Posts

Showing posts from August, 2018

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

Image
දැවෙන විහඟුන් සිනමා පටය සිනමා ශාලාවලින් ගැලවී අවසන්ය. චිත‍්‍රපටය පිළිබඳ සිදුකෙරුණු කතා බහ, චිත‍්‍රපට කණ්ඩායම තුළම මතුවූ විසංවාදයන්ගෙන් ගිලීගිය අතර, (එම විවාදයට මැදිහත්වීමට අප බලාපොරොත්තු නොවන අතර) ”කලාකෘතියක් ලෙස චිත‍්‍රපටය පිළිබඳ” සංවාදයකට පැවැතියේ ඉතාමත් අවම මට්ටමේ ඉඩකි. ඒ අතර, චිත‍්‍රපටයේ කලින් දර්ශනවාරවල නොතිබූ දර්ශන කොටස් පසුකාලීන දර්ශනවලට ඇතුල්වීමක් පිළිබඳවද කතා බහක් ඇති විය. ඉතින්, ‘දැවෙන විහගුන්’ චිත‍්‍රපටය පිළිබඳ විචාර කතිකාව මෙවන් සංදර්භකය පවතින අතරම චිත‍්‍රපටය පිළිබඳව අපගේ අදහස ‘රළ’හි සටන් කිරීමට අප තීරණය කළා. චිත‍්‍රපටයේ කතා වින්‍යාසයට පාදක වෙන සිද්ධි දාමය 80 දශයේ අග භාගයේ, ලංකවේ නැගෙනහිර පළාතේ සිදුවූ, තමාමද අත්දුටු සත්‍ය සිදුවීම් දාමයක් බව චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාරම පුවත් පතකට පවසා තිබුණි. කෙසේවෙතත්  චිත‍්‍රපටයේ දිගහැරෙන පරිදි, එකී සිදුවීම් දාමයේ ආරම්භය සහිටුහන් වනුයේ, 80 දශකයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ සන්නද්ධ අරගලය තුළ කි‍්‍රයාකාරී වූ සුනිල් නම් ජ.වි.පෙ. කි‍්‍රයාධරයා, ආණ්ඩුවේ අතුරු හමුදා ඛණ්ඩයක් විසින් පැහැරගෙන ගොස්, සමූහ මිනීවලක් තුළ මරා පුළ