Posts

Showing posts from November, 2018

විමුක්ති දේශපාලනයේ උගුරේ හිරවෙන මාළු කටු!

Image
ඓතිහාසිකකරණය හා ඓතිහාසික භෞතිකවාදය අතර වෙනස නම්, ඓතිහාසිකකරණය යනු පැවතියා යැයි, සිදු වුණා යැයි, උපකල්පනය කරන සිද්ධි දාමයක අනුපිළවෙළ සකස් කිරීමකි. ඊට ප‍්‍රතිපක්ෂව ඓතිහාසික භෞතිකවාදය යනු පවත්නා ද්‍රව්‍යමය ජීවන කොන්දේසි ඉහත උපකල්පන සමග මුහුණට මුහුණ අභිමුඛ කර, පවත්නා භෞතික ජීවන කොන්දේසි හරහා උක්ත අනුපිළිවෙළ විසංයෝජනය කිරීමයි. ලංකාව නමැති ජාතික රාජ්‍යයේ, පසුගිය ආසන්න අවුරුදු 40 දෙස ඓතිහාසිකකරණය නොවූ, ඓතිහාසික භෞතිකවාදී ඇසකින් බලන්නට උත්සාහ කළ නව කතාවක් පසුගිය සැප්තැම්බරයේ නිකුත් විය. එහිදීද ලංකාවෙ නූතන වාම ව්‍යාපාරය වෙත නවකතාව තබා ඇති බර හේතු කොට ගෙනම ඒ පිළිබඳ මෙවර ‘රළ‘ කලාපයේදී සාකච්ඡුාවක් කරගැනීමට අපි තීරණය කළෙමු. එකී නවකතාව නම්, ‘රතුපලස’ නවකතාවයි. නවකතාවේ කතුවරයා එරික් ඉලයප්ආරච්චිය. එරික්ගේ නවකතාව එක මත එක අතිපිහිතවන තේමාත්මක මානයන් කිහිපයකින්ම සමන්විත වේ. එක් අතකින් එය 1964න් පසු ලාංකීය වාම ව්‍යාපාරයේ සංස්කෘතික, සංවිධාන සීමා දෙස එල්ල කරන ආලෝකයකි. තවත් අතකින් එය එහි ජාතිකවාදී සීමාවන් වෙත එල්ල කරන ආලෝකයකි. තවත් අතකින් එය ලංකාවේ ජාතික ගැටලූව ලෙස අප විසින් හඳුනාගන්නා දෙමළ ජනයාගේ දේශපා