේ විලාසිතාමය සර්වාංගය වචනානුසාරී ඡායාරූපයකට නැගීමට වඩා යමක් කතුවරයා විසින් කළ යුතු නොවේ. ගුචි ගිල්ටි සුවඳ විලවුන් බඳුනකින්, බෙල්ජියම් චොක්ලට් කුකීස් පෙට්ටියකින්, අවිරාටේ ගවුමකින්, ඇපල් අයිපෝනයේ ඡුායාරූප සංස්කරණ මෘදුකාංගයකින් සන්තර්පණය වන්නට තරම් ඇගේ විශ්වය කුඩා වන අතර කොටි

වසර විසිහතරකට පසු 'ටයිටැනික්'!

Image
වසර විසිහතරක් පැරණි විදෙස් චිත‍්‍රපටයක් පිළිබඳ මෙවර ‘රළ’ කලාපයෙන් යළි සාකච්ඡා කිරීමට අපි අදහස් කළෙමු. ඒ ‘ටයිටැනික්’ චිත‍්‍රපටය, මෙරට තිරගත වූ කාල වකවානුවේ, චිත‍්‍රපටයේ නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා ප‍්‍රදර්ශනයේ ප‍්‍රාග්ධන තර්කණය විසින් එහි ඇතැම් කලාත්මක හා දේශපාලන කාරණා යට ගියා යැයි අපට හැෙ`ගන බැවිනි. අනෙක් අතට චිත‍්‍රපටයේ වන බහුවිධ ජනප‍්‍රිය ශෛලිය සහ එහෙයින් ම පැන නගින චිත‍්‍රපට තිර රචනාවේ ඇති තාක්ෂණික දුර්වලතා ද මේ කතිකාවට හේතූභූත වූවාට සැකයක් නැත.  එහෙත් චිත‍්‍රපටය, තිස් වසරකට පසු නැරඹූ අපට එදා චිත‍්‍රපටය පිළිබඳ ඇති වූ ජනප‍්‍රිය කතිකාවෙන් ගිලිහී ගිය ඇතැම් කලාත්මක හා සාමාජීය කාරණා අද කියවා ගත හැකිය. ජනප‍්‍රිය හොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්ගේ මෙම සිනමා නිර්මාණය ගැන 24 වසරකට පසු සිදු කෙරෙන මේ විචාරය චිත‍්‍රපටය පිළිබඳ යම් ස්ත‍්‍රීවාදීමය ප‍්‍රවේශයක් ලෙසද පාඨකයකුට හැ`ගීී යාමට ඉඩ ඇත. ඒ පිළිබඳ සාකච්ඡුා කිරීමට චිත‍්‍රපටයේ තිර රචනය හා එහි ව්‍යුහීය ගොඩනැඟීම මඳක් විමසා බලමු.  මෙම සටහන වචනයෙන් විස්තර කළහොත් චිත‍්‍රපටයකදී ප‍්‍රාථමික ලෙස පෙනෙන්නට තිබෙනුයේ චරිත වන අතර එකී චරිත අභිලාෂ සහිතව