Posts

Showing posts from January, 2021

නිසලව ගලා බසින්නේ දොන් නදිය පමණක් නොවේ!

Image
මිහයිල් ෂොලහොව් විසින් රචිත Quietly Flows the Don කෘතිය, වඩාත් ලෝක සාහිත්‍යයේ අවධානයට ලක්වූ කෘතියකි. සෝවියට් ලේඛකයකු වූ ෂොලහොව් නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේ මෙම කෘතිය හේතුවෙනි. මහින්ද සෙනරත් ගමගේ විසින් පරිවර්තිත වෙළුම් 4කින් පාඨකයා අතට පත්ව වසර කිහිපයකි. මේ වෑයම, එම කෘතිය සාහිත්‍යමය හා දේශපාලනමය කියවීමක් කිරීමටය. මිහයිල් ෂෝලහොව් පිළිබඳව ජනප‍්‍රිය අදහස වන්නේ ඔහු කොමියුනිස්ට් ලෝකයක් අරභයා අනුත්තර ප‍්‍රාර්ථනාවකින් සාහිත්‍යකරණයේ නියැළුණු සමාජ සත්තා යථාර්තවාදී රීතිය අනුදත්, ලේඛකයකු ලෙසය. වැඩිමනත් මහන්සියකින් තොරවම ප‍්‍රචාරක ලේබලය අලවා, සාහිත්‍ය කතිකාවේ බැරෑරුම් ඉසව් කෙරෙන් ඔහුගේ කෘති බැහැර කරන්නට ඇතැම් සාහිත්‍ය විශේෂඥයන් පෙළඹෙන්නේ එබැවිනි. එහෙත් ෂෝලහොව් එසේ බැහැර කළ නොහැක්කේ ඔහු සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනා ඇති නිසා නොවේ. සිය දේශපාලන පක්ෂපාතීභාවය තිබියදී සාහිත්‍යය කෙරෙහි ඔහු තුළින් පළවූ අකපට අව්‍යාජභාවය නිසාය. එහි ලා කෘතහස්ත උදාහරණය වන්නේ ‘දොන් නදිය නිසලව ගලා බසී’ නවකතාවය. පිටු දෙදහස් දෙසියයක් පුරා විහිදුණු මේ දීර්ඝ නවකතාව තුළ කතුවරයා අපට ආරාධනා කරන්නේ ඔහුත් සමගින් දොන් පෙදෙස