Posts

Showing posts from October, 2022

අර්ථයක් සොයමින් වැළපෙන නීතිය 'Article 15'

Image
සමානාත්මතාවය විවිධ ස්වරූපයන්ගෙන් වසර දහස් ගණනාවක් පුරා මානව ශිෂ්ටාචාරයේ සෑම අස්සක මුල්ලකම පැවති දහස් සංඛ්‍යාත අරගලයන්ගේ පදනමයි. දහස් ගණනක්ගේ ලෙයින් තෙත් වී දහස් ගණනක් ජයග‍්‍රහණ දහස් ගණනක් පරාජයන් හමුවේ ඉදිරියට ඇදුනු අරගලයක්. සියලූ වෙනස්වීම් මැද අදද විවිධ ස්වරූපයන්ගෙන් සමානාත්මතාව වෙනුවෙන් වූ අරගලය ඉදිරියට ඇදෙයි. ඉරාන කාන්තාවන් තම කෙස් වැටිය කපා දමිමින් බුර්කා පුලූස්සමින් සිදුකරන්නේද, ඇමරිකාවේ ජෝජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහි අරගලය, ලංකාවේ සංක‍්‍රාන්ති ලිංගික ප‍්‍රජාවන්ගේ සමානාත්මතාව වෙනුවෙන් වන අරගලය ආදී දහසකුත් අරගල මේ මොහොතේද ජීවමානය. කුලය, ආගම, ජාතිය, ලිංගිකත්වය ආදී ලෙස වෙනස්කොට සැලකීමට පදනම් වන කරුණු රාශියකි. ඇතැම් රටක නිවසින් එළියට බැසීමට හෝ අවම අයිතියක් ලබාගැනීම වෙනුවෙන් දිවෙන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගලය වඩා දියුණු සාමාජයක ඉන් බොහෝ ඉදිරියට ගිය අයිතිවාසිකම් වෙනුවෙන් දියත්වෙයි. කෙසේ නමුත් අරගලය සෑම විටම ජීවමානව පැවතෙයි. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සදහා වෙනම වගන්තීන් තුළින් ඒවා සුරක්ෂිත කොට ඇත. නමුත් සත්‍ය ලෙසම ව්‍යවස්ථාවක් වැනි ලියවිලිවල එවැනි සුන්දර වැකි

' මාවතේ අපි '

Image
ගායනය/සංගීතය/පද - ක්ලැරන්ස් විජේවර්ධන ක්ලැරන්ස් කියන්නෙ අද පවා සෑහෙන ජනප‍්‍රියත්වයක් හිමි කර ගෙන තියෙන ගායකයෙක් කියලා අපි දන්නවා. සිංහල පොප් සංගීතය සම්බන්ධයෙන් ක්ලැරන්ස්ගෙ මැදිහත් වීම අදටත් සෑහෙන දුරට වලංගු යි. තව ම කොල්ලො කෙල්ලො ක්ලැරන්ස්ගෙ සින්දු මුමුණනවා. පරණ ක්ලැරන්ස් ලෝලියො තව ම ඉන්නවා. හැබැයි අපි අද කතා කරන්නෙ බොහෝ ක්ලැරන්ස්වාදීන් පවා අහලා නැති එච්චර ප‍්‍රසිද්ධ වෙච්චෙ නැති සින්දුවක් ගැන.  ‘මාවතේ අපි’ කියන්නෙ ආර්.පේ‍්‍රමදාස ජනාධිපති ‘වීදියේ සි`ගමන් යදින මිනිසුන්ගෙ ජීවිත නගා සිටුවන්න’ කියලා පටන් ගත්තු ව්‍යාපාරයක්. වීදියේ කලාකරුවන් එකතු කරලා ඒගොල්ලන්ගෙ දක්ෂතා ලෝකෙට පෙන්නලා එතනින් ඒ අයට වෙන මාවතක් හරි ගස්සලා දෙන එක තමයි ව්‍යාපෘතියෙ අරමුණ වුණේ. එල්පින්ස්ටන් රංගශාලාවෙ ප‍්‍රසංගයක් සංවිධානය කරලා රටේ ප‍්‍රසිද්ධ සංගීත ශිල්පීන් ගෙන්නලා ඒ අය ඉදිරියේ සින්දු කියලා නටලා තමන්ගෙ හැකියාවන් ප‍්‍රදර්ශනය කරන්න මේකෙන් වීදි කලාකරුවන්ට අවස්ථාවක් ලැබුණා.  අරමුණ පැත්තෙන් බැලූවම මේක නරක යි කියලා කියන්න බෑ. වීදි කලාකරුවන් බිහි වන සමාජ ක‍්‍රමය අහෝසි කරනවා වගේ වැඩ අපිට කවදාවත් පේ‍්‍රමදාසලා අතින් සිද්ධ වෙයි කි

සමකාලීන ඉතිහාසය පිළිබඳ ස්ත‍්‍රී පර්යාවලෝකනයක් - 'නාරි සූත‍්‍ර'

Image
කවිය පිළිබඳ සාම්ප‍්‍රදායික නිර්වචනය, මතවාදය, ගොඩනැගෙගෙ එහි දෘෂ්ටිමය පක්ෂය හා සෞන්දර්යාත්මක පක්ෂය වෙන් කරමිනි. පැරණි සංස්කෘත විචාරයේ ‘රසය ආත්මය කොට ගත් වැකිය කවියයි’ යනුවෙන් පවසන විට ඇත්තේද මේ කවියේ අන්තර්ගතය හා ආකෘතිය වෙන් කිරීමේ ප‍්‍රවේශයයි. ආකෘතිය, දෘෂ්ටිය වැනි කාරණාවලට සාපේක්ෂ ස්වාධීනත්වයක් ඇති බව බැහැර කළ නොහැකි වුවද අවසාන විග‍්‍රහයේදී ‘සෞන්දර්ය යනුම දෘෂ්ටිය බව’ට තර්කයක් ගොඩනැ`ගිය හැක. සැබෑ නව්‍යකරණය වූ කවිය යනු, ආකෘතික පක්ෂයේ පමණක් නොව, දෘෂ්ටිමය පක්ෂයේද නව්‍යකරණයක් වන්නේ එහෙයිනි. කවිය පිළිබ`ද මේ සිතා බැලීමට අපව පොළඹවන ලද්දේ, මුද්‍රණයෙන් පිටවී ම`ද කලක් ගත වුවද අවශ්‍ය තරම් අවධානයට ලක් නොවී යැයි සිතෙන කවි පොතක් විසිනි. (මහාචාර්ය ලියනගේ අමරකීර්ති කෘතිය පිළිබ`ද කියැවීමක් රාවය පුවත්පතේ මීට ටික කලකට පෙර සිදුකර තිබිණි.) එම කාව්‍ය කෘතිය 2021 නොවැම්බර් මස පළවූ අනුරාධා නිල්මිණිගේ ‘නාරී සූත‍්‍රය’ කෘතියයි. අනුරාධාගේම නාමකරණය අනුව යන්නේ නම්, නාරි සුත‍්‍රය යනු කාව්‍යාලේඛයකි. ඇය ආලේඛ තනනුයේ ඉතිහාසයේ, භූ තලය මත සැබැවින්ම ජීවත් වූ ස්ත‍්‍රීන් 16 දෙනකු පිළිබඳවය. චිත‍්‍ර කලාවේදී පවා ‘ආලේඛ ගොඩනැගීමක්’