Posts

Showing posts from June, 2019

ශක්තික සත්කුමාර සිරගත කිරීම - නිර්මාණකරණයේ නිදහස ආරක්ෂා කරනු!

Image
'අර්ධ‘ නමින් කෙටි ප‍්‍රබන්ධයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අවස්ථාවේ ප‍්‍රවීන ලේඛකයකු ලෙස එය ලියු ශක්තික සත්කුමාර එය මේ තරම් අපරාධයක් වශයෙන් සලකනු ලබතැයි සිතන්නට නැත. මේ වනවිට කවිය, කෙටිකතාව, නවකතාව පමණක් නොව විචාර කලාවේ යම් ප‍්‍රවීනත්වයක් ලබා සිටින ශක්තික, සාහිත්‍ය ඇසුර ලබන්නට උත්සුක වන පාසල්වල හා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මග පෙන්වන කෘති ගණනාවක කතුවරයෙකි. එය එසේ වූ පමණින් සියල්ල සරල සුගම ලෙස සිදු නොවන බව ශක්තික මෙන්ම අපිද දනිමු. ශක්තිකට දැන් සිදුව ඇත්තේ සිපිරිගෙදර සිට තමන් ලියු නිර්මාණය පිළිබද පශ්චාත්තාපයෙන් බලා සිටින්නට යැයි කිවහොත් එය අර්ධ සත්‍යයකි. එක් අතකින් යම් නිර්මාණයක් බිහිකරන ලේඛකයකු එය පරදුවට තබන්නට එකග වන්නේ නැත. අනෙක් අතින් යම් නිර්මාණයක් කළ පමණින් ලේඛකයකු බිහිසුණු අපරාධකරුවකු ලෙස සළකා සිරගත කරන්නේ නම් එවැනි සමාජයක නිර්මාණකරණයක් හෝ සාහිත්‍ය කලාවේ ප‍්‍රගමනයක් අපේක්ෂා කළ නොහැකිය. පොල්ගහවෙල පොලිසිය විසින් ලේඛකයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ආගමික ඇදහිල්ලට අගෞරව කරන ප‍්‍රකාශනයක් සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධ කරන්නට කටයුතු කළ බවට චෝදනා කරමින් නම් එහි යම් සාධාරණත්වයක් ඇත. එහෙත්

‘සතුටින්ම සිටින මිනිසුන්’ අතර හිඳ ‘භීතියෙන්ම ජීවත් වීම What Will People Say

Image
2017 වසරේ නිෂ්පාදනය වූ What Will People Say සිනමා පටය  ඉරාම් හක් නැමැති පකිස්තාන නෝවීජියානු තරුණ සිනමාකරුවා විසින් රචනා කරන ලදුව තමා විසින්ම අධ්‍යක්ෂණය කරන ලද්දකි. ඔහුගේ දෙවන සිනමා අත්දැකීම ලෙස හැඳින්විය හැකි මේ නිර්මාණය දකුණු ආසියා විදෙස් ශ‍්‍රමිකයන්ගේ ජීවන වෘතාන්තය ඇසුරෙන් ඔහු ලද පෞද්ගලික අනුභුතිකයක් මුල් කර ගනිමින් සිනමාවට නැගුවකි. පකිස්තානය අතැර අතිශය අපහසුවෙන් යුරෝපය ඇතුළු වී බටහිර දිග රාජ්‍යයන්ට සංක‍්‍රමණය වී එම රටවල දහදුක් විඳිමින් පහළ මැද පන්තික ජීවිතයක් ගත කරන පකිස්තාන පවුලක යොවුන් වියට එළඹි තරුණ දියණියක මුහුණ දෙන සංස්කෘතික ගැටුම චිත‍්‍රපටයට ප‍්‍රස්තුත වී තිබේ. ඒ අර්ථයෙන් මේ චිත‍්‍රපටය හුදෙක් පකිස්තානු පවුලකට සීමා කළ යුතු අත්දැකීමක් නොවන බවත් දකුණු ආසියානු කලාපයේ සිට විදේශ රාජ්‍යයන් වෙත සංක‍්‍රමණ වූ බොහෝ පවුල්වලට පොදු වූ ඛේදවාචකයක් බවත් පැවැසිය හැකිය. ආර්ථික අරමුණු වෙනුවෙන් තම මව් රාජ්‍යයේ දේශ සීමා ඉක්මවා යෑමට පසුබට නොවන මෙබදු පවුල්වලට සංස්කෘතිකමය වශයෙන් එම සීමා සමතික‍්‍රමනය කිරීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් මෙකී පවුල්  හා එම පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන මානසික හා අධ්‍ය