Posts

Showing posts from October, 2020

සාස්තර

Image
  ගායනය හා සංගීතය - තරිඳු දම්සර පද රචනය - රුහුණුකෙත ධම්මදේව සිංහල සාහිත්‍ය කලා ව්‍යාපෘතිය තුළ අන්ධ බින්දුව බවට වතු කම්කරු ප‍්‍රජාව පත්ව ඇතැයි ප‍්‍රකාශ කළේ පරාක‍්‍රම කොඩිතුවක්කු කවියාය. ‘දෙවියන්ගේ මිනිසුන්’ බඳු කාව්‍ය සංග‍්‍රහයකින් ඔහු ඒ ජනයාට සංග‍්‍රහ කළේය. එහෙත් ඒ තරම්වත් අවධානයට පාත‍්‍ර නොවූ කොට්ඨාසයක් ලස අහිකුණ්ඨක ජනයා දෙස හැරී බැලීමට මේ ගීතය අප පොලඹවයි. එයම මේ  ගීතය පිළිබඳ සංවාදයක් ඇවිළවීමට තරම් හේතුවක් වෙයි.  අප දිව යන තරම් වේගයෙන් දිව යෑමට සමත් නොවූ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් වෙත පද රචකයාගේ ඇස නතර වේ. එවිට රචක හිමි දකිනුයේ තැන්මං හන්දියක නතර වී සිටින සාස්තර කියන ගැහැනියකි. අප මෙන් නොව, ඇය යන අත තීරණය කරගැනීමට නොහැකිව ‘හෝ දහය විස්ස තිහ ගැන ගැන’ සිටී. අප නම් කිසිදු තාවරවීමකින් තොරව යා යුතු අත තීරණය කළ තැනැත්තෝ වෙමු. ධනවාදය යෝජනා කළ ඒ මාවත අපට තරම් ඉක්මනින් තෝරාගැනීමට ඔවුහු අසමත් වූහ.  ‘ඔවුන් සහ අප’ යන ද්විභේදනය (binary) අපගේ විචාරයේදී අප සිතාමතා භාවිතකරන උපක‍්‍රමයකි. මේ ගීතය අපට ඒ ද්විභේදනය මතුකර පෙන්වයි. අපගේම ජාතික රාජ්‍යයට අයත් නිශ්චිත භූමියෙහි ජීවත්වුවද ‘ඔවුන්’ සහ ‘අප’ අතර වෙනසක

‘සූස්ති’ ජිවිතයේ out of focus රූපයක්!

Image
අසමත් රාජ්‍යයක out of focus  ජීවිතයක්’. ඒ තේමා පාඨය රැුගෙන සිනමාහල්වල ප‍්‍රදර්ශනය වූ කුෂාන් වීරරත්නගේ ‘සූස්ති‘ චිත‍්‍රපටය සම්බන්ධ කතාබහ කරන්න අපි කල්පනා කරන්නෙ වත්මන් තාරුණ්‍යයේ පීඩාව සම්බන්ධ  සාකච්ඡා කරන්න උත්සාහ කිරීම නිසයි. කළණ ගුණසේකරගෙ පිටපතක ඔහුම ‘මාලක’ නමැති ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන මෙම චිත‍්‍රපටයේ ඇත්තටම ප‍්‍රධාන චරිතය ලෙස සැළකිය හැකිවන්නේ සමනලී ෆොන්සේකා නිරූපණය කරන ‘සූසා‘ ගේ චරිතයයි.  මේ චිත‍්‍රපටයෙ කතා පුවත කෙටියෙන් කිවහොත්, අපේ සාකච්ඡුාවට පහසුවක් වේවි. ‘සූසා’ මධ්‍යම පන්තික පවුලක එකම දියණිය. මව්පියන්ගෙ ඉලක්කයන් වෙනුවෙන් අපහරණයවීම ඇගේ පීඩාවයි. අකැමැති කෙනෙකු හා විවාහ වීමට බල කෙරුණු තත්වය යටතේ සූසා සියදිවි නසාගන්න සූදානම් වෙනවා. ඇය උස් ගොඩනැගිල්ලකින් පහළට පැනීමට සිතමින් විපිළිසර වෙමින් සිටියදී ‘මාලක‘ එතැන පෙනී සිටිනවා. ඔහු කියන්නෙ ”කොච්චර හිත හදාගත්තත් අන්තිම තප්පරේදි හිත ගැස්සෙනව. ඒත් තනියම බැරි උනත් දෙන්නෙක් එකතු උනොත් පුළුවන්. සතියක් ගිහිල්ල මෙතැනට ඇවිල්ලා මැරෙමු” කියලා. ඉන්පස්සෙ ඔවුන් හිතවත් වෙනවා. මිතුරන් ලෙස ලංකාවේ කල්පිත සංචාරයක යෙදෙමින් අත්කර ගන්නා අත්දැකීම් ප‍්‍රමා

යටත්වීම වෙනුවට...

Image
  අත් ඔසවා යටත්වීම හැර විකල්පයක් නැති වන්නේ අක‍්‍රිය මිනිසුන්ටය.   අපේ සමාජයට වසංගත නැතිවාට උපද්‍රව නම් බොහෝ තිබිණි. දැන් මේ වසංගතයද අප යටත් කිරීමේ දිශාවට ගමන් කරමින් තිබේ. දෙපයින් නැගී සිටි කාලයේ සිට මානව ශිෂ්ටාචාරයේ මුලූ ඉතිහාසය පුරාම මිනිසුන් එවැනි උපද්‍රවවලදී යටත් වූයේ නැත. දිවි දෙවැනි කොට ක‍්‍රියාත්මක වී මනුෂ්‍යත්වයට එරෙහි සියලූ උපද්‍රව පරාජය කළේ යටත්වීම වෙනුවට ක‍්‍රියාත්මක වීම තෝරාගත් මිනිසුන්මය. පුද්ගලයන් ලෙසත් සාමුහිකවත් මනුෂ්‍යත්වය අභිබවා යන සතුරු බලයන් පරාජය කිරීම, මිනිස් වර්ගයාගේ අභිමානවත් අපරාජිත ගමනේ රහස විය. පරාජිත මිනිසුන් ලෙස අපව පෙලන්නට අවශ්‍ය වන්නේ, ඒ සඳහා සැලසුම් සකස් කරන්නේ නියෝග, අණ පනත් නීති සම්පාදනය කරන්නේ දුෂ්ට පාලකයන්ය. හිස ඔසවා ඉදිරියට යන, මනස යොදවා විමසන, ගතින් සිතින් වෙහෙසව ජීවත්වන මිනිස් සමූහයකට, ඒ අපරාජිත මනුෂ්‍යත්වයට මුහුණ දෙන්නට අසමත් පාලකයන් වහා වහා සූදානම් වන්නේ බලහත්කාරයෙන් මිනිසුන් යටත් කරවා සිය පාලනය මුලූ වෙර යොදා ආරක්ෂා කරගැනීමට මිස උපද්‍රවයෙන් ගැලවිය හැකි ලෙස ජන සමූහයා ඔසවා තැබීමට නම් නොවේ. පාලකයන්ගේ සූත‍්‍රය වන්නේ එක් ආකාරයකින් නොහැකි නම් වෙනත් ආ

විඩාපත් මිනිස් හදගැස්ම කවියට නැඟීම ‘ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්’

Image
රෝහණ පොතුලියද්ද කවියාගේ ‘අහස හැඩි වී ඇත’ කෘතිය පළ වූයේ 2009 සැප්තැම්බරයේදීය. ඒ වනාහී උතුරේ දෙමළ සන්නද්ධ අරගලය මර්දනය කිරීමත් ඒහිදී ඇති වූ බිහිසුණු යුද්ධය අවසන් කිරීමෙන් පසුව දක්නට ලැබුණු සමාජ යථාර්ථයේ ප‍්‍රකාශනයකි. පරාජිතයා වුවද මිනිසකු ලෙස සැලකීමේ ඉතිහාසයක් මකා දමා  වියරු ම්ලේච්ඡු ජයග‍්‍රාහී ඝෝෂාවක් සමාජය තුළ දක්නට ලැබුණි. මිනිසකු මිය යාමෙන් මරණය නිසා ශෝකය පළකරන කම්පාවන මනුෂ්‍යත්වය සහිතව ගම්වල පැවති සංස්කෘතිය යුද සමයෙන් පසුව අතුරුදන්වී තිබුණි.  යුද සමයේ මනුෂ්‍යත්වය මුහුණ දුන් ඛේදවාචකය කොතරම්ද කිවහොත් පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට සොල්දාදුවන්ට මානෙල් පැලඳවීමෙන් හා බර අවි ප‍්‍රහාර ඉල්ලා සිටින තත්වයක් වාම දේශපාලනය තුළ දක්නට ලැබිණි. මේ මහා ඛේදවාචී ප‍්‍රවාහය තුළ පවා එයට එරෙහි, ඒ පරිහානිය විනිවිද දකින, දේශපාලන මතවාද, මනුෂ්‍ය  හැ`ගීම් දැල්වෙමින් තිබිණි. නිර්මාණකරුවෝ අතළොස්සක් වුවද ඒ මහා විනාශය හමුවේ කම්පනය ප‍්‍රකාශයට පත්කරමින් සිටියහ. වසර 30ක් ඇදී ගිය යුද්ධයෙන් පසුව, මනුෂ්‍යත්වය මුහුණ දුන් ඛේදවාචකය විසින් බිහි කළ මනුෂ්‍යත්වය සම්බන්ධ පරිහානිය, දේශපාලන ශුන්‍යත්වය සහ හෘදසාක්