Posts

Showing posts with the label Bob Marley

'I Shot the Sheriff'

Image
පද  - Bob Marley, සංගීතය හා ගායනය - The Wailers, Bob Marley 1973 වසරේ බොබ් මාලේ එයාගෙ බෑන්ඩ් එකත් එක්ක පටිගත කරලා නිකුත් කරපු මේ සින්දුව ගැන අපි මේ වෙලාවෙ කතා කරන්න තීරණය කළේ 2022 වසරෙ ලංකාවෙ සිද්ද වෙච්ච මහජන නැඟිටීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕන කරන දොරටුවක් මේකෙන් විවර කර ගන්න පුළුවන් කියලා හිතුණ නිසා.  බොබ් කියන විදියට එයාට ඕන වුණේ  I Shot the Police කියලා කියන්න වුණාට ආණ්ඩුවෙන් එල්ල වෙච්ච විරෝධය නිසා Police වෙනුවට Sheriff  කියලා දාන්න සිද්ද වෙලා තියෙනවා. ඒකෙන් අර්ථයේ වෙනසක් සිද්ද වෙන්නෙ නෑ. මොකද, පොලිස් කිව්වත් ෂෙරිෆ් කිව්වත් සංකේතවත් වෙන්නෙ අධිපති රාජ්‍ය ක්‍රමය ම යි.  සින්දුවෙ දි බොබ් කියනවා එයාට ෂෙරිෆ්ට වෙඩි තියන්න සිද්ද වුණේ ඇයි, කියලා. මුළු ජීවිත කාලෙ පුරා ම ඔය කියන ෂෙරිෆ් උත්සාහ කරල තියෙන්නෙ එයාව වැරදිකාරයෙක් කරන්න. ඒ විතරක් නෙවෙයි ෂෙරිෆ් ඉන්නෙ එයාගෙ පැත්තට තුවක්කුවකුත් දික් කරගෙන. ඒ වගේ වෙලාවක බොබ් අහන්නෙ තමන්ගෙ ආත්මාරක්ෂාවට වෙඩි තියන්න සිද්ද වෙච්ච එක්ක වැරැද්දක් ද කියලා.  මුළු ජීවිත කාලෙ ම බිත්තිය මුල්ලට තල්ලු කරලා තිබ්බ ලංකාවෙ මිනිස්සු 2022 ...