Posts

Showing posts from July, 2019

”සිංහල සංගීතයේ” නිෂ්පාදන ආර්ථිකය හා දේශපාලන ආර්ථිකය

Image
(ක්ලැරැන්සියානු පොප් සංගීතය කෘතිය පිළිබඳ අදහසක්) මෑත භාගයේ ලංකාවේ සංගීත කතිකාව තුළ ජනපි‍්‍රය සංගීතඥයකු හා ගායකයකු වූ කැලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳ උනන්දුවක් ඇවිළ තිබීම නිරීක්ෂණය කළ හැකි කාරණයකි. මේ සමාජීය උනන්දුවේම කොටසක් ලෙස අප පක්ෂයේ තරුණ සංගමය මඟින් ද ඔහු පිළිබඳ සම්මන්ත‍්‍රණ කතිකාවක් සංවිධාන කළ බව රළ පාඨක ඔබට මතක ඇති. ඊටත් පෙර ප‍්‍රවීණ කිවියර පරාක‍්‍රම කොඩිතුවක්කු විසින් ”ක්ලැරා” මැයෙන් ඔහු පිළිබඳ ග‍්‍රන්ථයක් ද කරන ලදී. මේ මෑත කාලීන ”ක්ලැරන්ස් උනන්දුවේ” අලූත්ම ප‍්‍රකාශ මානය වනුයේ නදීක ගුරුගේ සංගීතවේදියාගේ ”ක්ලැරැන්සියානු පොප් සංගීතය” කෘතියයි. අපේ මතකය ට අනුව කැලැරන්ස් පිළිබඳ නදීකගේ උනන්දු ද ඉතා ඈත කාලයකට දිව යන්නකි. 90 දශකයේ අවසාන භාගයේ”සංයුග්ම” මැයෙන් නිකුත් වූ ඔහුගේ සීඞී ගීත තැටියේදී ද ඔහු ක්ලැරන්ස්ගේ ගීත කිහිපයක් අනුගායනා  කොට තිබූ බව අපේ මතකයේ ඇත. කෙසේ වෙතත් ස්වකීය 20 වසකට අධික නිර්මාණ චාරිකාවේ හැදෑරීම සහ  අත්දැකීම් පාදකට කොටගෙන ලියන ලද ”ක්ලැරන්සියානු පොප් සංගීතය” කෘතිය ”ක්ලැරන්ස් පිළිබඳ පමණක් නොව වර්තමාන ලංකාවේ සංගීත කලාව, කර්මාන්තය පිළිබඳවම බරපතළ මැදිහත් වීමක් බව අපේ අදහ

වහල්භාවයෙන් නිදහස්වනු පිණිස ඉතිහාසයෙන් සාක්ෂි කැඳවීම

Image
සාහිත්‍යකරුවා ඉතිහාසඥයෙක් වන අතරම ඉතිහාසඥයෙකු ද නොවන්නේ ය. ඔහුට ඉතිහාසය මඟ හැර යා නොහැකි වන අතරම ඉතිහාසය අබිබවා යාමට ද සිදුවේ. මන්ද ඉතිහාසය වාර්තා කරනුයේ තිබූ ආකාරයෙන් පමණි. එසේ සිදු වූයේ කෙසේද යන්න ඉතිහාසඥයා අනාවරණය නොකරයි. ඒ බැවින් සාහිත්‍යකරුවාහට ඉතිහාසයේ එසේ සිදු වීමට හේත වූ සංකීර්ණ මානව ක‍්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට සිදු වේ. එම චලනයන් නැවත මිනිසා වෙත පෙරලා බලපෑම් කරන ආකාරය හෙළිදරව් කිරීම සඳහා සුසරකරගනු ලැබූ මානවවාදයක් ඔහු සතු විය යුතුය. ඉතිහාසකරුවා අබිබවායාමට සාහිත්‍ය කරුවා මතුව එන්නේ එවිටය. ඉසබෙල් අයියන්දේගේ Island Beneath the Sea නම් වූ මෙම කෘතිය, ‘මුහුද යට දිවයින’ ලෙසින් පරිවර්තනය කරනු ලබන්නේ නිලූක කදුරුගමුව විසිනි. ඉතිහාසයේ පැවති වහල් මෙහෙය සහිත යටත් විජිත අධිරාජ්‍ය සමය මෙහි කාල පරාසය නියෝජනය කරනු ලබයි. කෘතිය ‘මුහුද යට දිවයින’ ලෙසින් කතුවරයා නාමකරණය කරනු ලබන්නේ  හයිටිහි වහල් මිනිසුන් විශ්වාස කරනු ලැබූ මිථ්‍යාමය සිතුවිල්ලක් ඇසුරිනි. ඔවුන් විශ්වාස කළ පරිදි තමන් මිය ගිය විට මුහුද යට දිවයිනට යන වගයි. එහිදී සමකාමී දිවියක් ගෙවන  තම මිය ගිය මුතුන්මිත්තන් සමඟ එක්වීම ඔවුන්ගේ ද