Posts

Showing posts from June, 2026

කැන්වසයට පෙර කතාව: රෝම යුගය

Image
  මෙම ලිපි මාලාව යටතේ අප අවසාන වශයෙන් සාකච්ඡුා කළේ ග‍්‍රීක යුගයේ චිත‍්‍ර කලා ඉතිහාසය පිළිබඳව ය. එහි දී පුරාණෝක්තියට හා මිනිස් රූපයට හිමි වූ වැදගත්කම පිළිබඳවත් ඒ සඳහා බලපෑ දේශපාලන, සමාජ, ආර්ක සාධක හා දාර්ශනික පසුබිම පිළිබඳවත් පාඨකයාට ලබා දීමට අපි උත්සාහ කළෙමු. මෙවර අපගේ අවධානය  රෝම යුගයෙහි ගොඩනැ`ගුණු චිත‍්‍ර කලාව වෙත යොමු කරමු. රෝම යුගයේ චිත‍්‍ර කලාව බොහෝ විට මානව නිර්මාණශීලීත්වයේ උසස් ජයග‍්‍රහණයක් ලෙස අගය කෙරේ. බිත්ති සිතුවම්, මෝසෙයික් නිර්මාණ සහ අධිරාජ්‍ය නායකයන්ගේ රූපමය නිරූපණ, අද දක්වා ම කලා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන ලෙස සැලකීමට බලපා ඇති හේතු කිහිපයකි. ග‍්‍රීක කලාවේ බලපෑම යටතේ වර්ධනය වූ රෝම චිත‍්‍ර ශිල්පය, ස්වභාවිකත්වය (Naturalism), අවකාශය පිළිබඳ හැ`ගීම (Spatial Illusion) සහ දෘශ්‍ය යථාර්ථවාදය (Realism) ප‍්‍රකාශ කිරීමට රේඛාව හා වර්ණය දක්ෂ ලෙස භාවිත කිරීම ඒ අතරින් ප‍්‍රධානතම සාධකයකි. රෝම චිත‍්‍රවල රේඛාව බොහෝ විට දැඩි සීමාකාරී රේඛාවක් ලෙස නොව, ආකෘති ගොඩනැගීමට උපකාරී වන මෘදු සහ ස්වභාවික මාධ්‍යයක් ලෙස භාවිතා වී ඇත. විශේෂයෙන්ම පොම්පෙයි (Pompeii) සහ හර්කියුලේනියම් (Herculaneum) ප...

"මායා" මායාව වෙතද, යථාර්ථය වෙතද?

Image
  නදීක ගුරුගේ විසින් රචිත ‘මායා‘‍ නවකතාව පසුගියදා කොළඹදී එළිදැක්විණි. නදීක ගුරුගේ ප‍්‍රකටව ඇත්තේ සංගීතඥයකු හා ගායකයකු ලෙස මිස සාහිත්‍යකරුවෙකු - ලේඛකයෙකු ලෙස නොවේ. එනිසාම ඔහු විසින් නවකතාවක් රචනා කිරීම එක්තරා ආකාරයක විශේෂයකි.  ඔහුගේ විෂය සංගීතය වන නිසාත්, මීට පෙර ඔහු රචනා කළ සංගීත ක්ෂේත‍්‍රයට අයත් ග‍්‍රන්ථ වන ‘ක්ලැරන්සියානු පොප් සංගීතය’ සහ ‘ජෝති එනකං’‍ වැනි කෘති  ඉහළ භාෂා නිපුණතාවක් ප‍්‍රදර්ශනය කර ඇති නිසාත් ඔහුගේ සාහිත්‍ය ශෛලිය රිද්මයානුකූල හා සංගීතමය එකක් වනු ඇතැයි පාඨකයා අපේක්ෂා කිරීම සාධාරණ වේ. අර්නස්ට් හෙමිංවේ විසින් රචිත ‘මහල්ලා සහ මුහුද’ වැනි කෘතියක භාෂාවේ රිද්මය ලාලිත්‍යවත් ලෙස යොදා ඇති අතර, මුහුද සන්සුන්ව ඇති අවස්ථාවේ වාක්‍ය රටාවේ ඇති රිද්මයත්, මුහුද ප‍්‍රචණ්ඩ වන අවස්ථාවේ වාක්‍ය රටාවේ ඇති රිද්මයත් විශ්මයජනක ලෙස වෙනස් වන අතර එම වාක්‍ය රටා රිද්මය මුහුදේ ස්වභාවයට සමාන්තර වේ. ඒ අරුතින් එම කෘතිය සංගීතමය සාහිත්‍ය කෘතියක් ලෙස ගැනීම වරදක් නොවනු ඇත. නදීකගේ ‘මායා’‍ තුළ භාෂාවේ එවැනි රිද්මයක් නැත. එහෙත් එය සිංහල සාහිත්‍යයේ අලූ‍ත්ම අත්හදා බැලීමක් කරයි. ඒ සාහිත්‍යය සමග සංගීතය හ...

කලාභවනේ චිත‍්‍ර 42ක් ජෝර්ජ් කිට්ගේ චිත‍්‍ර දෙකක් අතුරුදන්!

Image
යම් රටක සංස්කෘතික ඉතිහාසයේ එම රටේ චිත‍්‍රවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. බොහෝ රටවල් සිය රටේ කලාකරුවන්ගේ පමණක් නොව විදේශීය කලාකරුවන්ගේ සිතුවම් පවා ජාතික උරුමයක් ලෙස ආරක්ෂා කරන්නේ එහෙයිනි. සිය රටට විදේශයකින් පැමිණියද, ලියනාඩෝ ඩාවින්චිගේ ‘මොනාලිසා’ සිතුවම ප‍්‍රංශය සලකන්නේ සිය රටේ ආඩම්බරය ලෙසිනි.  ඩාවින්චිගේම ‘අවසන් රාත‍්‍රී භෝජනය’ චිත‍්‍රය ඉතාලිය ආරක්ෂා කරන ආකාරය එය නැරඹු අය දනී. ලන්දේසි කලාකරු වින්සන්ට් වැන් ගෝ විසින් නිර්මිත ‘තරු පිරි අහස’ සිතුවම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර නවීන කලා කෞතුකාගාරයේ තබා ඇත්තේ ඉහළම ගෞරවය ලබා දෙමිනි. නමුත් ලංකාවේ ජනතාවගේ සංස්කෘතික උරුමයන් බඳු චිත‍්‍ර සම්බන්ධයෙන් අප සමාජයක් ලෙස කෙතරම් නොසැලකිලිමත්දැයි  වටහා ගැනීමට කලාභවනේ සිතුවම් 42කට සහ ජෝර්ජ් කීට්ගේ සිතුවම් දෙකකට අත්වූ ඉරණම දෙස බැලීම පමණක් වුව ප‍්‍රමාණවත් වේ. ලංකාවේ වටිනා ඓතිහාසික සිතුවම් ඇතුළු කලාකෘති ආරක්ෂා කරන කලාගාර  අතර ලංකාවේ ප‍්‍රථම, පැරණිතම සහ ප‍්‍රමුඛ කලාගාරය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ජාතික කලා භවනයි. එහි ඉතිහාසය සියවසක් පමණ ඈතට දිවයයි. ලංකාවේ ප‍්‍රමුඛ චිත‍්‍ර ශි...