Posts

Showing posts from May, 2022

Castaway on the Moon - ජීවිතය සොයන අතරමංවූවන්ගේ කතාව -

Image
අප ඉතිහාසයේ ඉතා නිශ්චිත තීරණාත්මක කාලසීමාවක් පසුකරමින් සිටිමු. නව ලිබරල්වාදය විසින් ඉහළට ඔසවා තබන ලද සාමූහික ජීවිතයෙන් විතැන්වූ හුදු පවුල් තුලට එයිනුත් එක් එක් පුද්ගලයා වෙත හුදෙකලා කරන ලද සමාජයක මිනිසුන් තවදුරටත් එසේ පැවතිය නොහැකි බව පසක් කරමින් ගෝල්ෆේස් පිටිය ඇතුලු බොහෝ තැන්වල කඳවුරු බඳිමින් සිටී. කිසිදු දිනෙක මේ ආකාරයේ සාමූහික ක්‍රියාකාරකම් සමග එක් නොවුන පිරිසක් මේ අරගල බිම් තුළ අපට හමුවෙයි සරළව ‘අපි හම්බකළොත් අපි කනවා’ යන සංකල්පය තීරණාත්මක ලෙසින් අභියෝගයට ලක්වෙමින් ඇත. සාමූහික අරගලයකින් තොරව විමුක්තියක් නොවන බව මිනිසුන්ට පසක් වෙමින් ඇත. මෙම නිමේෂය අප ජීවත්වන සමාජය කෙතෙක් දුරට ඉහළට ඔසවා තබයිද යන්න පිළිබඳව අපට දැනට පුරෝකථනය කළ නොහැක. කෙසේ නමුත් මෙය ඉතිහාසයේ හුදෙක් තවත් එක් සිදුවීමක් පමණක් නොවන බව යන කාරණය පැහැදිලිය. මේ සමාජ අර්බුදයෙන් තනිව කොහේ දිව ගියත් අපට එයින් ගැළවීමක් නොවන බව පැහැදිලිය. එය අප හමුවට තව තවත් තහවුරු කරණ චිත්‍රපටයකි, ක්‍්ිඒඅ්හ දබ එයැ පදදබග මනුස්සයෙක් පාලමක් උඩට වී තමන්ට ණය ලබාදුන් ආයතනයක පාරිභෝගික සේවා අංශයට දුරකථනයෙන් අමතා තමන්ට ගෙවන්නට ඇති ණය පිළිබඳ විමසා සිටී. ඔහු

'පල් හොරුනි'

Image
පද - මංජුල වෙඩිවර්ධන ගායනය/සංගීතය - ඉන්දිකා උපමාලි   මංජුල වෙඩිවර්ධන මේ සින්දුවට මුල් වෙච්ච කෙටි කවිය ලියන්නෙ 1997ට ආසන්න කාලෙ. ඒ අවුරුද්දෙ පළ වෙච්ච “නිරුත්තර සමාධිය” කියන පොතේ තමයි මේ කවිය මුල් වතාවට පළ වෙන්නෙ. එතන තිබුණෙ මෙහෙම;  “පල් හොරුනි මල් නො වන මගේ කවි ගල්වගේ දමා ගසනෙමි තොපට පල් වෙච්ච මඩ වලක් කෙරුවාට මල් සුවඳ හමා ගිය මගේ රට”  මේ පද සින්දුවක් වෙනකොට  ‘මඩ වලක්’ කියන කොටස යි ‘මල් සුවඳ ගලා ගිය’ කියන කොටසයි අයින් වෙනවා. ඒ කොටස් ඉවත් නො කෙරුවත් සින්දුවෙ සුගායනීය භාවය යි රිද්මයයි පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් නො වෙන්නෙ සින්දුවෙ ස්ථායි කොටසෙන්  ඒවා ඉවත් කෙරුවට අන්තරා කොටස්වලින් ඒ සංඥා පූර්ණය වෙලා තියෙන නිසා.  අන්තරා කොටස් ගැන කතා කළාට මව් කවියෙ තියෙන්නෙ අර ඉහළ දක්වලා තියෙන කොටස විතර යි. අන්තරා කොටස් රචනා වෙන්නෙ ම මේ කවිය සින්දුවක් කිරීමට ඇති වෙච්ච අවශ්‍යතාවය නිසා. කවිය ලියැවිලා අවම වශයෙන් අවුරුදු 25කට පස්සෙ මේ කවිය ගායනා කරන්න කෙනෙකුට හිතුණ නම් වෙඩ්ඩා ඒ වෙනුවෙන් අමුතුවෙන් අන්තරා කොටස් ලිවුව ම මොනව වෙනව ද ?  වැදගත් වෙන්නෙ සින්දුව ඇතුළෙ ලියලා තියෙන අන්තරා කොටස් මොනවද

ජෙට් එකේ දී සමන්සිරිට හමුවන්නේ ප්‍රතිසංස්කෘතික කවියෙක් ද?

Image
(ටිම්රාන් කීර්තිගේ ‘ඒ ජෙට් එකේ ගියේ සමන්සිරිමයි’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ විමසුමකි) “ජෙට් එක” ටිම්රාන් ගේ සිවුවැනි කාව්‍ය සංග්‍රහයයි. කවි පොත් හතරකට පසු, රාජ්‍ය සම්මාන දෙකක් ද රජත පුස්තක සම්මානයක් ද, ගොඩගේ සම්මානයක් ද, විද්‍යෝදය සම්මානයක් ද අතැතිව ටිම්රාන් ‘නිල’ කවියකු බවට පත් වී සිටී. එහෙත් වැදගත්ම කාරණය වන්නේ ඔහු වටා ගොනු වෙමින් සිටින රසිකාගාරය ය. ජනප්‍රිය ම තරුණ කවියා වැනි සම්මානයක් ද වේ නම්, බන්දුජීව හා තියුණු තරගයකට පසුව, එය ද හිමි කර ගැනීමේ විභවතාවක් ටිම්රාන් සතුය. මේ වන විටත් කවියට ඇතුලු වෙමින් සිටින නව රසිකාගාරය තුළ ටිම්රාන් සුරුවමක් බවට පත් වෙමින් සිටී. ඔහු වටා ගොනු වෙමින් සිටින මේ රසිකාගාරය වනාහී, ඔහුගේ කවිය ස්ථානගත වී ඇත්තේ කොතැනදැයි පිළිබිඹු කෙරෙන විශ්වාසවන්ත කැඩපතක් වැනිය. තරුණ රසිකාගාරය තුළ ටිමා ජනප්‍රිය වන ලක්ෂ්‍ය වනාහී ප්‍රවීණ යා පරල වූ තැනමය.ටිමා ගේ කවිය විසේකාරය. රස්තියාදුකාර ය. එහි ඇත්තේ ලක්ෂාන්ත අතුකෝරලගේ කවියේ වන ශාන්ත දාන්ත බව නොවේ. මස්ඉඹුල ගේ කවියේ වන ඇස් බොඳ කරන සුළු අවිහිංසක බව ද එහි නොවේ. ටිමා ගේ කවිතාව හා සමාන්තරව දිවෙන්නේ නමුත් බන්දුජීව ගේ කවිය සරාගී නැත. (බන්

"අපි ජය ගනිමු!"

Image
බේකරියෙ කට්ටිය සමග කලාකරුවන් සමාජ ක්‍රියාකාරිකයන් එක්වීම අප්‍රේල් හිරු තාපයේ උණුසුම මැද ජනතා කෝපය ඇවිළ ගියේ පාලක රාජපක්ෂ පවුල මෙන්ම ඔවුන්ගේ අන්තේවාසිකයන් ජනතාවගේ අභියෝගයට ලක් කරමිනි. ගාලු‍ මුවදොර පිටිය වෙත ඒකරාශි වූ'තරුණ ප්‍රජාවකගෙන් ආරම්භ වූ විරෝධය, පොදු ජනයාගේ අරගල බිමක් ස්ථාපනය කරනු ලැබිණි. මේ එම විරෝධතා බිමෙහි සීමාවන් ඉක්මවමින් කලා සංස්කෘතික අරගලයක නිරතවන කලාකරුවන්ය. ජෙහාන් ශ්‍රීකාන්ත, සුජිත් රත්නායක, අජිත් කුමාරසිරි, මිහිරි ප්‍රියංගනී යාපා ඇතුළු දීර්ඝ නාමාවලියක් මෙන්ම කලා සංස්කෘතික අවකාශයක් ලෙස ගතානුගතිකත්වයට හා මානව පීඩනයට එරෙහිව කැරලි ගැසූ බේකරියෙ කට්ටිය ආදීහු එහිදී මූලිකත්වය දුන්හ.  සුජිත් රත්නායක: අරගල බිමේ දායකත්වය මේ ලියන මොහොත වන විට ඒ පූර්වාදර්ශයන් ගෙන තරුණ කලාකරුවෝ අරගල බිමේ සිට පිටත සමාජයට ස්වකීය නිර්මාණාත්මක ශ්‍රමය හෙළමින් ජන අරගලය තවදුරටත් සක්‍රිය කරමින් සිටිති. රට පුරා ඇවිළ යන විරෝධතා බිම් තුළ සංස්කෘතික අරගලයක පෙරගමන්කරුවන් ලෙස ඔවුන්ටද කාර්යභාරයක් පැවරී ඇත. සහෘදයිනි, මේ අරගලයේ අවසන් අරමුණු වෙත ගෙන යන්නට සමත් දේශපාලන වටපිටාවක් නිර්මාණය කරගත යුතුව ඇත. එය සාමුහික ක්‍