Posts

Showing posts from September, 2023

ජීවිතය තවත් ටෝකන් පතක් නොවන්නට Thuramukhan

Image
මානව ශිෂ්ටාචාරය තුළ මිනිසා බොහෝ දේ අත්පත් කොටගෙන ඇත. එම සෑම ජයග්‍රහණයක් පිටුපසම පරම්පරා ගණනක මිනිසුන්ගේ ශ්‍රමය සැගවී ඇත. ඇතැම් අප මේ මොහොතේ නොසලකා හරින තරම් වූ සුලු‍ සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ඉතිහාසය තුළ මිනිසුන් සිය ජීවිත පවා කැපකල අවස්ථාවන් ඇතිතරම් අපට හමුවෙයි. මෙම ඇතැම් කැපකිරීම් වීර කාව්‍ය ලෙස අනාගත පරම්පරාවන්ගේ මතකයේ රැඳෙන නමුදු අද දවසේ අප අත්විදින අයිතීන් වෙනුවෙන් සිය ජීවිත පවා කැප කළ බොහොමයක් වීරයන්ගේ නමක් ගමක් හෝ අප නොදනියි. නමුත් ඒ නම් නොදන්නා වීරයන්ගේ ශ්‍රමයේ ඵලයන් අනාගත පරම්පරාවන් වෙත උරුම වෙයි. අතීතයක මිනිසුන්ගේ ශ්‍රමයේ ඵලයන් අද අප අත්විදිනවා මෙන්ම අද දවසේ අප හෙලන ශ්‍රමය මත අනාගත පරම්පරාවන්ගේ ජීවිත තීරණය වනු ඇත. එබැවින් එම පරම්පරාවන්ට වඩා යහපත් ලෝකයක් උරුම කර දීම සම්බන්ධයෙන්වූ මගහැර යා නොහැකි වගකීමක් අප හමුවේ ඇත. Chappa හෙවත් 'ටෝකන්' ක්‍රමය ඉන්දියාවේ වරායන් ආශ්‍රිතව පැවති සේවකයන් සේවයේ යෙදවීමේ ක්‍රමවේදයකි. මෙය 1930 දශකය ආරම්භයේ පමණ සිට ක්‍රියාත්මකවූ අතර කෝචි වරාය ආශ්‍රිතව මෙම ක්‍රමවේදය බොහෝ කාලයක් ඉතා දරුණුව ක්‍රියාත්මක විය. මෙහිදී වරායට පැමිණෙන නැව් වලින් භාණ්ඩ පැටව

ZD 8

Image
පද - කසුන් එදිරිසිංහ සංගීතය - චරිත අත්තලගේ ගායනය - චරිත අත්තලගේ ලංකාවෙ සින්දු ලියන අය යි කියන අය යි අහන අය යි ඒවා රසවිඳිනවා කියන අය යි මූලික වශයෙන් පැටලිලා ඉන්න උගුලක් තමයි සින්දුවෙ ඇත්ත අත්දැකීම මතු කර ගැනීමට දක්වන උනන්දුව. ඔය ඇත්ත අත්දැකීම උලු‍ප්පා යන එක තමයි අලු‍ත් ‘මල් සින්දුවල’ සාහිත්‍යය පැත්තෙ දකින්න ලැබෙන ලොකු ම අර්බුදය.  ‘ගී රසවින්දන’ කියන නාමකරණය යටතේ සින්දු විකුණගෙන කන පිරිසක් මේ වෙනකොට ලංකාවෙ ඉන්නවා. ඒ ගොල්ලො මේක බිස්නස් එකක් විදියට කරලා සල්ලි හම්බ කර ගන්න එක කෙසේ වෙතත් ලොකු ම ගැටලු‍ව වෙන්නෙ රසවින්දනය හෝ විචාරය කියන්නෙ විකුණගෙන කෑම කියන එක තහවුරු කිරීම. දෙපිට කැපෙන වචන, කුණුහරුප, සැඟවුණු රහස් හා සැබෑ අත්දැකීම හෙළි කිරීම වගේ දේවල්වලින් අසන්නන්ට ආතල් දෙන එක මිසක් ඒවායේ කිසි ම හරයක් තියෙන බවක් පේන්නෙ නෑ.  අද අපි කතා කරන්නෙ මෙන්න මේ වගේ අත්දැකීම උස්සලා තියන්න සමහරු මහන්සි වෙන සින්දුවක් ගැන. සමහරු කිව්වට මේ සින්දුවෙ නිර්මාතෘවරුනුත් එහෙම දේකට උත්සාහ කරන බව වීඩියෝව නැරඹුව ම තේරෙනවා. හැබැයි, ඇත්තට ම මේ සින්දුවෙ ඔය කියන අත්දැකීම කියන්නෙ නිකං ඡායාමාත්‍රයක් විතර යි. එහෙනං බලමු අපි එහෙම

'දෙවෙනි ඉනිම' සහ එදිරිමුනිලාගේ ගැටලුව

Image
පහත උපුටනයක් ලෙස පළ කෙරෙන්නේ ටෙලිනාට්‍ය පිටපත් රචකයකු ලෙස ජනප්‍රියත්වයක් ලබා සිටින සමන් එදිරිමුණි විසින් 2023 මැයි 28 දින තැබූ Facebook සටහනකි. ඔහු පළ කරන මේ අදහස සම්බන්ධයෙන් ‘රළ‘ අතිරේකයේ අප තබන සටහන පහතින් පළ කෙරේ. සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියේ පළ කළ අදහසක් මෙසේ නැවත උපුටා පළ කරන්නේද ඊට අදාළ අපගේ ප්‍රතිචාරය සටහන් කෙරෙන්නේද සමන් විසින් පළ කරන අදහස හුදු ඔහු පිළිබඳ ප්‍රශ්නයකට වඩා කලාව හා නිර්මාණකරණය වෙළඳපොළ ග්‍රහණයට හසුවීම පිළිබඳ කාරණයක් ලෙස සලකමිනි. වෙළඳපොලේදී අනන්‍යතාව  අහිමි කර ගැනීම මේ පළ වන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය පිටපත් රචකයෙකු වන සමන් එදිරිමුණි ෆෙස්බුක් සමාජ මාධ්‍යයේ පළ කළ අදහසකි. මෙය ධනවාදය තුළ කලාව වෙළඳ භාණ්ඩයක් වීම සහ සංස්කෘතික ක්ෂේත්‍රය තුළට ප්‍රාග්ධනය ඇතුළුවීම විසින් උද්ගතව ඇති අර්බුදයේ මනා ප්‍රකාශනයකි.  කලාව වෙළඳභාණ්ඩකරණය වීමත් සමග එහි සාරය අහිමි වන අතර එය තව දුරටත් කලාව නොව කලාවේ මායාමය ප්‍රතිරූපයක් පමණක් බවට පත්වේ. මේ ප්‍රකාශනයෙන් පැවසෙන පරිදි ටෙලිනාට්‍ය රචකයාට කතා පුවත, චරිතවල ගුණාංග සහ චරිත සංවර්ධනය පමණක් නොව, අවම වශයෙන් කතාව නතර කරන අවස්ථාව පවා තීරණය කළ නොහැක. රචකයා කතාව

අනාගතවාදී කවියකට පසුවදනක් - "බුදු වෙන්නවත් අත අරින් නෑ "

Image
ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න නොනවතින අභ්‍යාසයෙන් සිය කවිය මුවහත් කරගත් කවියෙකි. ඒ ඔහුගේ කවියේ අන්තර්ගතය පාර්ශෟවයෙන් මෙන්ම උපමාව හා රූපකය, භාෂාව හා විරිත පාර්ශ්වයෙනි. විශේෂයෙන්ම ඔහුගේ ‘කොලඹට කියන්නෙ බොරැල්ලට’ කාව්‍ය කෘතියේ සිට අපට මේ බව නිරීක්ෂණය කළ හැකිය. ඔහුගේ නවතම කාව්‍ය කෘතිය වන ‘බුදු වෙන්නවත් අත අරින් නෑ’ කෘතිය වනවිට, අප ඉහත නෙ හැර දැක්වූ අදහස ඔහුගේ කවිය සම්බන්ධයෙන් බොහෝ නිදර්ශන මාර්ගයෙන් සාධනය කරගත හැක. එබැවින් කෘතිය මුද්‍රණයෙන් පිටවීමට සාපේක්ෂව යම් ප්‍රමාදයක් සහිතව වුවද මෙවර ‘රළ’ කලාපය තුළ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු. ඔහුගේ කලින් කෘතිය වූ ‘කොළඹට කියන්නෙ බොරැල්ලට’ කෘතිය තුළදී මාත්‍රා අසමමිතික දීර්ඝ පාද සහිත කාව්‍ය පාද තුළින් පැන නැගුණු ඔහුගේ කවියේ රැඩිකල් සෞන්දර්යවේදී ගුණය මෙවර ඔහු කෙටි පාද සහිත කවි වලටද ඇතුළත් කරනු දැක ගත හැකිය. "තැන    තැන නැග    බැස හැම     තැන ඇවිදින මිතුරෙක් සිටී  මට බැංකු පසුකර හැරීවත් නොබලා ඇවිදින ඔව්.... ඒ නිසා ම ඇවිදින මිතුරෙක් සිටී මට" (පිටුව 43 - ඇවිදින මිතුරා) එහෙත් එය සිය කාව්‍ය භාවිතයේ හුදු ආකෘතික මාරුවක් කර නොගෙන, තම සමාජ දේශපාලන