Posts

Showing posts from June, 2015

සිනහව අතරින් - Duplicate බුද්ධාගම වෙනුවට Original බුද්ධාගම

Image
සමාජ ප‍්‍රතිවිරෝධතා මගින් ආගම ප‍්‍රශ්න කරන හැම විටම, ආගම ස්වකීය පැවැත්ම යාවත්කාලීන කරගැනීමට යොදන ජනප‍්‍රිය උපක‍්‍රමයක් වෙයි. එනම්, ආගම, ශුද්ධ හා ව්‍යවහාරික ධරසටසබ්ක හා ෘමචකසජ්එැ, බුද්ධාගමේදී නම් වනවාසී හා ග‍්‍රාමවාසී, ක‍්‍රිස්තියානියේදී නම් රෙපරමාදු හා ප්‍රොතෙස්තන්ත‍්‍ර වශයෙන් තමාවම දෙකඩකර ගැනීමයි. මෙසේ ස්වකීය පැවැත්ම ප‍්‍රශ්න වන මොහොතේ තමාව දෙකඩ කර ගනිමින් ඉන් කෑල්ලක් බිල්ලට දී තම පැවැත්ම යාවත්කාලීන කර ගැනීම ආගමේ ඉතිහාසය පුරාවටම නිරීක්ෂණය කරගත හැකි දෙයක්. ආගමෙහි වලංගුභාවය, තාර්කිකභාවය ප‍්‍රශ්න වන හැම විටම ‘ඔය සැබෑ බුද්ධාගම නොවේ’ ‘ඔය සැබෑ දෙවියන් වහන්සේගේ ආගම නොවේ’ ආදී වශයෙන් තමාගෙම කොටසක් බිල්ලටදී ඇ`ග බේරා ගැනීම එහි සදාකාලික ස්වරූපයයි. මේ කාාරණාව මේ විදියට සංකල්පගත වුණේ මෑත කාලීනව බලපු චිත‍්‍රපටියක් හින්දයි. චිත‍්‍රපටිය මේ වන විටත් ලංකාවේ සිනමා ශාලා වල ප‍්‍රදර්ශනය වන, සනත් ගුණතිලකගේ සිනහව අතරින් චිත‍්‍රපටියයි. චිත‍්‍රපටය පිළිබඳ ගොඩ නංවා ඇති කතිකාව තුළ ‘මෙය ඔබේම ජීවිතයද?’ ආදී ප‍්‍රශ්න චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා වූ සනත් ගුණතිලකගෙන්, ලංකාවේ විචාර සමාජය නගා තිබුණු හැටි පහුගිය දවස්වල පුවත්