Posts

Showing posts from December, 2019

වාමාංශික - සිංහල රණකාමයේ උත්කර්ෂවත් අවසාන සැණකෙළිය

Image
විමල් කැටිපේආරච්චිගේ 'නැළවෙන ගී මැද  ඕවිල්ල (NGO)' කෘතිය පිළිබඳ විමසුමක් නූතන යථාර්ථවාදී නවකතාව එහි ලෝක සහ යුග පරිමාණ, විපුලතරම ප‍්‍රකාශවීම්වලදී පවා ‘නිරීක්ෂකයා, නිෂ්ක‍්‍රීය නිරීක්ෂකයකු වීම නවකතාව මුහුණ දුන් ඓතිහාසික අර්බුදයක් වූයේය. මේ ඓතිහාසික අර්බුදය ජයගනු වස් සක‍්‍රිය නිරීක්ෂකයකු ගොඩනගා ගැනුමට නවකතාකරුවා විසින් දරන ලද වෑයම විසින් නූතන යථාර්ථවාදී නවකතාව, පසු නූතන-ඉන්ද්‍රජාලික නවකතාව බවට පත් විය. පසුගිය සියවසේ නවකතාවේ සිදුවූ ආකෘතිමය, ෂානරීය වෙනස්කම්වල කේන්ද්‍රයෙහි ඇත්තේ මෙන්න මේ නිෂ්ක‍්‍රිය නිරීක්ෂකයා වෙනුවට සක‍්‍රිය නිරීක්ෂකයකු ගොඩනැඟීමේ දේශපාලන ව්‍යාපෘතිය යැයි සැලකීම වරදක් නැත. එබැවින් අපේ යුගයේ බිහිවන බොහෝ නවකතා වියමන අතින්, කර්තෘ මූලික වනවාට වඩා පාඨ මූලික වීම දැකිය හැක. මෙය සරලව නවකතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීවීමක් හැටියට දකිනවා වෙනුවට, ජනසහභාගීවීමක් හැටියටය අප වටහා ගතයුත්තේ. එනම්, නවකතාව විසින් ‘කලින් අනාවරණය කරගත් සත්‍යයක්’ වමාරනු වෙනුවට පාඨකයා හා ලේඛකයා මැදිහත්වීමෙන් සත්‍ය ගොඩනඟාගැනීමක්, අනාවරණය කිරීමක් මේ තුළ දක්නට ඇත. විමල් කැටිපේආරච්චි ලියූ ‘නැළවෙන ගී මැද  ඕවිල්ල