Posts

Showing posts from January, 2019

‘ගිහින් එන්න කානිවල්’ - අපේ කාලයේ ජීවිතයේ කැඩපත් පිළිබිඹුවක් ලෙස

Image
නිර්මානකරුවන් විසින් බිහිකරන කලා නිර්මාණ අප පෙර නොඇසූ සිදුවීම් මත නිර්මිත ඒවා නොවන නමුත් ඒවා අප වෙත ගෙන එන කලාත්මක ආකාරය විසින් අපව ආනන්දයට අමන්දානන්දයට පත් කරයි. එසේම කලා නිර්මාණයක් ඇසුරු කිරීමෙන් අප ලබන සංතුෂ්ටිය හෝ කම්පනය එකී සිදුවීම්වලට අපට ඇති ඥාතිත්වය, සමීපතාව අනුව වෙනස්විය හැකිය. මේ සමීපකම හුදු මිනිස් සංවේදනයක් නොවේ. එක් අතකින් කලාව, නිර්මාණාත්මක කාර්යයන් මිනිසාගේ පැවැත්මේම කොටසකි. කලා නිර්මාණ ඇසුර, ඒවා ඇසුරින් ජීවිත අවබෝධය ලැබීම විසින් නැවත කලාත්මක සංවේදිතාවක් ජනනය කරන මාවතකි. මේ පූර්විකාව සමග අප පිවිසෙන්නේ සුමුදු නිරාගි සෙනෙවිරත්න විසින් ලියනු ලැබ පසුගිය සැප්තැම්බරයේ සාහිත්‍ය සම්මානද ලැබූ කෙටිකතා සංග‍්‍රහය පිළිබද සටහන් කරන්නටය. රාජ්ය සාහිත්‍ය සම්මාන  උලෙලේදීත් පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සම්මාන උලෙලේදීත් ‘ගිහින් එන්න කානිවල්’ කෘතිය හොඳම ස්වතන්ත‍්‍ර කෙටිකතා සංග‍්‍රහයට හිමි සම්මාන දිනා ගත්තේය. එම හේතුව විසින් සාහිත්‍ය සමාජයේ අවධානයට පාත‍්‍ර වූ නමුත් ‘ගිහින් එන්න කානිවල්’ අළලා මේ සටහන ලියන්නේ එකී කෙටිකතා එකතුවේ එන කෙටිකතා කිහිපයක සමාජ සංස්කෘතික අදාළත්වය