Posts

Showing posts from April, 2020

'දුරස්ව' එහෙත් 'එකට' - සේයාරුවක කතාව

Image
ෂිරින් රවුහානි (Shirin Rouhani) නම් මේ වෛද්‍යවරිය ඉරානයේ Shohada රෝහලේ සේවය කළ වෛද්‍යවරියක්. ඇය එම රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයට වෛරසය ආසාදනය වුණා. නමුත් රෝගී වීම නිසා විවේක ගැනීමේ හැකියාවක් ඇයට තිබුණේ නෑ. ඇය සේවය කළ රෝහලේ කාර්යමණ්ඩල හිඟය නිසා රෝගී වුවත් දිගටම සේවා සැපයීමට ඇය තීරණය කළා. තමන්ගේ අතේ සේලයින් බෝතලය එල්ලාගෙන, බෙහෙත් ඒ සේලයින් බෝතලයට එන්නත් කරගෙන ඇය තමන්ගේ අවසන් හුස්ම දක්වා තම සේවය රෝගීන්ට ලබා දුන්නා. ධනවාදය යටතේ පටු පුද්ගලවාදය උත්කර්ෂයට නංවද්දී, සියල්ල ආත්මාර්ථකාමී ගණන් බැලීම නම් අයිස් වතුරේ ගිල්වද්දී අපට අපේ ජීවිත ධනවාදය පරාජය කර සමාජවාදයගොඩ නැගීමට වෙන් කරන්නේ සාමූහික සමාජයක් ගොඩනැගීම සඳහාවන පදනම් ඉතිරිව ඇති බව වෛද්‍ය ෂිරින් වගේ තවත් සිය දහස් ගණනක් දෙනා සිය ජීවිත තුළින් ඔප්පු කරන නිසා. සිරුරෙන් මීටර් දෙකක් ඈත්වී වුවත් සමාජයක් ලෙස එකට පොර බදන ජීවනාදර්ශයන් අපට ඉරානයේත්, ලංකාවේත්, ලෝකයේ හැම තැනමත් හිඟ නැති නිසා.

'මන්ටො - ඉන්දියානු උපමහද්වීපික ලේඛකයාණෝ" කෘතිය ගැන හැදින්වීමක්

Image
අප රළ‘හි බොහෝවිට සාකච්ඡා  කරනුයේ යම් කිසි කලාකෘතියක් එසේත් නැත්නම් සාහිත්‍ය කෘතියක් පිළිබදවය. එහෙත් සාහිත්‍ය කලා විචාර කෘතියක් අපගේ සාකච්ඡුාවට බදුන් කරගත් අවස්ථාද නැතුවාම නොවේ. උදාහරණයකට අපි නදික ගුරුගේ සංගීතවේදියාගේ ක්ලැරන්සියානු පොප් සංගීතය කෘතිය සාකච්ඡුාවට ගත්තේ එය ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවේදියා පිළිබද පමණක් නොව, ‘සිංහල පොප් සංගීතය’ පිළිබද නදීක ගුරුගේ සංගීතවේදියා විසින් සිදුකළ බරපතළ කතිකාමය මැදිහත්වීමක් වන බැවිනි. මෙවර ‘රළ’ කලාපයෙන්ද අප සාකච්ඡාවට ලක් කරනුයේ සාහිත්‍යවේදියකු පිළිබද විචාරාත්මක කෘතියකි. ඒ එරික් ඉලයප්ආරච්චි විසින් රචනා කළ 'මන්ටො- ඉන්දියානු උපමහද්වික ලේඛකයාණෝ" කෘතියයි. සදාත් හුසේන් මන්ටො නම් ඉන්දු පකිස්ථාන ලේඛකයා, කෙටිකතාකරුවා, සිංහල පාඨක සමාජයට හඳුන්වාදෙන පළමු අවස්ථාව වන්නේද එරික්ගේ මෙම කෘතියයි. එරික් ඉලයප්ආරච්චි, සිය ‘මන්ටො‘ කෘතිය තුළින් කලාව හා දේශපාලනය ඉන්දු උපමහද්වීපික මට්ටමින් කියවා ගන්නට ගන්නා උත්සාහයත් ජනතාවාදයකට නොවැටුණු විප්ලවීය කලාවක පැවැත්ම පිළිබද අසල්වැසි ඉන්දු පාකිස්තාන සාහිත්‍යයෙන් ගෙන හැර දක්වන සාධකත් ජාතිවාදයට එරෙහිව මහද්වීපික පදනම

කොරෝනා කාලයේ සේයාරුවක කතාවක්!

Image
මාර්තු 24 වැනිදා පූගොඩදී ඡායාරූප මාධ්‍යවේදියකුගේ අවධානයට ලක්වූ මේ දසුනින් කියැවෙන්නේ, කොරෝනා වසංගතය තුළ සාමාන්‍ය ජනයා ඇද වැටී ඇති තත්වය ගැන කතාවකි. වොෂින්ටනයේ සිට මෙල්බර්න් දක්වා ප‍්‍රධාන නගරවල කෝවිඩ් 19 භීතිකාවෙන් ඇලලූණු නාගරික මැදපන්තිකයන් සුපිරි වෙළඳසැල් හිස් කරමින් එදිනෙදා පාරිභෝගික ද‍්‍රව්‍ය නිවෙස්වල ගොඩග සා ගනිද්දී එදාවේල හරිහම්බ කරගත් මිනිසුන්ට යාන්තම් වේලක් යැපෙන්නටද නොහැකි විය. මැතිවරණ කාලයක් නිසා ලංකාවේ ආණ්ඩුව කෝවිඩ් ව්‍යසනය මැද ඡන්ද ගරානාවක් දියත් කරමින් සහන ව්‍යාපෘති ආරම්භ කළද ඒවා කිසිසේත් පර්යන්ත ගම් නියම්ගම්වල හුදෙකලා වූ මිනිසුන්ට පලක් නොවීය. නම නොදන්නා මිනිසුන් දහස් ගණනක් ස්වෙච්ඡාවෙන් ඒකරාශිව පුද්ගල හා සමූහ වශයෙන් සහන සේවා සැලසීමට ගත් ව්‍යායාමයද අමතක කළ නොහැකිය. පූගොඩ නගරයේ ගිනි මද්දහනේ හාල් උරයක් රැගෙන යන මේ වැඩිහිටි කාන්තාව පමණක් නොව ලක්ෂ ගණනක් අව වරප‍්‍රසාදිත ජනයා ලංකාවේදී අසරණභාවයට පත් වූ අතර ලෝකයේදී එම සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම් විය. වසංගත පැමිණ ජනගහණයෙන් දැවැන්ත සංඛ්‍යාවක් මරණය තෙක් පිසදා හරින්නේ අද ඊයේ නොවේ. සෑම වසංගතයක් අවසානයේදීම මියයනවුන් සංඛ්‍යාව පි

"ඇවිලෙනසුළු ජීවිතය!" - චින්තන ධර්මදාසගේ ‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටය ගැන කියැවීමක්

Image
චින්තන ධර්මදාස නිර්මාණය කළ‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටයේ දර්ශනය නරඹන්න අවස්ථාවක් ලැබුණා. චින්තන පැවසු විදියට මේ චිත‍්‍රපටය 2015දී නිර්මාණය කළ එකක්. පොදුවේ ලංකාවේ සිනමාවට උරුම දෝෂ ගණනාවක් නිසා අනෙකුත් බොහෝ චිත‍්‍රපට වගේම ‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටයේ මංගල දර්ශනය පවත්වන්න වුණේ වසර පහක් ප‍්‍රමාදවෙලා. අපි කොළඹ රීගල් සිනමාහලේ සවස 6.30ට එහි මංගල දර්ශනය නරඹා පැමිණි දිනට පසුදින උදෑසන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් සිනමා ශාලා ඇතුළු පොදු විනෝද කටයුතු ස්ථාන වසා දැමුවා. ඒ නිසා වසර පහකට පසු පේ‍්‍රක්ෂකයන් ඉදිරියට පැමිණි ‘ඇවිලෙනසුළුයි‘ තවමත් නරඹන්නට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබුණේ නෑ. කොහොම නමුත් ප‍්‍රමාදවී හෝ එය නරඹන ඔබ වෙනුවෙන් ඒ සඳහා යම් ප‍්‍රවේශයක් ගන්න අපි උත්සාහ කරනවා. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශ්‍යාම් ප‍්‍රනාන්දු සහ සමනලී ෆොන්සේකා. ප‍්‍රියන්ත සිරිකුමාර, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර ආදීන් අතුරු චරිත රඟපානවා. මේ චිත‍්‍රපටය ප‍්‍රධානචරිත නිවසින් පිටත්ව මාර්ගයක ගමන්කරන ආකෘතිය සහිත  Road Movie සිනමාවේ ලක්ෂණත්, කාලය සහ අවකාශය පිලිබඳ රේඛීය දැක්මෙන් විතැන්වන Thriller Movie හෝ  

"සරාගයේ "

Image
අද දවසේ පේ‍්‍රමය පිළිබඳ අදහස් දක්වමින් ඇලන් බදියු මෙහෙම කියනවා. "එක් අතකින් ඔබට හැකියි පරිසමාප්තියේ සියලූ ආස්වාදයන් හඹා යා හැකි කිසියම් අයුරක මැනැවින් සැලසුම් කරන ද විවාහයක් ලබා ගැනීමට. අනෙක් අතින් ඔබ අනුරාගය නොතකන්නේ නම්, ඔබට අත්කර ගත හැකියි ප‍්‍රහර්ෂයෙන් පිරුණු විනෝදකාමී ලිංගික සබඳකම්. මේ දෘෂ්ටිකෝණයෙන් බලන කල මට ඇත්තටම හිතෙනවා අද දවසේ ලෝකය තුළ පේ‍්‍රමය මේ ගැටළුවට, මේ විෂම චක‍්‍රයට හසු වී තිබෙන බව." මේ හේතුවෙන් පේ‍්‍රමය පවතින්නේ අවදානමක බවත් එය රැකගැනීම අද දවසේ දර්ශනයේ මෙන්ම සාහිත්‍ය - කලා ව්‍යාපෘතීන්ගේ ද දේශපාලන ව්‍යාපෘතින්ගේද කාර්යයක් බවත් පෙන්වා දෙන බදියු පේ‍්‍රමය ආයු කාලයට සාපේක්ෂව සදාකාලික වන්නක් බව පවසයි. එහෙත් සැබෑ පේ‍්‍රමය ගතානුගතික විවාහ සංස්ථාවකින් හෝ විනෝදකාමී ලිංගික සබඳකම් තුළ සෙවීම ගැටයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. මනුරංග විජේසේකර විසින් රචනා කරන ලද සනුක වික‍්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන ‘සරාගයේ’ ගීතය මගින් සංවාදයට බඳුන් වෙන්නෙ මෙන්න මේ ආශ්චර්යජනක විනෝදකාමී ලිංගික සබඳකම් මගින් පේ‍්‍රමය සෙවූ නූතන නාගරික තරුණයකුගේ ආත්මීය හිඩැස් ගැන. උදෑසන අවදිවන විට තමා සම