Posts

Showing posts from July, 2016

සඳගිර පාමුල සිට දයලෙක්තිකය දෙස බැලීම

Image
මේ දිනවල අප පක්ෂය තුළ දාර්ශනික ප‍්‍රශ්න වලට අදාළ දේවල් පිලිබඳ සංවාදයක සහ අධ්‍යනයක නිරතව සිටිනවා. ඒ අතර සිංහල භාෂාවෙන් නිර්මිත කවිය තුළ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ රත්නශ‍්‍රී විජේසිංහ ‘ සඳගිර පාමුල‘ නමින් කවි පොතක් එලි දක්වා තිබෙනවා. මේ කවි පොත මුල සිට අගටම එකම කවියක් අඩංගු කර ගන්නා ආඛ්‍යාන කාව්‍යයක් හෙවත් කාව්‍යමය ආඛ්‍යානයක්. සාමාන්‍යයෙන් කාව්‍යමය ආඛ්‍යානයක් අන්තර්ගත කර ගන්නේ තනි කෙනෙකුගේ ජීවිතයේ අත්දැකීම් හෝ එසේත් නැතිනම් යම් කෙනෙකුගේ වීර චාරිකාවක්. සඳගිර පාමුල කෘතිය අන්තර්ගත කරගන්නේ ‘කිඳුරී‘ ලෙස හඳුන්වන ස්ත‍්‍රියකගේ ජීවන අන්දරය. කෙසේ වෙතත් අප මේ උත්සාහ කරන්නේ මේ ආඛ්‍යාන කාව්‍යය හරහා දයලෙක්තිකය පිලිබඳ අධ්‍යනයකට පිවිසෙන්න. ඒ කියන්නේ මේ කාව්‍ය විචාරයක්ම නෙවෙයි, ඒ වගේම නෙවෙයිත් නෙවෙයි. තවත් අරමුණ ගැන පිටුවේ ඉඩ නාස්ති නොකර අපි ප‍්‍රස්තුත මාතෘකාවට එළඹෙමු. දයලෙක්තිකය දයලෙක්තිකය සම්බන්ධ දාර්ශනික ඉදිරිපත් කිරීමේ සාකච්ඡුා කළ යුතු සංකීර්ණ පති කිහිපයක් තිබෙනවා. නමුත් දයලෙක්තිකය පිලිබඳ සංකල්පයේ ප‍්‍රධානතම පදනම වන්නේ එය යම් දෙයක පරස්පරතා එය තුළ එකට පවතිමින් කරන අරගලය එහි චලිතයට හේතු වන ආකාර

ගුණදාස කපුගේ ඔහුගේ සීමාව සහ සමාජයේ සීමාව

Image
‘මාරියාවේ - යථාර්ථවාදී කපුගේ සොයා’ යන තේමාවෙන් ඒකාබද්ධ ගුරුසේවා සංගමය විසින් සංවිධානය කෙරුනු රසවින්දන සන්ධ්‍යාවක් 2016 ජූනි මස 21 වැනිදා සවස නුවරඑළිය නගරශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවේ පළ කෙරුණු සමරු කලාපයේ පළ කෙරුනු විශේෂ ලිපියක් එහි විශේෂත්වය සලකා මෙවර ‘රළ’ කලාපයෙන් පාඨක ඔබ වෙත සමීප කරමු. ගුණදාස කපුගේ දේශපාලන අදහස් රැුගත් ගීතය ලංකාව තුළ ජනප‍්‍රිය කිරීමේ පුරෝගාමියෙකි. ඔහුගේ සුවිශේෂී කටහඬද ඔහුගේ සංගීතයද ඔහු තෝරාගත් ගීත රචනා වල විශේෂ ස්වභාවයද විසින් කපුගේ ලංකාවේ ගීතයේ ඉතිහාසයේ නොමැකෙන මං සලකුණක් බවට විවාදයක් නැත. ඔහු ඒ බොහෝ පැතිවල විශිෂ්ටයෙකි. රජරට හේන් ගොවියෙකුගේ වියලි, ගැඹුරු සහ ජනප‍්‍රිය අර්ථයෙන් ‘මෘදු නොවන‘ ඔහුගේ කටහඬ මෙන්ම ඔහු විසින් අනුයනු ලැබූ හැම විටම ශ‍්‍රැතියෙන් හික්මවනු නොලැබූ ශ‍්‍රැතියෙන් පිට ගයනාව පොලා පැනීමේ ලක්ෂණයද විසින් කපුගේ එක්තරා අන්දමකට ජන ගායකයෙකුගේ ස්වභාවය හිමි කර ගත්තේය. කටහඬ මෙන්ම ගායන විලාශයද සංගීතයේ සම්මත ශික්ෂිත සීමාවෙන් ඔබ්බට ගෙන යාම නිසාම කපුගේ වඩාත් හිමිකම් කීවේ සම්භාව්‍ය සංගීතයට වඩා ජන සංගීතයේ, ජනප‍්‍රිය සංගීතයේ සහ සම්භාව්‍ය සංගීතයේ මුහුම්කරණයක් වූ