Posts

Showing posts from January, 2024

වීරත්වයේත් දුෂ්ටත්වයේත් කතාව - The Railway Men

Image
අප ජීවත්වෙන වෙළඳපල ධනවාදී සමාජය විස්තර කරන්න භාවිත වන ප්‍රසිද්ධ නිදසුනක්, ‘අවි ආයුධ අලෙවිය වෙනුවෙන් යුද්ධ නිර්මාණය කරන අතර ඖෂධ අලෙවිය වෙනුවෙන් ලෙඩරෝග නිර්මාණය කරනවා’ යන්න.  බොහෝ කර්මාන්ත හිමියන් අපගේ කලාපයට පැමිණීමට ප්‍රධාන හේතුවක් වන්නේ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා ලිහිල් නීති රීතීන්ය. අපගේ කලාපය පුරාම මේ සම්බන්ධයෙන් ඇති තරම් උදාහරණ ඇති නමුත් ඉංදියාවේ බෝපාල් ඛේදවාචකය ඒ අතරින් ඛේදනීයම වන්නේ එය මානව ඉතිහාසයේ එදා මෙදා තුල සිදුවූ දරුණුම කාර්මික අනතුර වන බැවනි. අදාල කර්මාන්ත ශාලාව අසළ පිහිටි දිළිඳු පැල්පත් නිවාස කොළණියේ මිනිසුන් සියල්ල මරණය වෙත ගෙන ගිය මෙම අනතුරින් ආසන්න වශයෙන් 15,000ක පමණ පිරිසක් මරණයට පත්විය. Railway Men මෙම ඛේදවාචකයේ ස්වාභාවයත් මිනිසුන් ඊට මුහුණ දුන් අකාරයත් පිළිබිඹු කරන කෙටි රූපවාහිනී කතා මාලාවකි. Jagmohan Kumawat බෝපාල් නගරයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි. ඔහු Union Carbide India Ltd කර්මාන්ත ශාලාවෙන් ප්‍රදේශයට ඇති අනතුර පිළිබඳ සිය පුවත්පත මගින් දිගින් දිගට කරුණු අනාවරණය කරයි. නමුත් තමන් පවසන කරුණු තහවුරු කිරීමට විශ්වාසදායක සාක්ෂියක් ඔහුට මෙතෙක් හමු වී නොමැත. එම ආය

රාමා - සීතා හරහා සමකාලීන පවුල කියවීමක් - "සුපර්ණකා"

Image
කංචුකා ධර්මසිරිගේ නිර්මාණයක් වන සුපර්ණකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර විය. සුපර්ණකාගේ චරිතය නිරූපණය කළ උමා අසෙනි හොඳම නිළිය ලෙස  සම්මාන ලැබූ අතර ජානකීගේ චරිතයට පණ පෙවූ ගීතා අලහකෝන් හොඳම සහය නිළිය සඳහා නිර්දේශ විය. අප මෙවර ‘රළ’ අතිරේකයේ ඉඩකඩ සුපර්ණකා වෙනුවෙන් වෙන් කරන්නේ එය රාජ්‍ය සම්මාන ලැබූ නිසා නොවේ. නාට්‍යයේ නිර්මාපක කංචුකා, මීට පෙර හොඳම පරිවර්තිත නාට්‍ය පිටපතට හිමි රාජ්‍ය සම්මානය ප්‍රතික්ෂේප කළ නිර්මාණකාරියක වන නිසාද නොවේ.  අප සුපර්ණකා කෙරෙහි අවධානය යොමු කරන්නේ එය සමකාලීන පවුලේ අර්බුදය සහ ස්ත්‍රී - පුරුෂ සමාජභාවයන්ගේ අර්බුදය පිළිබඳ සංවාද තේමාවක් අප ඉදිරියේ විවෘත කරන බැවිනි. ‘සුපර්ණකා’ නරඹන පළමු ඇසිල්ලේ එය කාලයක් තිස්සේ කලාකෘතිවල ඇති තරම් කතා කළ පුරුෂාධිපත්‍යය සහ ස්ත්‍රී පීඩනය පිළිබඳ සම්ප්‍රදායික ස්ත්‍රීවාදී කතිකාවක් ලෙස පෙනී යා හැකි නමුදු කෘතිය විසින් විවර කරන අවකාශය ඊට වඩා බෙහෙවින් විශාලය. මේ කුඩා උත්සාහය එම අවකාශය වෙත රළ පාඨකයා ප්‍රවේශ කිරීම උදෙසාය.  නාට්‍යයට පදනම් වන්නේ රාමායනය, ජානකීහරණය ආදී විශිෂ්ට කලාකෘතිවලට පදනම් වූ රාමා - සීතා - රාවණා පිළිබඳ පුරාවෘත්තයයි. ර

විප්ලවය පසුපස පිහියා දුසිමක්!

Image
  සියවසකට පසු ලෙනින් - ඔහුගේ කලා විචාර දෘෂ්ටිය පිළිබඳ ඉඟියක්.... 1924 ජනවාරි 21 වැනිදා ව්ලැදිමීර් ඉලීච් උල්යානොව්, එනම්, ලෙනින් අභාවයට පත් විය. මේ ජනවාරි 24 වැනිදාට ඔහුගේ මරණයෙන් සියවසක් ඉකුත් වේ. ලෙනින්ගේ සමස්ත භූමිකාව පැරණි, පසුගාමී රුසියාව නූතන ලෝකයට කැඳවීමේ සමාජ පරිවර්තනයකට පණ පෙවීමේ පුරෝගාමී කාර්යය ලෙස ඇගයෙන අතර ‘රළ‘ අතිරේකය ලෙස අප මෙහි උත්සාහ කරන්නේ ලෙනින් කලාව පිළිබඳ දැක්වූ අදහස් සමාලෝචනය කරන්නටය. 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයට පසුව, විප්ලවය නිසාම කලාවට, කලාකරුවන්ට හා රුසියානු කලාගාරවල ඇති කලා කෘතිවලට මහත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාව ඇති බවටත් විනාශයක් වෙමින් පවතින බවටත් විවේචන එවකට යුරෝපය මුල් කර ගත් ධනපති ප්‍රචාරක මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. නමුත් ඇත්ත තත්වය වූයේ පූර්ව විප්ලව රුසියාවේ කලාව හා සාහිත්‍ය ආරක්ෂා කරන්නටත් ඒ ඇසුරු කරමින් ‘අනාගත ලෝකයේ  සංස්කෘතිය පෝෂණය කරන්නටත්’ රුසියානු කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දුන් බවය.   අප මෙහිදී උපුටා දක්වන්නේ සුචරිත ගම්ලත් විසින් ලියා පළ කළ ‘බොල්ෂෙවික්වාදය හා සාහිත්‍යකලා‘ කෘතියෙනි.  “විප්ලවය මෙතෙක් බන්ධන අඩස්සියේ සිරි වී'සිටි සියලු‍ම බ