Posts

Showing posts from September, 2016

Second Hand ජීවිත ගැන Broadband විවරණයක්

Image
අතොල් ෆොගාඞ් නම් දකුණු අපි‍්‍රකානු  නාට්‍යකරුවාගේ නාට්‍යාවලිය සැලකීමේදී ඔහුගේ මුල්කාලීන Master Harold and the Boy's සහ Swizwe Bannsi is Dead (මේ නාට්‍ය දෙකම බුද්ධික දමයන්ත නාට්‍යවේදියා විසින් ‘මාස්ටර් හැරල්ඞ් සහ බන්සි මැරිලා’ නමින් ලංකාවේ වේදිකාවට ගෙනාවා) වැනි නාට්‍යවලදී ප‍්‍රබල ලෙස දක්නට ලැබුණු ‘කළු ජාතික පාරභෞතිකයන්’ ප‍්‍රතිනිෂ්පාදනය කිරීම වෙනුවට, ඔහුගේ පසුකාලීන නාට්‍යවලදී දක්නට ලැබෙන්නේ, කළු ජාතික විමුක්ති ව්‍යාපාරය දෙසට හෙළන වඩා සූක්ෂම විචාරශීලී බැල්මකි. සුදු ජාතිකයන් විසින් නෙල්සන් මැන්ඩෙලා ‘රොබන්’ දූපතේ සිරකරගෙන සිටි අවධිය පාදක කරගෙන රචනා වූ The Island නාට්‍යය විසින් ද මැන්ඩෙලාගේ  දේශපාලනයේ සිමාව කලාත්මකව විවරණය කරන ලද්දේ වුවද, ‘කළු ජාතික අනන්‍යතාවය’ රැුඩිකල් දේශපාලන මූලයන් ලෙස ගැනීමේ ෆොගාඞ්ගේ පැරණි සම්ප‍්‍රදායම ඉදිරියට ගෙනයන්නක් විය. කෙසේ වුවද, පසුගිය යෞවන නාට්‍ය උළෙලට, ෆොගාඞ්ගේ Hello and Good Bye නාට්‍යය ඇසුරින් ‘සනත් කරුණාරත්න’ නාට්‍යවේදියා විසින් නිෂ්පාදනය කොට  ඉදිරිපත් කළ Second Hand ජීවිත’ නාට්‍ය ඇසුරින් ‘ෆොගාඞ්’ පිළිබඳ කතිකාව අලූත් වූ බවයි අපේ අදහස. එය හුදෙ