Posts

Showing posts from May, 2020

වසංගත සමයේ සිනමාව

Image
වසංගත ආසාදන සම්බන්ධ කතා පුවත් ඇසුරින් නිර්මාණය වූ සිනමා නිර්මාණවලට වැඩි අවධානයක් ලැබිණි. මේ කෙටි සටහන, වැඩි අවධානයකින් එකිනෙකා සමග හුවමාරු කරගනිමින් බාගත කරගනිමින් ලංකාවේ සහෘදයන් ද නැරඹූ එවැනි චිත‍්‍රපට කිහිපයක් සම්බන්ධවය. The Flu දකුණු කොරියාව වෙත භාණ්ඩ ප‍්‍රවාහන කන්ටේනරයක් මගින් පැමිණෙන අනවසර සංක‍්‍රමණිකයන් පිරිසක් හරහා ඇතුලූවන මාරාන්තික වෙරෙසයක් නිසා සම්පුර්ණ නගරයක් මරණය අභිමුවට යන ආකාරය දැක්වෙන සිනමා නිර්මාණයකි. මිනිස් ජීවිත හුදු ඉලක්කම් බවට පත්වී ආසාදනය නොවූු පිරිස් සමග මුළු නගරයම වසා දමා මියයන්නට ඉඩහරින තීන්දුවත් එයට එරෙහිව ජීවිත වෙනුවෙන් සටන් වදින මිනිසුන්ගේත් කථාවයි The Flu. 2013 වසරේ නිකුත්වූ මෙම චිත‍්‍රපටය Kim Sing-su නම් කොරියානු අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණ කාර්යයකි. Train to Busan අසාමාන්‍ය ලෙසින් පැතිරෙන වෛරසයක් මගින් මිනිසුන් මෘගයන් බවට පත්වෙයි. තම දියණියගේ උපන්දිනය දින ඇයව ඇයගේ මව වන සිය පෙර බිරිඳ වෙත රැුගෙන යන පියකු හා දියණියක වටා චිත‍්‍රපටය දිවෙයි. තමන් පසුකර යන නගර එකින් එක අසාදනයෙන් බිඳවැටෙන අතර දුම්රියේ මගීන් තම දිවි රැකගනිමින් ආරක්ෂිත Busan නගරය වෙත යාමට

‘මේ සියල්ල පුපුරනා කාලයක්’ - තිළිණ බ්ලිස්

Image
අපි මේ තීරුවට නම දැම්මෙ Song Box කියලා. හැබැයි ඒ නම ගොඩක් පරණයි කියලා හිතුණෙ මෙවර හඳුන්වාදෙන්න බලාපොරොත්තුවන නිර්මාණය ශ‍්‍රවණය කළාම. ඇත්තටම සින්දුවක් කියන්නෙ මොකක්ද? අපි මුලින්ම සිංදුව එහෙම නැත්නම් ගීතය කියන එකේ අර්ථ නිරුක්තිය හොයමු. වෙබ්ස්ටර් ජාත්‍යන්තර ශබ්ද කෝෂයට අනුව, song යන්න පැරණි ඉංග‍්‍රීසියෙහි singan යන්නෙන් ප‍්‍රභවය වූවක්. එහි තේරුම ගායනය කිරීම යනුයි. එහි විශේෂත්වය වන්නේ කිසිවකුගේ කටහඬක් (voice) උදෙසාම නිර්මාණයවීමයි. 1 The rendering of vocal music, more widely: any melodious utterance 2. A music composition for the voice or for several voices මේ අර්ථ දෙකෙන් මෙන්ම බි‍්‍රටැනිකා විශ්වකෝෂය song යන පදයට ලබා දී ඇති අර්ථයෙන් ද එය තහවුරු වෙනවා. "Piece of music performed by single voice, with or without instrumental accompaniment"  මේ මොහොතවන විට ගීතය යනු හුදෙක් ‘කටහඬක්’ පමණක බවට පත් වී තිබෙනවා. මං කියන්නෙ මේ මොහොතවන විට ‘ගීතය’ ලෙස අධිනිශ්චය වී ඇති form එක ගැන. ඒක දැන් අන්තර්ගතයෙන් (content) තොර හිස් හඬක් පමණක් බවට පත්වී තිබෙනවා. එක්කෝ ගීතය නමැති ශානරය මින් ම

මැයි 01 - හුදකලා කළ සමයක, තනි නොවීම !

Image
මැයි පළමුවැනිදා ගන්නා ලද මේ සේයාරුවෙන් දැක්වෙන්නේ  කොරෝනා වසංගතය නිසා තදින් බැට කෑ ඉතාලියේ නගරයක ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් කළ රක්ත වර්ණ රිබන් පටි සැරසිල්ලකි. වෙනත් වසරවලදී මැයි 1 වැනිදා ලෝකයේ ප‍්‍රධාන නගර වීදි ඔස්සේ මිලියන ගණනක් වැඩකරන ජනතාව ජාත්‍යන්තර සහෝදරත්වය සංකේත්වත් කරමින් ගමන් කළහ. එසේම වසරක් පාසා ඔවුහු පාලක පන්තියේ සූරාකෑමට හා මර්දනයට එරෙහිව හඬ නැගූහ. කොරෝනා වසංගතය මැද මෙදා එසේ කළ නොහැකි වුවත් ලොව පුරා පීඩිතයන් නියෝජනය කරන සංවිධාන සහ වැඩකරන ජනතාව මෙදාත් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරූහ. වසංගතය මැදින් මේ වන වි ට ලෝකය පුරා ෆැසිස්ට්වාදී බලයක් ව්‍යාප්ත කිරීමේ අනතුරක් උද්ගතව තිබේ. දෙවන ලෝක යුද සමයේ නාසිවාදීන්ගේ සිරකුටිවල සිටි කොමියුනිස්ට්වාදීන් කම්කරු දිනය සැමරූ අත්දැකීම සුවිශේෂී වේ. නාසි අත්අඩංගුවේ සිටි චෙක් ජාතික කොමියුනිස්ට්වාදී පුවත්පත්කලාවේදියා, ජූලියස් ෆුචික් ඒ ගැන මෙසේ ලියා තැබීය.  "අද 1943 මැයි පළමුවැනිදාය.  විරාමයක් ලැබීමෙන් මා හට ලිවීමට ඉඩ කඩ ලැබුණි. කොතරම් වාසනාවක්ද? නැවතත් මොහොතකට හෝ කොමියුනිස්ට්වාදී කතුවරයකුවීමට හැකිවීම... නව ලෝකයෙහි මැයි දින පෙළපා

ව්‍යසනයට සිනමා අර්ථකථනයක්... Contagion

Image
අනාගතය ගැන පුරෝකතනය කිරීම දෛව්‍යඥයන්ගේ කාර්යයක් ලෙස අප වර්ග කොට ඇත. නමුත් තියුණු සමාජ කියවීමක් ඇති නිර්මාණකරුවෙකුට වර්තමානය තුල අනාගතය ප‍්‍රතිනිර්මාණය කිරීමට තිබෙන හැකියාවට කදිම උදාහරණයකි Contagion. පළමුවරට මෙම චිත‍්‍රපටය නරඹන්නකුට එය ලෝක ව්‍යාප්ත වසංගතයක් පිළිබදව හැදුණු තවත් එක් චිත‍්‍රපටයකි. කි‍්‍රයාදාම ස්වරූපයේ සහ කුතුහලය දනවන අද්භූත සිදුවීම් ඇතුළත් මෙම තේමාවේ මීට වඩා සාමාන්‍ය පේ‍්‍රක්ෂකාගාරය ආකර්ෂණය කළ හැකි චිත‍්‍රපට ඇති බැවින් එහි කිසිදු විශේෂත්වයක් නොමැති විය. නමුත්අද අප අත්විදින අත්දැකීම් සමග නිර්මාණකරුවා එතෙක් වර්තමාන සමාජය අත්විද නොතිබූ අර්බුදකාරී  වටපිටාවක සමාජය කෙසේ හැසිරෙනු ඇත්දැයි පුරෝකතනයකර තිබෙන ආකාරය විශිෂ්ඨය. ආරම්භයේ සිටම සමීප රූප රාමු මගින් ආසාදිතයෙකු විදුලි සෝපාන බොත්තම්, දොරවල් ආදිය ස්පර්ශ කරන ආකාරය දැක්වීම තුලින් එම වසංගතය ව්‍යප්ත වන අකාරයත් එහි ඇති අවදානමත් දැක්වෙන අතර එම රූප රාමුවලට නිසි පරිදි සංවේදීවූයේ මෙම වසංගත තත්වයට සැබෑ ලෙස අභිමුඛවීමෙන් පසුව යැයි හැගෙයි. චිත‍්‍රපටය ආරම්භවන්නේ වසංගතය ව්‍යාප්තවීම ඇරඹී 2 වන දිනයේ සිටය. එතැන් පටන් එකින් එක දින ගෙවන ආකාරය

"අංගුලිමාල සුළඟ" - පේ‍්‍රමයේ රික්තකයට ද? දර්ශනයේ අඩවියටද?

Image
මිනිසා මානවීයත්වය අත් කරගත්තේ පරිණාමයේ කවර මොහොතකදීදැයි හරියටම නොදනිතත් ඒ ක‍්‍රියාවලියෙහි ලා පේ‍්‍රමය නම් සාධකය විසින් වෙසෙස් භූමිකාවක් රඟ දක්වන්නට ඇති වග නිසැකය.  පේ‍්‍රමය  වනාහී සකලවිධ මානුෂික බැඳීම්හි භාවමය පදනම වූවා පමණක් නොව එය ශිෂ්ඨාචාරය පෙරට තල්ලු කරන  අධ්‍යාත්මික දැති රෝදය ද වූවේය. ගැහැණිය සහ පිරිමියා අතර වන අතිශයින් සොබාවික ඛණ්ඩනය ඇතැම් දාර්ශනිකයන් විෂයේ තවමත් නොවිසඳුණු අබිරහසක් වුවද  පේ‍්‍රමය  වනාහී ඇස් පනා පිට ඔප්පු වන ප‍්‍රත්‍යක්ෂයක්ම විය. ඒ සා සජීවී සමලංකෘත භාවයකින් සමන්විත  පේ‍්‍රමය  නම් අධ්‍යාත්මික  බලසම්පන්නභාවයටද ශිෂ්ඨාචාරයේ එක් දුර්දාන්ත සමයකදී අභියෝගකාරි දෛවයකට පපුව දෙන්නට සිදුවිය. ඒ වනාහී ආදිතම ආදරවන්තයන් අවසිහියකින්වත් කල්පනා කළ තත්ත්වයක් නොවීය. ඒ භාග්‍යවත් ආදරවන්තයන්ගේ යුගයට තවත් බොහෝ යුග ගණනකට ඉක්බිති ධනවාදය නම් රුදුරු නියතයක් ශිෂ්ඨාචාරය අබියසට ප‍්‍රාදුර්භූත විය. කොතෙක් අනුත්තර වුව ද ලාභ ඉපැයිය නොහැකි කිසිදු ප‍්‍රපංචයක පැවැත්ම ධනවාදය විසින් සහතික නොකළේය. එක්කෝ පැවැත්මේ අනුත්තර රූපකාය වෙනුවට විකාරරූපී දෛවයක් ඊට ආදේශ කළේය. දෙහදක අකලංක ගනුදෙනුව වැලන්ටයින් රෝස