Posts

Showing posts from January, 2022

Song Zone : ආච්චිට හාල් ගරන නිසා....

Image
පද - කුමාර හෙට්ටිආරච්චි ගායනය හා තනුව - ඉන්දිකා උපමාලි සංගීතය - ළහිරු ද කොස්තා අද දවසේ සිංහල බෞද්ධ ලාංකිකයා ගත කරන ජීවිතය සින්දුවකින් කියන්නෙ කොහොමද? අපිට හිතෙන්නෙ ඒක මේ වෙලාවෙ කරන්න බැරි, එහෙම නැත්නම් කරන්න අමාරුම වැඩවලින් එකක්. කුමාර හෙට්ටිආරච්චි, ඒ බැරි වැඬේ කරන්න බර උත්සාහයක් දීලා තියෙනවා කියලා තමයි අපට මුලින්ම මේ සින්දුව ගැන කියන්න තියෙන්නෙ. හෙට්ටිආරච්චි ඒ වැඩේ කරන්න පාවිච්චි කරන්නෙ සිංහල ජනකතා, ප‍්‍රස්ථාව පිරුළු වගේ ජාතික සංකේත ටිකක්. හැබැයි ජාතික උපමා කතාවලට නව අර්ථකථන ලබා දෙන ලාබ සිල්ලර වැඩේ නෙවෙයි ගීත රචකයා මේ කරන්නෙ. ඒ වෙනුවට ගීත රචකයා අපට පෙන්වන්නෙ සන්නිවේදන අවශ්‍යතා විතරක් ඉටු කරගන්න තියෙන භාෂාවකින් සමාජයක් ශිෂ්ට කරන්න බෑ කියලා. එහෙම නැත්නම් ඒ වගේ භාෂාවකින් සමාජයක් වඩා සුසාධිත, විනයගත, ආලෝකවත්, සුසමාදර්ශී තත්වයකට පත් කරන්න බෑ කියලා. ජනකතා උපදේශ කතා, උපදේශ කාව්‍ය වගේම ප‍්‍රස්ථාව පිරුළුවලින් අපට කොයි තරම් හරි වැරදි දේවල් වෙන් කරලා දීලා තියෙනවද? ‘ආච්චිට හාල් ගැරීමේ’ සිට ‘වැද්දන්ගෙන් බණ ඇසීම’ හොඳ නැති දේවල් කොයි තරම්ද? ඒත් සින්දුව කියන කථක ස්ත‍්‍රිය කියන්නෙ හැම නොකටයුත්තම දැන්

නටඹුන් නූතනත්වයක තතු...

Image
(උපුල් සේනාධීරිගේ පළ කළ ‘ගොම්මන කුසුම් උයනක’ කාව්‍ය එකතුව ගැන සටහනක්) නූතනත්වය යනු සබුද්ධිකත්වයයි. (වෙබර්) නූතනත්වය යනු නාගරික ජීවිතය හා මූල්‍ය ආර්ථිකයයි. (සිමෙල්) නූතනත්වයහි කාල නිර්ණය වශයෙන් ගතහොත් එය 18 වැනි සියවසේ ප‍්‍රබුද්ධ ව්‍යාපාරයෙන් හා ප‍්‍රංශ විප්ලවයෙන් ඇරඹෙයි. උපුල් සේනාධීරිගේ කවියාගේ නවතම කාව්‍ය සංග‍්‍රහය වන, ‘ගොම්මන කුසුම් උයනක’ කෘතිය කියවීමට නූතනත්වය පිළිබඳව යම් එළඹුමක් අවශ්‍ය බව අපි විශ්වාස කරමු. උක්ත උපුටා ගැනීම ඒ වෙනුවෙනි. එයින් අදහස් වන්නේ උක්ත කෘතිය නූතනත්වය හරය කරගත් කෘතියක් බවද? නැත. ඒ වෙනුවට අප කියන්නෙ, එය නූතනත්වයේ අභාවය පිළිබඳව වන පශ්චාත්තාපයක් බවයි. සිංහල කාව්‍ය ක්ෂෙත‍්‍රයේ බහුලව හමුවන ග‍්‍රාමීය කෘෂි සමාජය අහිමිවීමේ පශ්චාත්තාපයෙන් එය පැහැදිලි වෙනසකි. එය එකම නටඹුන් නගරය කි. සැමතැනම දැකිය හැක්කේ නූතනත්වයේ උරුමයන් වන නාගරිකත්වය හා මානව සබදතා, සමානාත්මතාවය නටබුන් ව ගොස් ඇති ආකාරයයි. ඒ පිළිබඳ කවියාගේ පශ්චාත්තාපයයි. නැතිනම් විරෝධය යි. ඒ නටබුන් නගරය මැදින් වඩාත් නිවැරැුදි ව කිවහොත් ඒ නටබුන් තුළින් මතුවන පසුනූතන සමාජයේ මූලාංකුරද එහි වෙයි. බලන්න මේ උදුරා  ගැනීම්.... චිම

අල්බොරාදා - කලා අවකාශයේ තාරකාවක් ව්‍යවච්ෙඡ්දනය කිරීම

Image
1904 චිලියේ පරාල් නගරයේ උපන් රිකාඩෝ බැසෝ අල්වෝගේ පියා දුම්රිය කම්කරුවෙකි. ගුරුවරියක් වූ මව, ඔහුගේ ඉපදීමත් සමග මිය ගියාය. වයස අවුරුදු 10-13 කාලයේ ලිපි හා කවි ලිවීම ඇරඹු රිකාඩෝ වයස අවුරුදු විස්සේ දී තම උපතින් ලද නම වෙනුවට පැබ්ලෝ නෙරුදා යන නමින් තමන් හඳුන්වා ගන්නට යෙදුනි. දහනවවන සියවසේ දී චෙකොස්ලොවැකියාවේ කවියෙක් මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ‘ජැක් නෙරුඩා’ නම් මාක්ස්වාදීන් නිර්මාණකරුවාගේ නිර්මාණ තමන්ට තදින්ම බලපෑම හේතුවෙන් ඔහුගේ නම භාවිතා කරමින්, පැබ්ලෝ නෙරුදා යන ලේඛක නාමය සකස් කරගෙන තිබිණි. ‘විසිවන සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම කවියා පැබ්ලෝ නෙරුදා ය.’  ගේබි‍්‍රයල් ගාර්ෂියා මාර්කේස් කවිය යනු භාෂාව තුළින් අර්ථ සැපයීමය. භාෂාව වචන අපූර්වත්වයෙන් යුතුව ගැලපීම සහ ඒ තුළින් පේ‍්‍රමය ශෘංගාරය වේදනාව ජීවිතය පිළිබඳ හැගීම්බර අර්ථ සැපයීම යි. නෙරුඩා යනු මේ සියළුම හැගීම් කවියට මුසු කළ කවියාය.  සිය තරුණ වියේදීම තානාපති සේවයට සම්බන්ධ වන නෙරුදාට 1929 දී ලංකාවේ චිලී කොන්සල්වරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. 1945 චිලී කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව 1947දී සෙනෙට් සභිකයෙකු ලෙස ද සේවය කරයි. 1948 එහි ඔහුව අත්අඩංගුවට ග