Posts

Showing posts from November, 2021

ඡීවිතය සොයන මරණයේ ක්‍රීඩාව - Squid Game

Image
කොරියාව කියූ විට අපට එකිනෙකට වෙනස් රටවල් දෙකක් සිහි වේ. එකක් ‘උතුරු කොරියාව’යි. අත්තනෝමතික පාලනය, මිනිසුන් බඩගින්නේ සිටියදී න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන පාලනයක් සහිත ලෝකයෙන් විතැන් වූ රාජ්‍යයක්. අනෙක් රට ‘දකුණු කොරියාව’ කියූ සැනින් සිහියට නැගෙනුයේ ඊට හාත්පසින් ම වෙනස් වූ දියුණු රාජ්‍යයක හැඩහුරුකමයි. මේ වන විට ලංකාවේ තරුණ තරුණියන් රාශියකගේ සිහිනය වන්නේ කොරියාවේ රැකියාවකි. කොරියාවට පැනගත්තොත් ජීවිතේ ගොඩ දමා ගත හැකිය යන්න ඔවුන්ගේ පරම විශ්වාසයයි. එකී කොරියානු සිහිනය අප හමුවේ ඔසවා පොළොවේ ගසන හා එහි යථාර්ථයට අපව අභිමුඛ කරන රූපවාහිනී කතා මාලාවකි Squid Game. කොරියානු රූපවාහිනී කතා මාලා ඇතැම් කාලවල උමතුවක් වන තරමට ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂාගාරය තුළ ජනප්‍රිය විය. ඉතා සුකුමාල නළුවන් හා නිළියන් රඟන ප්‍රේමණීය ෆැන්ටසිමය ආකාරයේ කොරියාවේ සශ්‍රීකත්වයත් නිරූපිත ටෙලි කතා කොරියාව කියූ සැනින් මතකයට එන පමණට මෙරට ජනපි‍්‍රය විය. ඉන්දියානු ටෙලි කතා මෙන් ම ඒවා ද බොහෝ විට ධනවත් පවුල් වටා ගොඩනැඟුනු කතාය. අනෙක් අතින් ජනප්‍රිය වූයේ කොරියාවේ ඓතිහාසික කාල පරිච්ඡේද පදනම් කරගනිමින් ගොඩනැ`ගුනු කතා මාලාවන්ය. නමුත් මීට බාහ

චිනුවා අචිබි - මානවයකු වීමේ අබිරහස විනිවිද දුටු මනස

Image
  අප‍්‍රිකානු ලේඛක චිනුවා අචිබි මිය ගිය අවස්ථාවේ 'නදීන් ගෝඩිමර්' නමැති දකුණු අප‍්‍රිකානු ලේඛිකාව විසින් 'ලන්ඩන් ගාඩියන්' (London Guardian) පුවත්පතට ලියූ ලිපියේ අනුවාදය පහත පළ වේ. "චිනුවා අචිබි, සිය ප‍්‍රථම නවකතාවට  Things Fall Apart යන අපූරු නම සොයා ගත්තේ W.B.Yeats නමැති අයර්ලන්ත කවියාගේ වැකියකිනි. අචිබි උපන් නයිජීරියාවේ යටත් විජිත සමයත් ඉන් පසුව එළඹි සමයත් පිළිබඳ එම නවකතාවේ පුරෝකථනය නිවැරදිය. එය වූකලී නූතන අප‍්‍රිකානු සාහිත්‍යයක ආරම්භක නිර්මාණ කාර්යය විය. එසේම එය නයිජීරියානු ගමක උපන් අචිබි තමන් දැනගත් සාම්ප‍්‍රදායික ප‍්‍රකාශන මාදිලියෙන් ද යටත් විජිත ක‍්‍රමයෙන්, විශේෂයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන්, අප‍්‍රිකානු විඥානය ගවේෂණය කිරීමට ගත් පළමු උත්සාහය ද විය. එම පළමු කෘතිය, අචිබිගේ පසුකාලීන කෘති දක්වා ඔහු සතු නිර්මාණ ශක්තීන් වර්ධනය කරවීමට තුඩු දුන්නා පමණක් නොව, අප‍්‍රිකානු ජනතාවගේ ජීවිතය හැඩගැස්වූ නැගිටීම්වලට ද එය ශක්තියක් විය. ඔහුගේ රටේ ඛේදජනක සිවිල් යුද්ධය ඇවිලෙන කාලය තුළ අචිබි එය අත්දකිමින් ජීවත් විය. ඒ තුළ ලේඛකයකු ලෙස ක‍්‍රියාකාරී වීමෙන් දේශපාලන බලය හමුවේ තම ජීවිතය ද අනතු

ගලන්නේ ගඟ මිස ජීවිතය නොවේ!

Image
  'ත‍්‍රිවේණි සංගමම්' කාව්‍ය සංග‍්‍රහයේ පසු කවරයේ ලා ධනුෂ්කා නිෂාදි කුලරත්න කිවිඳිය මෙබඳු සඳහනක් කරන්නීය. "බටහිර හිමාලයේ ගංගෝත‍්‍රී ග්ලැසියරයේ සිට ගලන ගංගා නම් ගංගාවත්, යමුනෝත‍්‍රී ග්ලැසියරයේ සිට ගලා එන යමුනාවත් හමුවන තැන 'අදිසි' සරස්වතී ගංගාවේ ආගමනයෙන් අසිරිමත් 'ත‍්‍රිවේණි සංගමම්' බිහිවේ." ඇය ලියන්නේ භෙෘතික ලෝකයේ කොතැන හෝ දකින්නට ලැබෙන භූ රූපයක් පිළිබ`ද ය. අප සොයන්නේ එය නොවේ. භෞතික රූපයක් රූපකයක් ලෙස ක‍්‍රියාකාරී වන විට ඇයට මුණගැසෙන ලෝකය මොනතරම් අසිරිමත් ද යන්නය.  ඇගේ කාව්‍ය ව්‍යාපාරයෙහි ලා 'අසිරිමත්' යන වචනයට ඇත්තේ අප දන්නා ගතානුගතික අර්ථ ධ්වනිය නොවේ. ධනුෂ්කා කෘතිය අරඹන්නේ ශුෂ්ක ව‍්‍රතය නමැති පැදියෙනි. "සඳක් නම් සාවුනුත් තුරුල් කරගෙන කුඹුක්කන් ඔයටම පනින්නට තිබුණා අනිත්තේ වග තුග කියාගෙන කුමන උයනෙන්-මැරුණු ඉර මහ මුහුදෙ ගිලූණා වසන්තෙදි ලූණුගලින් බැහැගෙන රැළි නගා පාඩුවේ ගැලූවා මොනර, කොරවක්, කණ කෙකිණි ඇස් කලාපේ නැති තෙතින් බැලූවා ශුෂ්ක වූ පේ‍්‍රමයක පාමුල තිත් පොළොං දළ වැදී තිබුණා එදා නුඹ බිම වැටී හුන් තැන දූට ගත් හැඩ අකුරු තිබුණා" ශුෂ්ක

"රතු එළි"

Image
  පද රචනය - මනුරංග විජේසේකර සංගීතය   - නිමන්ත කලූආරච්චි ගායනය - උමාරියා සිංහවංශ ලංකාවේ සින්දුවල ගැහැනු කටහ`ඩවලින් ඇත්ත ගැහැනු අර්බුද ගැන කතා කරනවා ඇහෙන්නෙ අඩුවෙන්. ඒ අතින් ගත්තම ලංකාවෙ සිංහල කවිය සිංහල සින්දුවට වඩා සෑහෙන්න ඉදිරියෙන් කියලා කියන්න පුළුවන්. ඒකට ප‍්‍රධාන හේතුව සිංහල කවිය නියෝජනය කරමින් ලියන්නියන් බොහෝ දෙනෙක් ක්ෂේත‍්‍රයට පැමිණීම වෙන්න පුළුවන්. ඒ තරමට සිංහල සින්දුවට ලියන්නියන් ඇතුළු වෙලා නෑ. මෙන්න මේ වගේ පසුබිමකදි තමයි අපට උමාරියා ගයන ‘රතු එළි’ කියන සින්දුව අහන්න  ලැබෙන්නෙ. හැබැයි ඒකත් ලියලා තියෙන්නෙ ලියන්නෙක්. ලියන්නෙක් වුණාට මනුරංගට පුළුවන් වෙනවා සින්දුවෙදි ගැහැනු ශරීරය කියවනවා වෙනුවට ගැහැනු ආත්මය කියවන්න. පහුගිය කාලයේ ජනප‍්‍රිය වෙච්ච සමහර සින්දු එක්ක බලද්දි ක‍්‍රිෂ්ණා සොබ්ති Krishna Sobthi වගේ විචාරිකාවක් ගැහැනු ගැන පිරිමින් ලියන දේවලින් පෙනී යන්නෙ ගැහැනිය සිටින තැන නොව ඇය සිටින තැන ගැන සිතන පිරිමින් සිටින තැනයි කියලා මතුකරන නිරීක්ෂණය මනුරංගට නම් එච්චර අදාළවන බව පෙනෙන්නෙ නෑ. සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථයකින් මේ සින්දුව දිහා බලන කෙනෙකුට පෞද්ගලික දේපළ එක්ක බැඳිලා බිහිවෙච්ච පවු