Posts

Showing posts from February, 2022

යථාර්තය හිස මත කඩාවැටෙන තුරු - Don’t Look Up

Image
වසංගතය හා ආර්ථික අර්බුදය සංකීර්ණවන මේ දවස්වල මෙරට සිදුවන බොහෝ දේ ප‍්‍රහසනයන් බවට පත්ව ඇත. රාතී‍්‍ර ප‍්‍රවෘත්ති විකාශය විකට චිත‍්‍රපටයක් නරඹනවා මෙන් සිනහ වෙමින් නැරඹිය හැක. නමුත් ඒ සිනහවන් පිටුපස ඇත්තේ ඛේදවාචකයකි. බලය සදහා පාලක ස්ථරයේ තරගය මාධ්‍යයන් හමුවේ නාටකීය ලෙස දිගහැරෙන අතර එම නාටකයන්ගේ පිටපත් රචනා කරන ධනපති පැලැන්තියේ ලාභය සඳහා වූ තරගය සීතල යුද්ධයක් මෙන් මේ සියල්ල පසුපසින් දිවයයි. රට සංවර්ධනය කිරීම, දුප්පත්කම දුරලීම ආදී අලංකාර තේමා පාඨ ප‍්‍රදර්ශනය කළද මේ සියල්ල පිටුපස නැවත නැවතත් දිවයන්නේ එකම අරමුණකි, තේමාවකි. එයනම් ලාභයයි.  ගංවතුරක්, සුනාමියක් හෝ වසංගතයක් වැනි ව්‍යසනයක්වුව ඔවුන්ගේ ලාභ ඉපැයීමේ ව්‍යාපෘතීන්ට බාධාවක් නොවෙයි. පසුගිය වසංගත සමයෙහි මෙරට මිනිසුන් ආදායම් අහිමිව ජීවිත ඛේදවාචක බවට පත්වන පසුබිමක මෙරට ප‍්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් රාශියක් සිය ව්‍යාපාර ඉතිහාසයේ ඉහළම ලාභ ලැබූ වසර බවට පසුගිය වසර පත් විය. එතැනින් නොනැවත වසංගතය සමාජය බිලි ගන්නා මොහොතක දැවැන්ත සමාගම් එන්නත්, ඇන්ටිජන් කට්ටල ආදියෙන්ද ඉහළ ලාභ ඉපැයීය. එය අපගේ කලාපයට එන විට දූෂිත දේශපාලන යාන්ත‍්‍රණයන් තුල කොමිස් හා අනෙකුත්

Song Zone- දගර ගැහෙන සිතිවිලි කඳු

Image
ගායනය / සංගීතය / පද රචනය අමිල සඳරුවන් ලංකාවේ අධිපති ධාරාවේ සංගීතඥයන් විතරක් නෙවෙයි, විකල්ප ධාරාවේ සංගීතඥයන් පවා සැළකිලිමත් නොවන ඉතා වැදගත් කාරණයක් තමයි, ‘ශාබ්දික දේශපාලනය’(Audio Politics) කියන එක. සොබාදහමේ නියමයන්ට හැරුණම අද දවසේ අපට අහන්න සිද්ධ වෙලා තියෙන ශබ්ද නිෂ්පාදනය කරන මූලාශ‍්‍ර දිහා බැළුවම අපට මේක නිකන්ම තේරෙනවා. උදේ පාන්දරට උඩ ගිහිල්ලා විසිවෙලා ඇහැරෙන බෙර වාදන හා පිරිත් සද්ද. නැගිටපු වෙලේ ඉඳලා ඇහෙන හෝන් සද්ද, පැය බාගෙට දෙපාරක්වත් ඇහෙන ඇම්බියුලන්ස් හෝන් සද්ද, හවසට යන චූන් පාන් සද්ද, ?ට දිගටම අහන් ඉන්න වෙලා තියෙන මෙගා ටෙලි සද්ද කියන මේ ඒ හැම සද්දෙකටම අදාළ බල සම්බන්ධතාවක් තියෙනවා. ඒ ගැව සවිඤාඤාණක සංගීතඥයෙක් තමන් නිපදවන ශබ්දවලට වගකීම් සහගත වෙනවා. අමිල සඳරුවන් (ජෝන් සීනා* ගෙ ‘ද`ගර ගැහෙන සිතිවිලි කඳු’ කියන අලූත් සින්දුව ඇහුවම ඌ එහෙම සංගීතඥයෙක් කියලා අපට හිතුණා. අමිල මේ සින්දුවට පාවිච්චි කරලා තියෙන්නෙ පහතරට බලි තොවිල් නාද මාලා. ඒ අතරිනුත් යක්ෂ කන්නලව් පැත්තට අමිල වැඩි බරක් තියලා තියෙනවා. පහතරට බෙරයයි උඩැක්කියයි ගෙජ්ජි සද්දෙයි එක්ක ගිටාරය මේ සින්දුවෙදි සෑහෙන වැඩ කොටසක් කරනවා. හැබැයි අම