Posts

Showing posts from July, 2021

දිව්‍යලෝකයට අතු විහිදන්න නම් අපාය දක්වා මුල් විහිදිය යුතුය!

Image
(Money Heist ටෙලි මාලා නාටකය පිළිබද සටහනක්) 2018 වසරේ ලොව පුරා වැඩි ම පේ‍්‍රක්ෂක පිරිසක් නැරඹූ ඉංග‍්‍රීසි නො වන ටෙලි වෘතාන්ත මාලාව ලෙස සැලකෙන La Casa del Papel (ස්පාඤ්ඤ)  Álex Pina  නිර්මාණයකි. තවමත් සම්පූර්ණයෙන් අවසන්ව නැති මෙහි 5 වන කතා මාලාව නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ 2021 අපේ‍්‍රල් මාසයේ ය. මේ සඳහා නිමිති කර ගෙන ඇත්තේ ඍදහ්ක ඵසබඑ දෙ ීච්සබ සහ ඊ්බන දෙ ීච්සබ නමැති මුල්‍ය ආයතන දෙක මංකොල්ල කෑම සම්බන්ධ ලොමුදැහැගන්වන සිද්ධි මාලාවකි. haaretz.com වෙබ් අඩවිය වෙත ලිපියක් සම්පාදනය කරන Adrian Hennigan මෙසේ පවසයි. "If you make only one viewing choice among all your food decisions today, add “La Casa de Papal” to your Netflix list. It’ll steal your heart, guaranteed." 'Money Heist ඔබගේ හදවත සහ සති අන්තය සොරාගනු ඇත.’ මේ ඔහු මේ ලිපිය සඳහා යෙදූ සිරස්තලය යි. මෙතරම් ආකර්ෂණයක් දිනාගන්නට මේ  ක්‍රසපැ ගනයේ කතා මාලාව සමත් වූයේ ඇයි? ඒ් පිටුපස පවතින සමාජ, ආර්ථික, දේශපාලනික හේතු මෙන්ම මනෝවිද්‍යාත්මක සාධක හඳුනා ගැනීමට උත්සාහ දැරීම සමාජ විමුක්තිය පිළිබඳ කතිකාව මෙන් ම භාවිතාවද පෝෂණය කිරීමට හේතු